Spread the News
Veteran journalist and media personality Kala Keerthi Dr. Edwin Ariyadasa

ලෝක ජනතාව ,විශේෂයෙන් ලෝක බෞද්ධ ජනතාව දැනුවත් කිරීම මහත් වූ ආනිසංස ගෙන දෙන කට යුත්තකි. බොහොම පිං.
(අප ජන මාධ්‍ය ඉගෙන ගත් කාලයේ අපගේ ගුරුවර එඩ්වින් ආර්‍ය්දාස ශූරීන් (සර්) අපට ජනමාධ්‍ය පිළිබඳව ප්‍රධාන මූල ධර්ම තුනක් කියා දුන්නා;

  1. සත්‍යයක් ලිවීම,
  2. අනුන් දැනුවත් වීමට ලිවීම,
  3. නිර්භීතව ලිවීම,
    යන කාරණා තුන යි.

මෙහිදී සත්‍ය සිදු වීම් වුවත් අනුන් දැනුවත් කළ යුත්තේ සමාජ සුභ සිද්ධියට හේතු වන දේ පමණ යි.

මේ පිළිබඳව ඉතිවුත්ත පාලියේ බහුකාර සුත්‍රය හා ඉතිවුත්තක පාලියට ලියන ලද පරමත්ථදීපනී ඉතීවුත්තකට්ඨකථා යන අටුවාව කියවීම අප කා හටත් මහත් ඵල දායී වනවා ඇත. බුදු සරණයි.

~ ආරියතිලක