කපන්න බැරි අත ඉඹිනවා කියන්නේ ඔන්න ඕකට තමයි.
අනුර කුමාරගෙ බුද්ධියයි ගම්මංපිළගේ බුද්ධියයි කියන්නෙ දෙකක් නොවේ එකක්.
පදින විට ඔරුවේ උඩ පැත්තයි පෙරලුන විට ඔරුවෙ යට පැත්තයි දෙකම හොඳයි කියන මිනිස්සු තමයි මේ දෙන්නම.
මේ දෙන්නා අතරේ තියෙන එකම වෙනස අනුර පිල් මාරු නොකිරීමයි.
යම්කිසි හෙයකින් අනුර පිල්මාරු කළේ නම්, විමල් වීරවංශ වගේ තාවකාලිකව වින්දනයක් ලබා දේශපාලනයෙන් අතුගෑවීයාමක් සිදුවීමට ඉඩ තිබුණා.
පක්ෂයේ දැඩි විනය අනුර මත තැබූ බරුවක් වුණා. ඒ නිසා ඔහු ඒ තත්ත්වය කාගෙන සිටියා.
අනුරගෙන් වැඩ ගන්න බලාගෙන සිටි දේශයේ හතුරන්ට අනුර ගේ මේ “විනය” බන්දේසියක් මත තබා පිදෙන ත්‍යාගයක් වුණා.
සැබෑ ජනතාවාදී ව්‍යාපාරයක් සත්තකින්ම ඔවුන් සමාජවාදී නම් ඡන්ද සටනේදී “මුළු රටම අනුරට” කියා කියන්නේ නැත. ඔවුන් විසින් කිව යුතුව තිබෙන්නේ මුළු රටම ජනතාවට කියායි.
රටේ ජනතාවගෙන් බහුතරය අනුර විරෝධී සජිත්ට හා රනිල්ට කතිරය ගැසීමෙන් මුළු රටම අනුරට කියන මිථ්‍යාව අරුත්සුන් ප්‍රපංචයක් බවට පත්කරණු ලැබුවා.
රුසියාවේ ඔක්තෝබර් විප්ලවය දියත් කළ විට
“මුළු රටම ලෙනින්ට” කියා පීඩිතයින් කෑ ගැසුවේ නැත.
ලෙනින් කෙරෙහි තැබූ විශ්වාසය ගොඩනැගෙන්නේ විප්ලවය සාර්ථක කර ගැනීමට ලෙනින්ගෙන් ලැබුණු අනූපමේය දායකත්වය නිසයි.
ශ්‍රී ලංකාව වැනි රටක දේශපාලනය මුළුමනින්ම පාහේ රඳා පවතින්නේ පුද්ගලාහිවාදනය මතයි.
නායකයා මොන පාදඩයෙකු වුවත්, ඔහුව සඳුන්ඳියරෙන් නෑවීම ජනතාව සාම්ප්‍රදායිකව අදටත් කරනවා. නායකයා කොමියුනිස්ට් උනත් උග්‍ර දක්ෂිණාංශික ධනවාදියෙක් වුවත් පිළිගැනීමට ලක්වීමේදී ක්‍රියාත්මක වන්නේ එකම මූලධර්මයමයි .
1977දී ජේ.ආර් ජයවර්ධන බලයට පත්වෙද්දී උඩ දැමූ ආකාරයටම ජනතාව අනුරවත් උඩ දමනවා. රටේ ආර්ථික පරිහානියට වගකිවයුතු හා සංස්කෘතික සෝදා පාළුවට පාර කැපු එම ද්‍රෝහියා තමන් විසින් තමන්ව ම හඳුන්වා දෙනු ලැබුවේ “ධර්මිෂ්ඨ” කියායි.
ලොව පහළ වුණු කෲරතම මනුෂ්‍යයා වූ ඇඩොල්ෆ් හිට්ලර් ආර්යමය පාරිශුද්ධ
භාවයක් තම ජනතාවට පෙන්වීම සඳහා ස්වස්තිකය භාවිතා කළ ආකාරයෙන්ම ජේ.ආර්. ජයවර්ධනද පොලිස් සේවාවේ නිළ ඇඳුමට ධර්ම චක්‍රය එකතු කිරීමට සැහැසිවුණා.
බෞද්ධ විරෝධී ආගමික සංවිධාන ඒ පිළිබඳව ඉතාමත් සතුටට පත් වූයේ
මහ මඟ විරෝධතා දක්වන ජනතාවට එළව එළවා බැටන් පොලු වලින් පහර දෙන පොලිස් භටයින්ගේ නිළ ඇඳුම්වල ධර්ම චක්‍රයේ
සමීප ඡායාරූප දර්ශන ජාත්‍යන්තර පුවත්පත්වල පවා පළ කිරීමට ඔවුන්ට ඉන්න අවස්ථාවක් ලැබුණු නිසයි. හිට්ලර් ජර්මන් ජාතිකයින්ට ස්වස්ථිකය එපා කළ අන්දමින්ම අපේ “ධර්මිෂ්ඨ” ද ලක්වැසියන්ට පමණක් නොව ලෝකවාසීන්ටද ධර්ම චක්‍ර සංකේතය එපා කිරීමට කටයුතු සම්පාදනය කළා.
ශ්‍රී ලංකාවේ මෙතෙක් පහළ වුණු හොඳම දේශපාලනඥයා ආර්. ප්‍රේමදාස යයි එක්තරා තක තකතීරු මහාචාර්යවරයෙක් කලකට ඉහතදී මා හට පැවසුවා.
ඒ අමන කියමන සනාථ කරමින් අගලකඩ කියන මහාචාර්ය පැවිද්දෙක් ජනාධිපති සටනේ වේදිකාවකදී ප්‍රසිද්ධියේම කියා සිටියා (ආර් ප්‍රේමදාසගේ එකම පුත්) සජිත් ප්‍රේමදාස ලංකාව පාලනය කිරීමට හොඳම සුදුස්සා බව.
දේශද්‍රෝහී සිංහල බෞද්ධ විරෝධී විවිධ බලවේගයන්වල අතකොළු බවට පත්වී සිටින චීවරධාරීන් කිහිපදෙනෙක්ම මේ අදහස පුනරුච්චාරණය කරමින් සජිත් ප්‍රේමදාසව බලයට පත්කිරීමේ නිවට නියාලු නින්දිත ප්‍රයත්නක නිරත වුණා.
අතීතයේ රජවරුන් ඉතිහාසයට එකතු වන්නේ විරුවන් ලෙසයි. ඒ වීරත්වය යුද ජයග්‍රහණ ඔස්සේ පමණක් නොව දිළිඳුකමත් කුසගින්නත් පිටු දකින දැයට බත සැපයූ මහා වාරි සංස්කෘතිය සුරක්ෂිත කිරීම තුළින්.
මෙකියන ශිෂ්ඨාචාරය අඛණ්ඩව ආරක්ෂා වුණේ එම මහා සංස්කෘතිය බුදු දහමින් පෝෂණය වුණ නිසයි.
බුදුදහමත්, රාජ්‍ය පාලනයත්, කෘෂිකර්මයත් ලිප් ගල් තුනක් මෙන් බත ඉදෙන මැටි බඳුන නොපෙරළි රැක ගත්තා. තෘප්තිමත් බවත් ආරක්ෂාවත්, ආධ්‍යාත්මයත් ඒ තුළ ඒකාග්‍රව රැඳී තිබුණා.
ආරම්භයේදී ප්‍රරෝධය
(Resistance) හා විරෝධය (Opposition)
විනාශය (Destruction) තුළින් ළඟා කර ගැනීමට මාක්ස්වාදී දේශපාලන ආර්ථික න්‍යාය කර පින්නා ගත් මුග්ධයින් පිරිසක් මුලින් විප්ලවයක් ගැන කතා කර ඉන්පසුව විකල්පයක් ගැන කතා කිරීම ඇරඹුවා. එහි ඇති අප්‍රාණික බව තේරුම් ගත් සැනින් සැබෑ දේශප්‍රේමියෙක් විසින් ඉදිරිපත් කරන ලද විසඳුම නැමති සංකල්පය පැහැර ගනිමින් එම ගමන යෑම සඳහා මාළිමාවකුත් උපයෝගී කරගත්තා.
ඔවුන් දැන් සිතන්නේ නිර්ධන පංති ආඥාදායකත්වය ශ්‍රී ලංකාවේ ස්ථාපිත වුන බවයි.
පුදුමයට කරුණ නම් ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට සත්‍යයට එරෙහිව යුධ වැදුණු ඊනියා සහතික උගතුන්, විශ්‍රාමලත් ආරක්ෂක අංශවල බලවතුන්, දූෂිත ව්‍යාපාරිකයින්, සිංහල බෞද්ධ විරෝධී ආගමික නායකයින් සියලු දෙනාම එකතුවුණ අශුද්ධ සන්ධානයක් විසින් මෙම නිර්ධන පංති ආඥාදායකත්වය බිහිකිරීමයි.
ස්වභාවයෙන් ඉතිහාසය පුනරුච්චාරණය වුවත්, අඬුව තිබියදී අතපුච්චා ගත් අමිහිරි අත්දැකීම මේ බිම තුළ නැවත කිසිදාක පුනරුච්චාරණය නොවිය යුතු වන්නේමය.
-තෙවැනි ඇස-
14.10.2024