අනාගතයට සුරක්‌ෂිත රටක්‌ ගොඩනගනවා

Spread the News

“අනාගතයට සුරක්‌ෂිත රටක්‌ ගොඩනගනවා”
මහින්ද රාජපක්‍ෂ කියයි

අනුර බාලසූරිය

අනාගත පරපුර වෙනුවෙන් සුරක්‌ෂිත රටක්‌ ගොඩනගා ඔවුන්ට සුබ අනාගතයක්‌ ඇති කරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (05 වැනිදා) පැවසීය.

දෙබරවැව පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක්‌ අමතමින් ඒ බව සඳහන් කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (05 දා) අම්බලන්ගොඩ, මතුගම සහ කැස්‌බෑව යන ප්‍රදේශවල පැවති අවසන් ප්‍රචාරක රැලි කිහිපයකට ද සහභාගි විය.

මැතිවරණයක්‌ නිසා උපන් මවුබිම බෙදීමට තමන් කිසිවිටෙකත් කටයුතු නොකරන බවත් උතුරේදීත් දකුණේදීත් කියන දෙය කරන නායකයකු වන තමා රට පාවා දෙන ඉල්ලීම්වලට එකඟ නොවන බවත් හෙතෙම කීය.

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නිදහස්‌ අධ්‍යාපනය කප්පාදු කෙරෙන යෝජනා සඳහන් වුවද මෙවර ජනාධිපතිවරණයෙන් ජය ගන්නා තමන් ඊට කිසි ලෙස ඉඩ නොදෙන අතර එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශ කුණු බක්‌කියට විසිවනු ඇතැයි ද රාජපක්‍ෂ මහතා කියා සිටියේය.

සෘජු ප්‍රතිපත්ති ඇති නායකයකු වන තමා ප්‍රභාකරන් වැනි අයට බියේ පැන නොගිය බවත් ඉදිරියටත් ජීවත්වන්නේ මේ රටේම බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවසීය.