ජාතිකත්වය සහ ආගමිකත්වය අහෝසි කිරීමට යාම නිසා සිදුවන දීර්ග කාලීන අනිටු විපාක !
වවැලි ගොඩක් සහ බොරළු ගොඩක් ඇත යයි සිතමු. මේ දෙක වෙන වෙනම ගොඩවල් වශයෙන් තිබෙනතාක් කල් ඔබට ඒවා වෙන් වශයෙන් හඳුනාගත හැකිය. මේ දෙක වෙන් වෙන් වශයෙන් තිබෙන තාක් කල් එකිනෙකාගේ අනන්‍යතාවන් ගැන භාහිර පුද්ගලයකුට දැකගැනීමට හැකිය.
හොඳයි ! මේ දෙක එකට කවලම් කරා යයි සිතමු !
ප්‍රශ්නයක් අහන්නද ?
කවලම් කිරීමකින් වැඩිපුර අහෝසිවන්නේ වැලිගොඩේ අනන්‍යතාවද නැතිනම් බොරළුගොඩේ අනන්‍යතාවද ?
වැලිගොඩේ අනන්‍යතාව එවිට බොරළුගොඩේ අනන්‍යතාවෙන් වැසියයි.
හේතුව ?
වැලි වනාහි කුඩා අන්ශුන්ය. බොරළු සාපේක්ෂව විශාල කැබලිය. මේ දෙක කවලම් වීමේදී අහෝසිවන්නේ වැලි හි අනන්‍යතාවයයි.
ඒ නිසා වැලි හි අනන්‍යතාව වැලි ලෙසම රැකෙන්නේ එය අමිශ්රිතව වැලි වශයෙන්ම තිබීමෙන් පමණි. හේතුව එය කුඩා අංශුන්ගෙන් සමන්විත වීම නිසාය.
අපිද ලෝකය සාපේක්ෂව ඉතා කුඩා ජාතියකි. පතාකයෝ අප හතරවටේටම සිටි. ඔවුනගේ නියෝජිතයෝද මෙහි ලැගුම් ගෙන සිටිති. අපි මෙබිම ඉන්නේ ඔවුනගේ බලපෑම් යටතේය. අපි පමණක් මෙහි සිටිනවානම් ප්‍රශ්නයක් නැත. එනම් වැලි පමණක් තිබෙනවා නම් ප්‍රශ්නයක් නැත. හතරවටේ ඉන්නා වූ පතාකයෝ හා සමපාත වන අප උන්ගේ යයි නතරම සිතන ජනප්රජාවන් මෙහි ලැගුම් ගෙන සිටිති. එනම් බොරළු මෙහි ලැගුම් ගෙන සිටිති. ඔවුන්ගේ කියුම් කෙරුම් තමන් හා සබැඳි , තමාට ලෙන්ගතු එම භාහිර බලවේග හා සමපාතය. එම නිසා සිංහල ජාතිකත්වය දේශපාලන අඤාණත්වයෙන් වසා දැමීමට යාම දැඩි අනුවණ කමකි. සිංහල ජාතිකත්වය අනාගමික අතකොළුවෙන් ගසා විනාශ කිරීමට යාම පරම අඤාණ කමකි.
බෞද්ධ ආගමිකත්වය අරභයා කිව යුත්තේත් මේ ටිකමය.
මෙපමණ කලක් රාජ්‍යත්වය අන්‍යයකුට නොගියේ එදා මිනිසුන් සතුව තිබු ජාතිකත්වය සහ ආගමිකත්වය පිලිබඳ වූ හැඟීම නිසාය. ජාතිකත්වය පිලිබඳ වූ හැඟීම පමණක් නොව ආගමිකත්වය පිලිබඳ වූ හැඟීමක් එවකට තිබු බැවින් රාජ්‍යත්වය බෞද්ධයෙකුගෙන් පිටතට නොඑලඹුණි. නමුත් අති දීර්ඝ වූ කලක් සිංහල බෞද්ධ රාජ්‍යත්වය වැනසී විදේශිකයන්ට බැලමෙහෙවර කිරීමට සිදු වූ හෙයින් වර්තමානයේදී රාජ්‍යත්වය වෙනුවෙන් බෞද්ධත්වයට තිබු තැන සිඳිණි. ඒ එම කාලය තුල බුදු දහම නොව ආගමිකත්වය නමැති සාධකය බෞද්ධයා තුලින් දියවීමේ ප්‍රතිපලයක් ලෙසය.
බුදු දහම යනු එකකි. බෞද්ධත්වය යනු අනිකකි. බුදු දහමේ චිරස්ථිතියට බෞද්ධත්වය අත්‍යාවශ්‍යය. බුදු දහම ඇතත් බෞද්ධත්වය සිඳීගිය හොත් අද අප විඳින්නේ එවැනි තත්වයක සිදුවන එහි ප්‍රතිපලයන්ය.
හොඳයි ! යම් දිනයක ජාතිකත්වත් මිනිසුන් තුලින් ගිලිහුනොත් හෝ ජාතිකත්වය පිලිබඳ වූ හැඟීම අහෝසි කරනු ලැබුවොත් ? ?
එදාට මිනිසුන් රාජත්වය සඳහා ජාතිකත්වය නමැති සාධකයත් නොසලකනු ඇත. එදාට බොරළු වලට වැලි යට වනු ඇත. වැලි පමණක් ජාතිකත්වය අහෝසි කිරීමෙන් වන සෙතක් නැත. එසේ නම් ඒ ලෙස බොරළු විසින්ද කල යුතුය. බොරළු විසින් ජාතිකත්වය අහෝසි වන අන්දමේ කතා කරනා අයුරු ගැන අඤාණ වැලි වලට දැනගත හැක්කේ හෝ දැකගත හැක්කේ ඔවුනගේ රහස්‍ය ඒකරාශි වීම් කරනා දිනයන්හි ඒවාට රහසේ හෝ සවන් දීමෙන්ය.
එවකට බුදු හිමියන් තම ඤාතී වර්ගය ගැන පැවසුවේ. “ඔවුන්ගෙන් පිස හමන සුළඟත් මට සැපයි” යනුවෙනි. සියල්ලන් එකම නම් එදා තම ඤාති සනුහරය වැනසීමට ආ විරූථභ සහ ඔහුගේ සේනාංකයන් පිස එන සුළඟත් මට සනීපයක් කියා එදා බුදු හිමියන් නොකීවේ ඇයි ? එවැනි වූ සාස්තෘ දේශනාවක් පවතිද්දී මේ අඤානයෝ මේ ප්‍රකාශ කරන්නේ මොනවාද ?
බොරළු බොරළු ලෙස දකිමු. බොරළු බොරළු ලෙසම පෙන්වා දෙමු.
වැලිගොඩ වැලිගොඩ ලෙසම රකිමු. වැලිගොඩ වැලිගොඩ ලෙසම රැකෙමු.
ඊට අවශ්‍ය වන්නේ නිර්භීත බව , විර්යය , ධෛර්යය සහ ප්‍රඤාව පමණි.
ස්තුතියි !
(විශේෂ ලියුම්කරුවකු විසිනි.)