Spread the News

අද කටුනායකදී රනිල් හරසරින්
පිළිගැනීමට එජාපය සැරසෙයි

පියසේන දිසානායක source:

අන්තර් ජාතික ප්‍රජාතන්ත්‍රිකයන්ගේ සංගමයේ ආසියා ශාන්තිකර කලාපයේ සභාපති ධුරයට පත්ව ශ්‍රී ලංකාවට පැමිණෙන එක්‌සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන් තොටුපළේදී අද (17 දා) පෙරවරුවේ මහත් හරසරින් පිළිගැනීමට එ.ජ.ප.ය කටයුතු සංවිධානය කර ඇත.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන ලෙස එක්‌සත් ජාතික පක්‍ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා විසින් දැනුම් දී ඇත.

මේ අනුව වැඩබලන විපක්‍ෂ නායක ජෝන් අමරතුංග, එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායකවරුන් වන කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා, මහලේකම් තිස්‌ස අත්තනායක යන මහත්වරුන් ප්‍රමුඛ මන්ත්‍රීවරුන් වික්‍රමසිංහ මහතා පිළිගැනීම සඳහා අද (17 දා) පෙ.ව. 7.30 ට කටුනායක ගුවන්තොටුපළට පැමිණෙනු ඇත.

එක්‌සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවැති අන්තර් ජාතික ප්‍රජාතන්ත්‍රිකයන්ගේ සංගමයේ සම්මේලනයට සහභාගිවීම සඳහා ගිය රනිල් වික්‍රමසිංහ මහතා සතියකට අධික කාලයක්‌ එහි රැඳී සිටිමින් රාජ්‍ය නායකයන් රැසක්‌ සමඟ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කොට ඇත.

වික්‍රමසිංහ මහතා සමඟ එක්‌සත් ජාතික පක්‍ෂ ජාතික සංවිධායක රවී කරුණානායක, ජාතික යොවුන් පෙරමුණේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විඡේවර්ධන යන මහත්වරුද මෙම සංචාරයට එක්‌වූහ.

දයා ගමගේ මහතාට අයත් සෙවනගල සීනි සමාගම ඇතුළු පෞද්ගලික ආයතන 37 ක්‌ රජයට පවරා ගැනීම සඳහා ආණ්‌ඩුව පාර්ලිමේන්තුවේදී සම්මතකර ගත් පනත හා ඉදිරි කටයුතු රැසක්‌ සම්බන්ධව රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී විදේශ රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා කොට ඇත.

Ranil, reappointed IDU Asia-Pacific president, returns home

source:

THURSDAY, 17 NOVEMBER 2011 12:46

Katunayake (Srilankamirror) – Opposition leader RanilWickremesinghe this morning (Nov. 16) returned from a trip to London, where he was reappointed Asia-Pacific regional president of the International Democratic Union.

On arrival at the Katunayake Airport, he was warmly welcomed by a large gathering of UNP activists.

They included general secretary Tissa Attanayake, MPs John Amaratunga, Joseph Michael Perera, Dr. JayalathJayawardena, D.M. Swaminathan, GayanthaKarunatilake, Lakshman Kiriella, Colombo mayor M.J.M.Muzammil as well as opposition leaders of provincial councils.

Party headquarters ‘Sirikotha’ had asked MPs and Colombo municipal councillors of the UNP to be at the airport to welcome Mr. Wickremesinghe.

Among the notable absentees were deputy leaders Karu Jayasuriya and Sajith Premadasa.

 

සිංහල ව්‍යාපාර යළි නැංවිය යුතුයි – රනිල් source:

ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සිංහල ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර රැකගැනීමට ජාත්‍යන්තර ප‍්‍රජාතාන්ත‍්‍රිකයන්ගේ සංගමයේ නායකයින් ලන්ඩන් නුවරදී පොරොන්දුවී යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පැවසීය.

ජාත්‍යන්තර ප‍්‍රජාතාන්ත‍්‍රිකයින්ගේ සංගමයේ ආසියා ශාන්තිකර කලාපයේ සභාපති ලෙස යළි තේරී පත්වූ වික‍්‍රමසිංහ මහතා පැවසූයේ 1974 දී සිංහල ව්‍යාපාර රජයට පවරාගෙන නැති නොකළානම් සිංහලයන් ව්‍යාපාර ලෝකයේ දැවැන්තම ව්‍යාපාරිකයන් බවට පත්වන බවයි. මේ ව්‍යාපාර කෙසේ හෝ රැකගත යුතු යැයි ද වික‍්‍රමසිංහ මහතා කීවේය.

බලවේගය ප්‍රශ්නය : ක්‍රිස්තියානි හෝ ක්‍රිස්තියානි චින්තනය දරන සංගමයක සාමාජිකත්වයේන් අපේ රටට වෙන සෙත කුමක්ද ? පහලින් ඇති සංගමයේ විස්තර දෙස  බලන්න ෆුල් හොරා කරෙන් දැනේ… 

http://www.idu.org/news.aspx

Back to Archived
IDU elect John Howard Leader, welcomes ten new members

The Party Leaders Meeting of the International Democrat Union, the global working association of Conservative, Christian-democrat and like-minded parties of the center and center-right, has unanimously reelected former Australian Prime Minister John Howard as its Chairman. New Deputy Chairman is the British Minister for Europe, David Lidington MP.