source:

මේ ඡායාරූපය පළ කරනුයේ බලවත් සංවේගයෙනි. මේ ලොරි රථයේ පසුපස කඹයකින් බැඳ රැඟෙන යන්නේ බුද්ධ ප්‍රතිමාවකි. කොළඹ ජනාකීර්ණ ප්‍රදේශයක් වූ තර්ස්ටන් විද්‍යාලය ඉදිරිපිටින් ඉකුත් 13 දා එම ලොරි රථය ධාවනය කරමින් තිබියදී එය ‘සිළුමිණ’ කැමරා කාචයේ සටහන් විය. ගෞරවයට වන්දනාමානයට පාත්‍ර වන බුද්ධ ප්‍රතිමාවක් ඊට නිසි ගෞරවයත් හා ආගමික වත් පිළිවෙත් අනුව වැඩම කරවීම පිළිගත් සිරිත වන මුත් මේ පුද්ගලයන් ප්‍රතිමාව ගෙන යන්නේ සිමෙන්ති, උළු, ගඩොල් ආදී භාණ්ඩ ප්‍රවාහන ගෙන යන ආකාරයෙනි. වගකිව යුත්තන්ගේ නෙත් පෑදේවා.

ඡායාරූපය – සුදම් ගුණසිංහ

Protected by Security by CleanTalk