Spread the News

අකුරැස්‌සේ ධර්මාරාම විහාරයේ
විහාරාධිපති හිමිගේ ඝාතනයට සැකපිට අයෙක්‌ අත්අඩංගුවට

සමන් උපුල් පිනිදිය –

අයි. වී තාරුකා අතුරලිය

අකුරැස්‌ස මාරඹ ඉලුක්‌වත්ත ශ්‍රී ධර්මාරාම විහාරස්‌ථානයේ විහාරාධිපති හිමිපාණන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට විහාරස්‌ථානය අසල පදිංචි පුද්ගලයකු ප්‍රශ්න කිරීම සඳහා 12 දින අකුරැස්‌ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

11 වැනි දින උදෑසන එම විහාරස්‌ථානයට දානය අරන් පැමිණි උපාසිකාවක්‌ විහාරාධිපති හිමියෝ නොමැති බව ප්‍රධාන දායක මහතාට දැනුම් දීමෙන් පසු ඒ බව පොලිසියටද දැනුම්දී පොලිසිය කළ පරීක්‍ෂාවකදි විහාරස්‌ථානයේ මුළුතැන්ගෙයි තිබී උන්වහන්සේගේ දේහය හමු වී ඇත.

10 වැනිදා රාත්‍රියේ මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට සැකකරන අතර ඝාතනයට යොදා ගන්නා ලද පොල්ලක්‌ද (මුගුරක්‌) පොලිසිය මගින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ස්‌වාමීන් වහන්සේ සතුව තිබී සොයා ගන්නා ලද ජංගම දුරකථන දෙකක්‌ සැකකරු ළඟ තිබි සොයාගෙන ඇත.

අකුරැස්‌ස සහකාර පොලිස්‌ අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස්‌ පරිදි අකුරැස්‌ස වැ. බ. පොලිස්‌ ස්‌ථානාධිපති පො. ප. ඉෂාන්, අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පො. ප. සුදසිංහ, උ. පො.ප. ජිනසිරි, උ.පො.ප. ප්‍රේමරත්න, උ. පො. ප. රණතුංග, පො. සැ. සොයිසා, පො.සැ. පියනන්ද යන නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති. සැකකරු 13 වැනිදා මාතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.