Spread the News

කීර්ති වර්ණකුලසූරිය
Divaina-
saharas

ඉස්ලාමීය අන්තවාදීන් පිළිබඳව හමුදා බුද්ධි ඒකකය රැස්කරගෙන තිබූ දත්ත පසුගිය යහපාලන රජය ඉවත දමා තිබූ බව අනාවරණය වී ඇත.

2015 සිට 2019 නොවැම්බර් දක්වා කාලයේදී මුළු හමුදා බුද්ධි ඒකකය අකි‍්‍රය කිරීමට එම රජය කි‍්‍රයාකර තිබුණා යැයි වත්මන් රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග හෙළි කළේය.

මෙරට අයිසිස් කි‍්‍රයාකාරීන් පිරිසක් සිරියාවේ අයිසිස් කි‍්‍රයාකාරීන් හමුවට යෑම ගැන තොරතුරු ලැබී තිබූ අතර එවැනි තොරතුරු ලැබී නැති බව කියමින් එවකට සිටි දේශපාලකයෙක් එම තොරතුරු වසන් කළ බවද රජයට අනාවරණය වී ඇත.

මේ නිසා අන්තවාදීන් හඹා යෑමේ කි‍්‍රයාවලිය මුළුමනින්ම නතර වී ඇත.