අන්ධයන්ට හා බිහිරන්ට ලියමි

Spread the News

අන්ධයන්ට හා බිහිරන්ට ලියමි
source:
මෙයට අවුරුදු දශක තුනකට පමණ පෙර දවසක මා ඉගැන්වූ පාසලක ගුරුවරයකුට බලවත් චර්ම රෝගයක්‌ වැළඳී තිබිණි. කිසිම වෙදකමකින් එය සුවපත් කළ නොහැකි විය. එහෙයින් හෙතෙම රෝගියාත් මමත් සමඟ එවකට අගනුවර ප්‍රචලිතව සිටි විශේෂඥ වෛද්‍යවරයකු හමුවුණෙමි. (වෛද්‍යවරයා දොස්‌තර විල්සන් බව මතකය.)

රෝගියා පරීක්‍ෂා කර බැලූ වෛද්‍යවරයා මෙය නිට්‌ටාවටම සුව කළ හැකි බෙහෙතක්‌ නම් තියෙනවා. එහෙත් ඒ ප්‍රතිකර්මයට ඔබ උනන්දු වන එකක්‌ නැතැයි වෛද්‍යවරයා කීය. ඇමරිකාවෙන් හෝ ඒ බෙහෙත ගෙන්වා ගනිමි යි මගේ ගුරු මිත්‍රයා කී විට උපහාස හිනාවක්‌ නැගූ වෛද්‍යවරයා, ඇමරිකාවෙන් ගෙන්වන බෙහෙතක්‌ නම් ඔබ එය ගෙන්වන බව මාත් දන්නවා. මා කියන මේ බෙහෙත ඔබේ ගෙදර මිදුලේත් ඇතැයි කීය.

ගස්‌ සමඟ කතා කරන උත්සාහවන්ත මිනිසකු ගැන මම දනිමි. හෙතෙම මේෂ ලග්න හිමියෙකි. ඵලදාව නැති ගහක්‌ ළඟට ගොස්‌ ගසට තට්‌ටු කර ඔහොම බැහැ· අපට ඉක්‌මනින් ඵලදාව ඕනෑ. එහෙම වුණහම මේ ගසත් පූජනීයත්වයට පත් වෙනවා යි හෙතෙම සිහින් හඬින් ගසට කොඳුරා කියයි. බොහෝ විට එවන් ගසකින් එතැන සිට ඵලදාව ලැබුණු බව බොහෝ දෙනෙක්‌ කීහ. එදා ඒ අය සිතුවේ එය ඔහුගේ කටවහ නිසා ලබන ප්‍රතිඵලයක්‌ ලෙසය. තරුණ අවධියේ මට හැඟුණේ එය හිස්‌ උමතු මානසික ස්‌වභාවයක්‌ ලෙසිනි. එහෙත් ශබ්දිකත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක්‌ ලැබුණු පසු එහි බරපතළ ගුප්ත බලයක්‌ ඇති බව වැටහිණි.

මිනිහා පරිසරය සමඟ මිතුරුව සිටි අතීතයේ ජනතාව අදට වඩා සුවපත් ය. නිරෝගීය. ආයු බල සහිතය. මිනිහා පරසරය සමඟ පැවැති හාදකම බිඳ දැමූ අවධියේ සිට පරිසරයට සතුරකු බවට පත් විය. එතැන සිට මිනිස්‌ සිරුරට ආගන්තුක රෝග වැළඳුනි.

අවුරුදු 120 ක්‌ ජීවත් වීමේ වරම මිනිස්‌ සිරුර තුළ තිබියදී අඩු වයසින් මිය යැම ගැන හෙවත් ආයුබලය අඩු කර ගැනීමට හේතුව ගැන දැන්වත් සිතා බැලිය යුතුය.

ලක්‍ෂ ගණන් වෛද්‍යවරුන් සිටීමෙන් හා දහස්‌ ගණන් ආරෝග්‍යශාලා තිබීමෙන් හා නගරයක්‌ ගමක්‌ ගානේ ඔසුහල් බිහිවීමෙන් පෙනී යන්නේ වෛද්‍ය විද්‍යාව පරදවා රෝගය හිස ඔසොවා ඇති බවය. බොහෝ ආගන්තුක රෝග පැතිර යැමට හේතුව බටහිර ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් බෙහෙත් නිපදවීම ජාවාරමක්‌ බවට පත් කර ගෙන තිබීම නිසා බවට නැඟෙන චෝදනාව පහසුවෙන් ප්‍රතික්‍ෂේප කළ නොහැකිය.

මිනිස්‌ සිරුරට තමාගෙන් ඉටුවිය යුතු යුතුකම අමතක කර ඇති වත්මන් මිනිසා ලෝක සම්පත් වලින් වැඩි කොටසක්‌ බදා ගැනීමට දරන උත්සාහය නිසා තම සිරුර විවිධ රෝගවලට තෝතැන්නක්‌ බවට හරවා ගෙන ඇති බවට චෝදනා කළ යුතුය. මිනිස්‌ සිරුරට තමාගෙන් ඉටුවිය යුතු වූ යුතුකම ඉටු කිරීමට දැන් ඔහුට කාලයක්‌ නැත. ඒ තරමටම ඔහු තමාටම ෙද්‍රdaහියකු බවට පත්ව ඇත.

මිනිස්‌ සිරුර තුළ යන්ත්‍ර දහස්‌ ගණනක බල ශක්‌තියක්‌ හා මිනිස්‌ මොළය තුළ පරිගණක දහස්‌ ගණනක හැකියාවක්‌ ගැබ්ව ඇත. ආශ්චර්යවත් මිනිසකු වශයෙන් සිටි ගෞතම බුදුන් වහන්සේත් පරහට දයාබර වූ යේසුස්‌ වහන්සේත් මිනිසෙකි. ලේ පිපාසයෙන් කුප්‍රසිද්ධියට පත් හිට්‌ලර් ප්‍රභාකරන් වැන්නොත් නොමිනිස්‌ ගණයට වැටෙන්නෝ ය.

ගස්‌ සමඟÊකතා කරන මිනිසකු ගැන මුලින් සඳහන් විය. ඒ පරිසරය හා බැඳුනු ගහට වැලට ආදරය කළ මිනිහෙකි. මිනිස්‌ සිරුර නිරෝගීව පවත්වා ගෙන යැමට අවැසි සියලුම ඖෂධ වර්ග අප පරිසරයේ වෙයි. ළිඳ ළඟ ලුණුවිල පඳුර රෝපණය කළ මිනිහාට µsට්‌ රෝගය වැළඳුනේ නැත. හොද්දට වැඩියෙන් කරපිංචා දැමූ අම්මලා නිසා කොලෙස්‌ටරෝල් තිබුණේ නැත. බටහිර ඖෂධ නිෂ්පාදන වෙළෙන්දා අපේ පාරිසරික ඖෂධ ශරීරයට අහිතකර බව කීවේ ඔවුන්ගේ බෙහෙත් පෙති විකුණාගනු පිණිසයි. රත කල්කය ගත් ළදරුවන්ට රෝග තිබුණේ නැත. එය ගැනීම භයානක බවට ඔවුන් ප්‍රචාරය කළේ ඔවුන්ගේ zපෙත්තZ විකුණා ගැනීමටය.

ශ්‍රී චJද්‍රරත්න මානවසිංහ මහතා මට එක්‌තරා ශබ්ද රටාවක්‌ දී එයින් විරිත් සහිත කාව්‍ය බන්ධනයක්‌ කර දිමි ගොට්‌ටක්‌ ළඟට ගොස්‌ කියා බලන්නැයි කීය. දවස්‌ තුනෙන් දිමියො විසිර ගියහ. ඒ වූ කලී උච්චාටන ශබ්ද ශක්‌තියේ බල මහිමයි. ගස්‌ සමඟ කතා කළ පුද්ගලයා එය දැන සිටින්නට ඇත. ප්‍රසව වේදනාවට බැබිල පඳුර සොයා ගත් වෙද රාළගේ නම ගිනස්‌ පොතේ නැත. මිදුලේ වැවෙන බෙහෙත් පැළෑටියක නම වත්මන් තරුණ පරපුර දන්නේ නැත. අෙ¹aමැයි·

මෙයට අවුරුදු දශක තුනකට පමණ පෙර දවසක මා ඉගැන්වූ පාසලක ගුරුවරයකුට බලවත් චර්ම රෝගයක්‌ වැළඳී තිබිණි. කිසිම වෙදකමකින් එය සුවපත් කළ නොහැකි විය. එහෙයින් හෙතෙම රෝගියාත් මමත් සමඟ එවකට අගනුවර ප්‍රචලිතව සිටි විශේෂඥ වෛද්‍යවරයකු හමුවුණෙමි. (වෛද්‍යවරයා දොස්‌තර විල්සන් බව මතකය.)

රෝගියා පරීක්‍ෂා කර බැලූ වෛද්‍යවරයා මෙය නිට්‌ටාවටම සුව කළ හැකි බෙහෙතක්‌ නම් තියෙනවා. එහෙත් ඒ ප්‍රතිකර්මයට ඔබ උනන්දු වන එකක්‌ නැතැයි වෛද්‍යවරයා කීය. ඇමරිකාවෙන් හෝ ඒ බෙහෙත ගෙන්වා ගනිමි යි මගේ ගුරු මිත්‍රයා කී විට උපහාස හිනාවක්‌ නැගූ වෛද්‍යවරයා, ඇමරිකාවෙන් ගෙන්වන බෙහෙතක්‌ නම් ඔබ එය ගෙන්වන බව මාත් දන්නවා. මා කියන මේ බෙහෙත ඔබේ ගෙදර මිදුලේත් ඇතැයි කීය.

එතුමා සඳහන් කළේ ගෙවත්තේ පොල්ගස්‌ වටා වැවී ඇති වැල් ගොටුකොළය. එය අහුරක්‌ ගෙන වතුර නොදමා කොටා යුෂ ගෙන උදේට තේ හැඳි දෙක බැගින් බිව්වොත් මේ රෝගය සුවපත් වන බවය. තුන් මාසයක්‌ බිව්වොත් ජීවිතේටම චර්ම රෝගයක්‌ වැළඳෙන්නේ නැති බවය.

අපේ ගෙවත්තේ වැවෙන නිසා වැල් ගොටුකොළ අපට අගයක්‌ නැත. එහෙත් අද ඇමරිකාවේ වෛද්‍ය පරීක්‍ෂණවලින් සොයා ගෙන ඇත්තේ ගොටුකොළ ආහාරයට ගැනීමෙන් දහසක්‌ රෝග නොවැළඳෙන බවය. නිල් ඉර සහිත මඤ්ෙÆක්‌කා කෑමෙන් කවදාවත් පිළිකා රෝගය නොවැළඳෙන බව ඔවුහු කියති. කරපිංචා කොළයක ඇති ඖෂධීය ගුණය කොලෙස්‌ටරෝල් නමැති රෝගයට අගනා ඖෂධයක්‌ බව ඇමරිකානු වෛද්‍ය පර්යේෂණ ආයතන මගින් සොයා ගෙන ඇත.

මිනිස්‌ වාසයට උරුම වූ පෘථිවියේ එක්‌තරා ආවේනික න්‍යාය ධර්මයක්‌ ඇත. එනම් පෘථිවිය මත රෝපණය වන පැළෑටි නිසා මිනිහාත් මිනිස්‌ ශරීරය පොළොවට මිහිදන් වන නිසා පොළොවත්, අෙන්‍යාන්‍ය සුරක්‍ෂිත බවක්‌ ඇති යන්නයි. පෘථිවිය යනු පදාර්ථ රැසක්‌ ගැබ් ගත් එකක්‌. එහි රැඳී ඇති රස භාවය මිනිසා ගේ පැවැත්මට සහයෝගය දක්‌වයි. ඒ පොළොවම රසසුන් බොල් පොළොවක්‌ කළොත් එය මිනිස්‌ වාසයට නුසුදුසු එකක්‌ වෙයි. විදේශික සමාගම් විසින් ඔවුන්ගේ පසුම්බියට හිතකර සේ නිෂ්පාදනය කරන ඇතැම් පොහොර නිසා මේ රසකාර පොළොව ටිකෙන් ටික සීරුවෙන් බොල් පොළොවක්‌ බවට පත් වෙමින් පවතී.

මා වෛද්‍යවරයෙක්‌ නොවේ. එහෙත් බොහෝ බටහිර බෙහෙත් වර්ග වලින් කෙරෙන්නේ රෝගය යටපත් කිරීමක්‌ මිස සුව කිරීමක්‌ නොවන බව දනිමි. සමහර විට කුමන හෝ රෝගයකට නියම කරනු ලබන ඖෂධයක්‌ එම රෝගය යටපත් කෙරෙන අතර ඒ නිසාම වෙනත් අනියම් රෝගයක්‌ මතු වනු ඇත. ඒ රෝගය යටපත් කිරීමට ගනු ලබන පෙත්තකින් එය ද යටපත් වුවත් තවත් රෝගයකට මඟ පෑදෙනු ඇත.

අවැඩදායක කුස්‌සි මුල්ලට දමා ඇති ඇතැම් පාරම්පරික දේශීය වෙදකමින් බටහිර වෛද්‍යවරුනට සුවපත් කළ නොහැකි වූ රෝග සුවපත් කළ බව දනිමි. කොළඹ යුගයේ කවුරුත් දන්නා කවියකුගේ දෙනෙත් නොපෙනී ගියේය. පසුව පූර්ණ අන්ධභාවයට පත්විය. කවදාවත් ආලෝකය ලබා දිය නොහැකි යෑයි බටහිර වෛද්‍යවරු කීහ. හෙතෙම පාණදුරේ පැත්තේ පාරම්පරික සිංහල ඇස්‌ වෙදෙකුගේ ප්‍රතිකාර ගත්තේය. දැන් ඔහුට පොතක්‌ කියවන තරමට ඇස්‌ පෙනීම ඇත.

එයින් අදහස්‌ කළේ බටහිර වෙදකම ප්‍රතික්‍ෂේප කිරීමක්‌ හෝ අවතක්‌සේරුවට ලක්‌ කිරීමක්‌ නොවේ. රජය පිළිගත් සහතිකයක්‌ නැති නිසා ඇතැම් පාරම්පරික සිංහල වෛද්‍යවරුන් කොන් වී ඇති බවකි. ඒ අයගේ දැනුම ප්‍රමිති කර සමාජයට වැඩදායක තත්ත්වයකට පත් කිරීමේ යුතුකමක්‌ සංස්‌කෘතික අමාත්‍යාංශට වෙයි.

ස්‌වාභාවික ඖෂධ සිරුරට වඩාත් හිතකර සේ මම දකිමි. බෙලි ගෙඩියක පමණක්‌ නොව බෙලි කටුවක, මුලක, කොළයක ඇති ඖෂධීය ගුණය බෙහෙත් කරලක නැති තරම් ය. හොඳම ඔසු හල පරිසරය යෑයි සිතමි. එහි හැම රෝගයකටම සුදුසු ඖෂධ වෙයි.

බටහිර රසායනික පොහොර භාවිතය නිසා දැන් කුඹුරක දිය හබරල නැත. ඕවිටක තණපලා නැත ගෙඳ නැත. උල්වැරනිය නැත. බාඳුරා නැත. ළමා කාලයේදී වැඩිපුර දිය හබරල ගෙඳ, තණපලා ආහාරයට ගත් බොහෝ දෙනෙක්‌ නිරෝගී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සේ සිටින බව පෙනේ. ඒ සියල්ල ස්‌වාභාවික ඖෂධීය ආහාරය. අනාගත ළමා පරපුරට එම පෘථිවි ඖෂධීය ආහාර නොලැබෙනු ඇත. අනාගතයේදී මුළු ජීවිතයම zපෙත්තක්‌Z මත ර¹ පවත්නා දවසක්‌ උදා වනු ඇත.

බුදු දහම නිවන් දැකීමට පමණක්‌ හේතු සාධක වූ ධර්මයක්‌ නොවේ එය ජීවත් වීමටත් මහා මඟ පෙන්වීමක්‌ කරයි. zමනො සෙට්‌ටා මනොමයාZ ය කීවේ ශරීරය පමණක්‌ නොව මනස ද සුවපත්ව තිබිය යුතු බවය. සෞඛ්‍ය සම්පන්න මනසක්‌ වෙයි. ඒ බණ පොතේ ම ඇති සංතුෂ්ටි පරමං ධනං යන බුද්ධ භාෂිතය ද නිරෝගී සිරුරකට නෑකම් කියන එකකි. ආරෝග්‍යා පරමා ලාභා යන්න ගැන සලකා බලතොත් ඒ වචන දෙක තුළ ශරීර සෞඛ්‍යය පිළිබඳ මුළුමහත් කතාන්දරයම ගැබ්ව ඇත.

බුදුÊදහමේ මේ සියලු මඟ පෙන්වීම ඇතත් මිනිස්‌ වර්ගයා අතරින් වැඩි දෙනෙක්‌ බඹයක පමණ වූ තම සිරුරේ නිරෝගීකම ගැන නොසිතා නොතකා තාවකාලික මනෝ වින්දනයකට නැඹුරුව සිටීමේ භයානක තත්ත්වයෙන් මුදා ගැනීමට උදේ සවස බණ දෙසන හාමුදුරුවන්ටත් බැරි වී ඇති බව පෙනේ. බණ වුවද කාලෝචිත විය යුතුය.

බුද්ධාගමත් ටික ටික වෙනස්‌ කරන බවට ලකුණු පළවෙයි. මස්‌ කෑමෙන් පවක්‌ නැතැයි කියන හිමිවරු ද වෙති. ඒ ප්‍රකාශය පිටුපස බියක්‌ නැතිව මස්‌ කාපල්ලා යන පණිවිඩය ද ඇත. අඟලක්‌ පමණ හිසකේ වැව්වාට වරදක්‌ නැතැයි උගන්වන නිසා හෙවත් බණට කියන නිසා අනාගතයේදී කොණ්‌ඩය බැන්දාට වරදක්‌ නැතැයි කියන්නට බැරි කමක්‌ නැත. තවත් ටික කලකදී වාහන පැදෙව්වාට වරදක්‌ නැතැයි ද යළි විවාහ වුණාට …….. අප එතෙක්‌ දුර යා යුතු නැත.

බුද්ධාගමට පමණක්‌ නොව දේශීය වෙදකමට පමණක්‌ නොව, භාෂාවට, කවියට පවා අදෘෂ්‍යමාන අරියාදුවක්‌ අප පසුපස හඹා එමින් පවත්නා බව ද මතක්‌ කළ යුතුව ඇත.

අප කණපිට හැරෙද්දී බටහිර ජාතීන් දැන් දැන් හොඳ පිට පෙරළමින් සිටින බව පෙනේ. එහෙම කියන්නේ හේතු ඇතිවය. බටහිර ජාතිකයා දැන් දැන් අපේ ගොටුකොළ පඳුර, මඤ්ෙÆක්‌කා අලය අගය කිරීම පටන් ගෙන තිsබියදී, අපේ අය පැටිස්‌, කට්‌ලට්‌ ගිලිමින් කණපිට හැරී ඇති නිසාය. ජ්‍යෙdතිෂය පැත්තෙන් අප තවම 2013 වර්ෂයට ලිතක්‌ පළ කර නැත. එහෙත් ඇමරිකානුවන් 2010 දක්‌වා ශත වර්ෂයක්‌ ඉදිරියට පංචාංග ලිත සකස්‌ කර වෙළෙඳපොළට එවා ඇත.

අපේ වචනයට මෙන්ම සිතුවිල්ලට ද අසිපත බලයක්‌ වෙයි. ගමේ කට්‌ටඬියා කිසියම් රෝගයකට කහ කෑල්ලක්‌ දැමූ තෙල් ටිකක්‌ මතුරා දීමෙන් කරන්නේ ඒ තෙලට ශබ්දයේ හා සිතුවිල්ලේ ජීවනය කැවීමයි. එය බොළඳ ක්‍රියාවක්‌ සේ කෙනෙකුට පෙනුනත් මසාරු එමොටේ විසින් ලියන ලද zද හීඩ්න් මෙසේජස්‌ ඉන් වොටර්Z නමැති ග්‍රන්ථයේ ශබ්ද කවන ලද වතුරක අසීමිත ගුප්ත බලයක්‌ ඇති බව කියයි. සුද්දෙකුගේ කටින් කියතොත් පමණක්‌ යමක්‌ පිළිගන්නා අපේ මිනිසුන්ට එය කියවන්නට අවස්‌ථාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ආදරණීය මිහිරි අරුත්බර වචන නිසා මිනිසුන් පමණක්‌ නොව ගස්‌වැල් පවා ප්‍රබෝධවත් වෙයි. ගස්‌ සමඟ කතා කරන මිනිසකු ගැන මතක්‌ කරමින් මේ ලිපිය ආරම්භ කළේ ශාබ්දික ශක්‌තිය මහත් ගුප්ත බලයක්‌ ඇති බව පෙන්වීමටය. අපේ සෙත්කවි – වස්‌කවි වලින් කෙරෙන්නේත් ඒ ශාබ්දික ශක්‌තියයි. අනෙක්‌ කිසිම භාෂාවකට නැති zසෙත්කවිZ සිංහල බසට පමණක්‌ උරුම වූ එකකි.

වචනවල හෝ සිතුවිලිවල ශක්‌තිය නවීන විද්‍යාවට හසුවන්නේ නැත. නපුරු අසභ්‍ය වචනයක්‌ ඇසීමෙන් අපේ සිතුවිලි පමණක්‌ නොව ක්‍රියා කලාපයම වෙනස්‌ වන හැටි ගැන සිතන්න. එවිට ශාරීරික – මානසික වෙනස්‌කම් අති වීම ස්‌වාභාවිකය.

හැම පෝයකටම සිල් ගන්නා සැදැහැති උපාසිකාවක ගැන දනිමි. ඇය zසල්ල හුක වුත්ති – අප්ප කිච්චොZ යන යෙදුම කොපමණ වරක්‌ කියන්නට ඇද්ද. එහෙත් එයින් කියෑවෙන සැහැල්ලු පැවැත්ම හෝ අල්ප වූ ක්‍රියාවලියක්‌ මා කවදාවත් දැක නැත. ඒ වැකියේ අරුත ඇගේ ජීවිතයට ඇතුළු වී නැත. මා දන්නා හැටියට මිනිසා හැර අනෙක්‌ කිසිම සත්ත්වයෙක්‌ ළදරු වියේදී හැර ඉන් ඔබ්බට කිරි බොන්නේ නැත. පරිසරයේ ගහ කොළ ම ආහාරයට ගන්නා ශක්‌තිමත් සිරුරු ඇති සතුන් ගැන කිව යුතුද? තණකොළ පමණක්‌ කෑමට ගන්නා ගොන් නාම්බෙකුගේ ශක්‌තිය මිනිස්‌ සිරුරට නැත.

අපේ හරසුන් අධ්‍යාපනයෙන් බාල පරපුරට පරිසරයේ අගය හෝ භාෂාවේ සාහිත්‍යයේ වටිනාකම ගැන ඉගැන්වෙන්නේ නැත. පොතක පෙරවදන හා පසුවදන පමණක්‌ කියවා සරසවියකට ඇතුළු වූ කීදෙනෙක්‌ මේ රටේ ලේඛකයෝ වී ඇද්ද, කවියෝ වී ඇද්ද, චින්තකයෝ වී ඇද්ද ගත්කතුවරු වී ඇද්ද? ඇත්නම් ඒ දැත් ඇඟිලි ගණනට වඩා අඩුය.

පත පොත නැති යුගයේ පෑනක්‌ පැන්සලක්‌ නැති යුගයේ තල්පතක පන්හිඳෙන් ලියූ අමාවතුර, බුත්සරණ, කව් සිළුමිණ වැනි පොතකට ළං විය හැකි නිර්මාණයක්‌ කළ මහාචාර්යවරු කී දෙනෙක්‌ මේ රටේ වෙත්ද?

ශ්‍රී චJද්‍රරත්න මානවසිංහ, රැ තෙන්නකොන්, මාර්ටින් වික්‍රමසිංහ වැන්නන් හා එච්. එම්. කුඩලිගම, මාකදුරේ ගුණවර්ධන ආදීහු සරසවියක පස්‌ පෑගුවෝ වෙත්ද? නැත. ඒ අය සමාජය නමැති තක්‍ෂිලාවෙන් උගත්කම් ලද්දොa වෙති. පේරාදෙණි සරසවි ඇදුරන් කළේ සදැස්‌ කවිය මරා දැමීමයි. විද්‍යාලංකාර, විෙද්‍යාදය වැනි පිරිවෙන් මරා වනසා ගෙන උපන් සරසවිවල ඇත්තන් කීවේ කොහොම ලිව්වත් හරිය, කොහොම කිව්වත් හරිය යන්නයි. සරසවි ගෝලයෝ ඔවුන් පෙන් වූ මඟම ගිය හෙයින් අපට අනාගතයට ශ්‍රේෂ්ඨ කවියෙක්‌ නැත. ලේඛකයෙක්‌ නැත. එහෙත් දේශපාලන බට්‌ටෝ නම් වෙති. එහෙත් දේශපාලනය වත් නොදනිති. දන්නේ පෙළපාලිවල සටන් පාඨ කීම පමණි.

වසරින් වසර නොව, මසින් මස නොව දවසින් දවස ජාතිය කුඩා වී ගෙන යයි. අනාගතයේදී උපදින දරුවන් වැඩිහිටි බවට පත් වූ විට ඔවුන් මුහුණ පානා අරගලයක්‌ ඇත. ඒ සුළු ජාතියක්‌ වීමේ අරගලය හෙවත් ෙ€දවාචකයයි. ලෝකයේ ඇස්‌කිමෝවරුන් නැති වී ගියා සේම සිංහල පරපුර නැත්තටම නැති වන යුගයට අපේ මී මුණුපුරන් මුහුණ පානු ඇත. උගන්වන ගුරුවරයාටත් බණ දේශනා කරන හිමිවරුන්ටත් ඒ අනාගතය නොපෙනෙයි නම් දෙවියනට මිස එය කාට පැමිණිලි කළ යුතු ද?

ආචාර්ය පියසේන රතුවිතාන