වයසට යෑම කොතරම් සාපේක්ෂ ද යන්න පැහැදිලි කිරීම සඳහා අද දින මම කිසියම් සටහනක් තැබුවා.
මෙහි පහත දැක්වෙන්නේ එම සටහනයි:
1968 උපන් පුද්ගලයෙක් “මා දැන් මහළු වියේ” කියා කී කීම හෝ සිතීම මා හිතන්නෑ යුගයට ගැලපෙනවා කියා. නායකත්වයට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ.
සමස්ත ලංකා අන්තර් පාඨශාලීය ගායන වාදන තරඟයට ඉඹුල් ගොඩ රාජසිංහ මහා විද්‍යාලය නියෝජනය කරමින් ගීත ගායනා කරන විට මාගේ වයස යන්තම් අවුරුදු 9යි.
එහෙත් මම කිසි දිනක ගායකයෙක් වීමට උත්සාහ කළේ නෑ. වැඩි අවධානය යොමු කළේ මිනිස් චර්යාව හදාරන උසස් අධ්‍යාපනයටයි.
කාලයාගේ ඇවෑමෙන් මා ස්වතන්ත්‍ර නිර්මාණයක් ලෙස මාගේම සංයුක්ත තැටියක් උත්සවාකාරයෙන් හෙළයේ මහ ගාන්ධර්ව අමරදේවයාණන්ට පිළිගැන්වූ මොහොතේ මා පසු කරමින් සිටියේ 69 වෙනි වියයි. සභාව ඉදිරියේ එතුමා මාගේ නිර්මාණ පැසසුමට ලක් කිරීම ජීවිතයේ මා ලද විශාලම ගෞරවයයි.
“සංසාරේ නිමේෂයක්” නම්වූ එම සංයුක්ත තැටියේ අඩංගු ගීත 12ම ලිවීමට අමතරව ඉන් ගීත 11 ක තනු නිර්මාණය කරන ලද්දේ මවිසින්.
මා විසින් ගායනය කරනු ලැබූ ප්‍රථම සංයුක්ත තැටිය ඒ ලෙසින් දොරට වැඩියා.
2024 දී හරිත ටීවී නාළිකාව වෙනුවෙන් මවිසින් ගායනා කළ ගීතය පටිගත කරන විට මාගේ වයස අවුරුදු 81යි.
පරිසරය සුරැකීමේ පණිවිඩය රැගත් එම ගීතය රචනා කළේ ස්කොට්ලන්තයේ ජීවත්වන වෛද්‍ය මහාචාර්ය ජේ.ඒ.පී. ජයසිංහ මහත්මයයි.
තනුව හා සංගීත අධ්‍යක්ෂණය ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂක නවරත්න ගමගේ මහත්මයාගෙන්. එම ගීතය වරින් වර එම නාළිකාවෙන් විකාශනය වෙනවා.
මම තවමත් ගායකයෙක් නොවෙමි. ගායන ශිල්පියෙක්ද නොවෙමි.
අධ්‍යාපනය සම්බන්ධයෙන් මාගේ අනන්‍යතාවය සබැඳී ඇත්තේ දේශපාලන විද්‍යාව හා සමාජ විද්‍යාව සමගයි.
පුද්ගල සාකච්ඡාවලදී හෝ ප්‍රසිද්ධ සාකච්ඡාවලදී මම කිසිම අවස්ථාවක ” මා දැන් මහළු වියේ” කියා
නොකියන්නේ සෙනසුරාදා හා ඉරිදාත් ඇතුළුව උයන පිහන කටයුතුත් ඇතුළුව දිනකට පැය පහළොවක් අඛණ්ඩව වැඩ කරන නිසයි.
මෙතෙක් රට පාලනය කරපු (සිරිමා බණ්ඩර්නායක මහත්මිය හැර) කිසිම පාලකයෙක් මාගෙන් යම් සේවයක් ලබා ගැනීමට උත්සාහ නොකිරීමේ හේතුව මගේ අහේතුව නොව රටේ අහේතුවයි.
ඉස්සර දේශපාලකයන් වැඩියි. වියතුන් අඩුයි.
දැන් වියතුන් වැඩියි. දේශපාලනයට එන අයත් වැඩියි.
තත්ත්වය මෙසේ තිබියදීත් රට ආපස්සට ගියේ ඇයිද යන ප්‍රශ්නයට පිළිතුරු මා ළඟ ඇතත් මල්බර අනාගතයක් පතන ඔබ සැම ළඟ ඊට පිළිතුරු තිබිය යුතුමයි.
ආත්ම තෘප්තිය සඳහා අදටත් ගී ගයන මම තවමත් ගායකයෙක් නොවෙමි. මමයි කියා විශේෂ පුද්ගලයෙක් හඳුනා ගෙන නැති නිසා මහළු වීමටත් කෙනෙක් නැත.
අදටත් මම “මම” වෙමි.