Spread the News
Harini Amarasuriya

අපි මාස පහළොවකින් දාසයකින් මෙහෙම කලා නම් අවුරුදු ගණනක් හිටපු අය කල වංචා හොඳටම ඔප්පු වෙනවා… අග්‍රාමාත්‍යවරිය.

ආරියතිලක
2026.02.03

අපි මාස පහළොවකින් දාසයකින් මෙහෙම කලා නම් අවුරුදු ගණනක් හිටපු අය කල වංචා හොඳටම ඔප්පු වෙනවා..යනුවෙන් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කර ඇත. අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකශ කොට ඇත්තේ පෙබරවාරි 02 වැනි දා අරලියගහ මන්දිරයේ පැවති ‘මිල්කො කිරිගොවි අභිමන්’ කිරිගොවි ප්‍රසාද දිමනා පිරිනැමීමේ සහ කිරිගොවි රක්ෂණාවරණයක් හඳුන්වාදීමේ ජාතික උත්සවයට සහභාගී වීමෙනි.

“අපි මාස පහළොවකින් දාසයකින් මෙහෙම කලා නම් අවුරුදු ගණනක් හිටපු අය කල වංචා හොඳටම ඔප්පු වෙනවා..” යන අග්‍රාමාත්‍යවරියගේ ප්‍රකාශයෙහි මහත් වූ පැතිකඩක් ඇත්තේ ය.

  1. “ ඔව්! ජාතික ජන බලවේගය බලයට පැමිණියේ නැති නම් කිසි සේත් ම බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන්, ජනතා විමුක්ති පෙරමුණ 1987/88/89 දෙවැනි කැරැල්ලේදී ත්‍රස්තවාදී ක්‍රියා කළ බවට කරන ලද තීරණය නීතියානුකූලව අධිකරණයට අවශ්‍ය නීතී කෘත්‍යට ඔප්පු කිරීම අසීරු වීමට ඉඩ ඇත. වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිගැනීම, හා පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් ආණ්ඩු පක්ෂය ද පිළිගෙන තිබේ. ජවිපෙ හා ජාතික ජන බලවේගය පක්ෂ දෙකිහිම නායකයා වන්නේ වත්මන් ජනාධිපතිවරයා ය. එසේ ම ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන දේශපාලන ධාරාව වන්නේ ජවිපෙ බැවින්, වත්මන් ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් සියලු දෙනාට ම හා පලාත් පාලන ආයතනවල මන්ත්‍රීන් සියලු දෙනාට ම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (අ) ව්‍යවස්ථාව ප්‍රකාර බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව කියවෙන බැවින් නීතිමය වශයෙන් බලපානවා ඇත.

මේ මාස 15 න් 16 න් සිදු වූ විශිෂ්ට ක්‍රියාවක් වන්නේ, ලංකා ඉතිහාසයේ ජවිපෙ ත්‍රස්ත ක්‍රියා කළ බව ඔප්පු කර පෙන්නා අවසාන ය. දැන් තිබෙන්නේ නීතිපතිවරයාගේ නිර්දේශ මත ඉදිරියේ දී අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමේ දී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) ව්‍යවස්ථා ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට, පුරවැසියන් වශයෙන් තම අයිතිවාසිකම් ක්‍රියාත්මක කරවා ගැනීමට ඉදිරිපත් වීම ය.

2.. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 157 (අ)ව්‍යවස්ථා ප්‍රකාරව ජනතා විමුක්ති පෙරමුණ තහනමට ලක්වීම, පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර බල රහිත වීම, මැතිවරණ නාම යෝජනා පත්‍ර අවලංගු වීම (ජනාධිපතිවරණ, පාර්ලිමේන්‍තු මැතිවරණ ය, පලාත් පාලන මැතිවරණය) හේතුවෙන් ඒ මත පුරප්පාඩු වන, බලරහිත වන සියලු ධූර සම්බන්ධයෙන් ගන්නා අධිකරණ නියෝග මත ක්‍රියාත්මක වනවා ඇත.

  1. වතමන් ආණ්ඩුවේ කොමියුනිස්ට්වාදී ඉලක්ක මත ක්‍රියා කරන බැවින්, ඇමරිකා එක්සත් ජනපදය, හා නේටෝ රටවල් ද යුරෝපා සංගමයේ රටවල් ද ඉදිරියේ මේ ආණ්ඩුවට සුභවාදී ප්‍රතිචාර නො දක්වනවා ඇත. ඉරානය සමඟ කරන ගනුදෙනු වෙනුවෙන් ද වන්දි ගෙවීමට සිදු වීම නියත ය. මේ වනවිට කියුබාව ආර්ථික වශයෙන් බලවත් පීඩාවකට පාත්‍ර වී ඇත. සැපයුම් මාර්ග අඩාල වී ඇත. ඒ සමඟම ජපානය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ද ඇමරිකා එක්සත් ජනපදය ගන්නා තීන්දුවලට පක්ෂව මිස විරෝධීව සිටීමට හේතු නැත්තේ ය. මහා බ්‍රිතාන්‍ය ගන්නා තීන්දුවට පක්ෂව මිස විපක්ෂව ඕස්ට්‍රේලියාව නො යයි. නවසීලන්තය ද කොමියුනිස්ට්වාදයට පක්ෂව කටයුතු නො කරන ස්ථීර ය. සිංගප්පූරුව දක්ෂිණාංශික රාජ්‍ය පාලන ඇති රට්ක් බැවින් කිසි ලෙසකින් කොමියුනිස්ට්වාදය නැඹුරු නො වේ. උපකාර පිණිස නො පිහිට යි. බුරුමය, තායිලන්තය බෞද්ධ රාජ්‍ය බලය ඇති බැවින් කොමියුනිස්ට්වාදයට උපකාර නො ලැබේ. මැලේසියාව, පිළිපීනය, කොමියුනිස්ට්වාදය පිටු දකී. ලතින් ඇමරිකානු රටවලින් පිහිටක් ගැනීම ලංකාවේ කොමියුනිස්ට්වාදයට අවකාශ මද ය.

ඇමරිකා එක්සත් ජනපදය ප්‍රධාන දක්ෂිණාංශික රටවල මෙහිදී කොමියුනිස්ට්වාදී පාලනයට කිසිදු බුරුලක් නො දෙනවා මෙන් ම නව කොමියුනිස්ට් පාලනය ඇති රාජ්‍ය බිහි වීමට කිසිදු ලෙසකින් ඉඩ නො තබනවා ඇත.

ව‍ර්තමාන ආණ්ඩුව හා ජනතා විමුක්ති පෙරමුණ ලංකා භූමියේ කොමියුනිස්ට් රාජ්‍යයක් බිහි කිරීම්ට සිතන්නේ නම් එය කිසි දා සැබෑ නො වන සිහිනයක් බව කිව යුතු ය. ,බළලුන් රෑනකට මැදි වූ මියෙකු එම බළලු අතර ටික් කලක් හුරතල් විය හැක්කේ, සෙල්ලං කළ හැක්කේ ඉතාමත් කෙටි කාලයකි. ඒ ලෙස මෙරට බලය ගත් ජන්තා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගයට, බළලුන් රෑනකට මැදි වූ මියෙකුගේ කාලය මෙන් ඉතා ටික කාලයක් කොමියුනිස්ට්වාදී සිහින ලෝකයේ සිටිය හැක. එය ද පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පකාරව ය. මියාගේ සෙල්ලං කාලය මෙන් ඉතා කෙටි, පටු සිහින ලෝකයක දෝලනය විය හැක. වත්මන් ලෝක දේශපාලනය ඇතුලත එම සිහිනවලට කිසිදු ඉඩක් නැත.

ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ දෙකේ නායකයා එක ම පුද්ගලයෙකි. ඒ අනුර කුමාර දිසානයක වත්මන් ජනාධිපතිවරයා ය. ලිපිනය ද එකක් ම ය. ජන්තා විමුක්ති පෙරමුණ අලුත් සැරසිල්ලකින් අලංකාර කොට ඇත. අලංකාර ඇතිරිල්ලේ මෝස්තරය වෙනස් වුවත් අභ්‍යන්තරය වෙනස් වීමට ඉඩක් නැත. ජවිපෙ පක්ෂ ව්‍යවස්ථාව හා ඉලක්කය වෙනස් කිරීමට පක්ෂ නායකයාට කිසිදු ඉඩක්, හිමිකමක් නො ලැබෙන බැවිනි. ජනාධිපති ධූරයේ බලය හා පාර්ලිමේන්තු බලය මෙහෙය වන්නේ ඒ ඉලක්කයට නොවනවා යයි කීමට කිසිම හේතුවක් පෙන්විය නො හැක. එසේ නම් දැන් මේ ගමන් කරන්නේ කොහාට ද? යුගෝස්ලෝවියාව 1945 නොවැම්බර් 11 වන දින පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලද අතර, මාෂල් ටිටෝ එ මගින් ගත් බලය පසු කාලයේ ඔහුගේ කොමියුනිස්ට් නායකත්වය යටතේ කොමියුනිස්ට් පාලනයට පෙරලන ලදී. වත්මන් ආණ්ඩුව ද මේ සැරසෙන්නේ එදා යුගෝස්ලෝවියාව අනුගමනය කළ මොඩලය ම හෝ ඒ හා සමාන ක්‍රමයක් ක්‍රියාත්ම කර, අදියර කීපයකින් ව්‍යවස්ථා සංශෝධනයක් මගින් රට කොමියුනිස්‍ට් තත්වයට පරිවර්තනය කිරීමට බව අපගේ අදහස ය.

කොමියුනිස්ට් වූ බොහෝ රාජ්‍ය, නැවත භූ දේශපාලනයෙන් අතුරු දහන් විය. එනම්: යුගෝස්ලෝවියාව, නැගනහිර ජර්මනිය, පෝලන්තය, චෙකොස්ලොවැකියාව, හංගේරියාව, රුමේනියාව සහ බල්ගේරියාව, කාම්බෝජය,ඇන්ගෝලාව, මොසැම්බික්, ඉතියෝපියාව, සහ ඇෆ්ගනිස්තානය ය.

සෝවියට් රුසියාව ද 1991 දී කොමියුනිස්ට් රාජ්‍ය බිඳ වැටිණි. රටවල් 15 කින් යුතු කොමියුනිස්ට් සමූහාණ්ඩුව බිඳ වැටුණි.

දැනට සැබෑවට කොමියුනිස්ට් රාජ්‍ය ඇත්තේ පහ (5) කි. චීනය, වියට්නාමය, උතුරු කොරියාව, ලාඕසය, හා කියුබාව යන රටවල් පහ වේ. කියුබාව කොමියුනිස්ට් පාලනය දැන් පණ අදිමින් සිටී.

ඉරානයේ රජයේ ආරක්ෂක හමුදා ISIS ත්‍රස්ත සංවිධානයට සම කරමින් යුරෝපා සංගමය විසින් ඉරානයේ රජයේ ආරක්ෂක හමුදා ලැයිස්තු ගත කොට ඇත. සම්බාධක ද ලෑස්ති ය.

  1. චීන කොමියුනිස් පක්ෂයේ උපදේශ ලබන, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ක්‍රියාකාරීන්ගේ වැඩ අසල්වැසි ඉන්දියාව නුරුස්සනවා ඇත. මේ ආණ්ඩුව ඉන්දියාව සමඟ දැනට ඇති දේශපාලන හා ආර්ථික උපාය මාර්ග දීගය බිඳ වැටීම නො වැළැක්විය හැක. කිසි සේත්ම අසල්වැසියාට හොරා චීනය සමඟ දීග කෑමට කිසිසේත් ම ඉන්දියාව ඉඩ නො දීම ස්ථීර ය.
  2. රුසියාව සමඟ ගනුදෙනු කිරීම ද ඇමරිකානු බදු ප්‍රතිපත්තියේ උදහසට පත් වීමට හේතු ය.
  3. මේ සියල්ල මේ මාස 15 ට 16 ට ඇති කර ගත්තේ මේ ආණ්ඩුව විසින් ම ය.
    මෙයට අමතරව මේ කාලයේ කියන ලද බොරු, දෙන ලද පොරොන්දු බොරු කිරීම, පාලනයේ නො හැකියාව රටේ ජනතාවට ඔප්පුකර පෙන්වීම, මල්වතු ඔය නැගනහිටට හැරවීම, පැලෙන කඳුවලට පස් දමා කොටා කඳුබේරා ගැනීමේ සොයා ගැනීම්, සම්බුදු සසුනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි ව්‍යවස්ථාවෙන් හිමි ප්‍රමුඛස්ථානය අමතක කොට වැඩ කිරීම, ආදී දෑද මේ මාස පහළොවේ හා දාසය කාලයේ ජනතාවට දැක බලා ගැත හැකි විය.

“ හොඳ හොඳ සෙල්ලං එළිවෙන යාමෙට” කිව්වා සේ “ හොඳ හොඳ සෙල්ලං බටලන්ද කොමිෂන් සභා නඩුව සමඟ ඉදිරි කාලයට” ජනතාවට දැක බලා ගත හැකි වෙනවා ඇත.

සම්බුද්ධ ශාසනය නො තකා හැරීමෙන් අවසානයේ “අද්‍යාත්මක හිඟන” කම සමඟ “අප අත් වූයේ කුමක් ද?” යන සිතමින් හූල්ලෑමට සිදු වන කාලය වැඩි ඇතක නො වන බව නම් ස්ථීර ය. මෙය සත්‍ය ද අසත්‍ය ද කියා අපි බලා ගෙන ඉදිමු!

Protected by Security by CleanTalk