Spread the News

අන්තවාදී මුස්ලිම් දේශපාලකයන්ට සිංහලරාවයේ දැඩි විරෝධය

April 22, 2012   source:

medille pagngnaloka

දඹුල්ල ඓතිහාසික පූජාභූමියේ ඉදිකර ඇති මුස්ලිම් අන්තවාදී පල්ලි ගුබ්බැයම සම්බන්ධයෙන් මේ වන විටත් සමාජයේ ඉමහත් කතාබහක් ඇතිව ඇත. ඒ අතර මුස්ලිම් දේශපාලකයින් විසින් මේ හා සම්බන්ධව ඉදිරිපත් කොට ඇති අදහස් අතිශයින්ම අන්තවාදී හා අභූත චෝදනාවන්ය. කබීර් හසීම් මන්ත‍්‍රීවරයා එක්සත් ජාතික පක්‍ෂයේ පක්‍ෂ මූලස්ථානයේදී පවසා සිටියේ බෞද්ධ අයිතිය  වෙනුවෙන් පෙනී සිටි මහා සංඝරත්නය ප‍්‍රමුඛ බෞද්ධ ජනතාව මැරවරයන් ලෙසටයි. මීට අමතරව ෆවුසි ඇමැතිවරයා විසින් , මුද්‍රා තබන ලද අනවසර මුස්ලිම් පල්ලිය කිසිදු මායිමකට ලක් නොකරමින් ඊයේ විවෘත කරන ලදී. මේ සියල්ල හමුවේ මුස්ලිම් මැති ඇමැතිවරු සියලූ දෙනා අදහස් දක්වමින් බෞද්ධ අයිතීන්  අභියෝගයට ලක් කරද්දී එකදු සිංහල දේශපාලකයෙකු හෝ කිසිදු අදහස් නොදැක්වීම මවිතයට කරුණකි. මේ තත්වය හමුවේ සිංහල රාවය ජාතික සංවිධානය මාධ්‍ය හමුවක් අද දින කැදවමින් මුස්ලිම් දේශපාලකයන්ගේ අන්තවාදී ක‍්‍රියා පිළිවෙත සම්බන්ධයෙන්  දැඩි අප‍්‍රසාදය පළ කරමින් අදහස් දැක්වීය. එහිදී අදහස් දැක්වූ සිංහල රාවය ජාතික සංවිධානයේ ගරු සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමිපාණන් වහන්සේ පවසා සිටියේ රජය විසින් වහාම බෞද්ධ අයිතීන් වෙනුවෙන් සෘජුව පෙනී නොසිටින්නේ නම් දිවි හිමියෙන් ජාතිය හා සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් පෙනී සිටින බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් සිංහල දේශපාලකයන් විසින් මේ හා සම්බන්ධව මුනිවත රැකීම පිළිකුලෙන් යුතුය හෙළා දකිමින් කබීර් හසීම්ගේ ප‍්‍රකාශය වහාම ඉවත් කරගත යුතු බවටද දැඩි සේ ප‍්‍රකාශ කර සිටියේය. මෙහිදී සංවිධානයේ ගරු ලේකම් හිමියන් හා ගරු උප සභාපති හිමියන් ද අදහස් දක්වමින් පවසා සිටියේ, මේ සිංහල බෞද්ධ රටේ අයිතිය වෙනුවෙන් ව්‍යස්ථානුකූලව බැඳී සිටින ආණ්ඩුව විසින් එය මග හරින්නේ නම් ඊට එරෙහිව මෙන්ම සම්බුද්ධ ශාසනයේ සුරක්‍ෂිතභාවය වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටින බවයි.