
ආරියතිලක
2026.02.01
“අනුරාධපුර නුවර වැව ආසන්නයේ සිය නිවස පිහිටා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, කුඩා කල සිට වැව් ආශ්‍රිතව හැදී වැඩුණු තමන්ට මිහින්තලේ වැනි පූජනීය ස්ථාන පිළිබඳව “මිහින්තලේ හාමුදුරුවන්ට වඩා ලොකු අයිතියක්” ඇතැයි ලාල් කාන්ත අමාත්‍යවරයා හැඟෙන බව ද ප්‍රකාශ කළේය.
සෑහෙන කාලයකින් සත්‍යවාදී වචන ටිකක් අහන්න ලැබීම ගැන සතුටු යි. ජනාධිපතිවරණ සමයේ පටන් දුන් පොරොන්දු පුස්සක් වී පොරොන්දු මල්ල නො වටිනා තත්වයට පත් වන අවස්ථාවක මෙවැනි වචන ඇසීමට දැකීමට ලැබීම අස්වැසිල්ලක් බව නො කියා ම බැරි ය.
මිහින්තලය යනු අතීතයේ අම්බස්ථල චේතිය ලෙස හා චේතියගිරි ලෙස මහා වංශයේ ද පාලි අටුවා ටීකාවල සඳහන් කර ඇත. මේ නම් දෙකම දීමට සාධාරණ හේතු ය. චෛත්‍ය ඇති ගිරි චේතියගිරි ය. සෑගිරිය යනු සිංහල වහර ය.
මේ සෑගිරිය යන ලැබීමට හේතු වූයේ සෑ බැදීම ය. සෑ බැඳුනේ මහ මිහිඳු හිමියන් වැඩීම නිසා ය. සම්බුදු දහම ලැබීම නිසා ය. මහ මිහිඳු හිමියන් වැඩීම නිසා හා වැඩ සිටිය නිසා මිහින්තලය විය. මිහිඳු මාහිමියන් වැඩීමට් පෙර මෙම සෑගිරිය ඝන වනාන්තරයකි . වනයේ සතා සිවුපාවුන්, අලි ඇතුන්, රිලා වඳුරු, ලෙහෙනුන්, දඬුලෙහෙනුන්, ගෝණුන්, මුවන් , විවිධ පක්ෂීන් , සිඟාලයන්, මී මින්නන්, ඉත්තෑවුන්, හා විෂඝෝර සර්පයනගේ වාසස්ථාන වීම ස්වභාවික ය. . ඒ කාලයේ සිටි සතා සිවුපාවුන්ට ද එහි උරුම කම් නැතයයි කාටනම් කිව හැකි ද? මහිඳු මාහියන් වැඩිය පසු දේවානම් පියතිස්ස මහ නිරිඳු අට සැට ලෙන් කරවා මිහිදු මාහිමියන් ඇතුලු මහා සංඝ රත්නයට පූජා කරන ලදී. මුල් උරුම කරුවන් අතරින් ඇතැමෙක් එම පූජාව අනුමෝදන් වන්නට ද ඇත්තාහ. ඇතැමෙක් තමාගේ මුල උරුම වාසස්ථාන අහිමි වීමේ සංතාපය, වේදනාව හෝ හිතේ නො හොඳ ඇති නො වුනායයි කිව හැකි ද? ඒ පරම්පරා උරුම ගැන කතා කිරීම කිසිම වරදක් අපට පෙනෙන්නේ නැත. එපමණක් නොව උරුම සිහි වීම පමණ ද? උරුම අහිමි වීමෙන් ජන්මාන්තර වෛර කම් ද ඇති විය හැක. අළු යට ගිනි පුපුරු මෙනි. පෙර පුරුදු ගති ගුණ ප්‍රකට වීම වුවොත් එයද සංසාරේ හැටි තේරුම් ගැනීමට කාට නමුත් ප්‍රයෝජන වන් බව ද සිහි කිරීම වැඩ දායක ය.
ඒ සංසාරේ භැටි ය!
