රජීව් ඝාතනයට දිල්ලියත් බලා සිටියා

චතුර පමුණුව
source:
රජිව් ගාන්ධි 1991 මැයි 21 වැනිදා ශ්‍රී පෙරුම්බුදුර්හිදී ඝාතනය කිරීමට නොහැකි වූවා නම් දිල්ලියේදී ඝාතනය කිරීම සඳහා සූදානමක්‌ තිබූ බව හෙළිව තිබේ.

රජිව් ඝාතන මෙහෙයුම ක්‍රියාත්මක කළ සිරිනිවාසන්ගේ දින පොතෙන් හෙළිවූ කරුණු අනුව මෙම දිල්ලි කුමන්ත්‍රණය ගැන අනාවරණය වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එල්. ටී. ටී. ඊ. බුද්ධි අංශ නායක පොට්‌ටු අම්මාන් සමග සිරිනිවාසන්ගේ කෙළින්ම සම්බන්ධයක්‌ තිබී ඇත.

එම නිසාම ඔහු දිල්ලියේ ආරක්‍ෂිත නිවහනක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත.

දිල්ලියේදී රජිව් ගාන්ධි ඝාතනය කිරීම සඳහා 17 හැවිරිදි සෝනියා නමැති මරාගෙන මැරෙන බෝම්බකාරියක්‌ ඔවුන් තෝරාගෙන තිබිණි.

Protected by Security by CleanTalk