අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ -බොදු බල සේනා ජාලයේ මහ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමි

Spread the News

අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ -බොදු බල සේනා ජාලයේ මහ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමි
source:
අතීතයේ පටන් අද මේ දක්වාත් විවිධ කණ්ඩායම් වලින් නොයෙකුත් අවස්ථාවලදී සම්බුදු සසුනටත් , සිංහල ජාතියටත්, අප මාතෘභූමියටත් විවිධ තර්ජන අභියෝග එල්ලවූ බව අපි දන්නවා.
වසර දහස් ගණනක අප පේ‍රෟඪ ඉතිහාසය ලොවට කියාපාන අපේ පුරාවිද්‍යාත්මක වටිනා කමින් යුත් ඓතිහාසික ස්ථාන විනාශ කිරීම අද විශාල ව්‍යසනයක් වී තිබෙනවා හාමුදුරුවනේ, අතීතයේ සිටම අප රටට, ජාතියට, සම්බුද්ධ ශාසනයට විවිධ අවස්ථාවන්හිදී එල්ල වුණ තර්ජන, ගර්ජන, බලපෑම් ඔබ සිහිපත් කළා. ඉතිහාසය අධ්‍යනය කිරීමේදී ඒ පිළිබඳව අපට මැනවින් පැහැදිලි වනවා. ඒ ඒ වකවානු වලදී අප පුජනීය මහා සංඝරත්නය, හෙළ රජ දරුවන් තම දිවි හිමියෙන් කටයුතු කොට එම අභියෝගයන්ට මුහුණ දුන්නා සේම ජයග්‍රහණයද කලා. ඔබ සඳහන් කළ පරිදිම පසුගිය මාස කිහිපයක සිට සිංහල බෞද්ධයාගේ ඉතිහාසය ලියැවී තිබෙන පුරාවස්තු ඩෝසර් කෙරෙනවා. අදීන වූ ද, අභීත වූද සිංහල ආදි මුතුන් මිත්තන්ගේ ලෙයින් කඳුලින් ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනැගුණ උතුරු හා නැගෙනහිර දෙපළාත ඇතුළු රටේම පුරාවස්තු දැඩි තර්ජනයකට ලක් වී ඇති කාල පරාසයක් මේ. නිදන් සොරුන් මෙන්ම විවිධ කල්ලි කණ්ඩායම් වල මෙහෙයවීම මත මේ වැනසෙන්නේ හෙළ බොදු උරුමය බව අමතක නොකළ යුතුයි. වරක් දෙවතාවක් නොව ගිනිය නොහැකි තරම් වූ විශාල ප්‍රමාණයක් අපේ පුරාවස්තු සංහාරය වෙමින් පවතින යුගයක් මේ. මාතෘභූමියේ සිවුදෙස මේ සංහාරයට පත්වන්නේ අපේ ඓතිහාසික උරුමයන්. මේ බිමේ උපන් හැම සත්වයකුගේම උරුමය හා අදීනත්වයයි මේ ඩෝසර් වන්නේ.

ඔබ වහන්සේලාගේ නායකත්වයෙන් යුත් බොදු බල සේනා ජාලය පසුගිය දිනවල මීට එරෙහිව හඬක් නැගුවා.

ඔව් දෙමසක් තුළ දාගැබ් කිහිපයක් බුල්ඩෝසර් වුණා. පුරාවිද්‍යා නිලදරුවන් කියන්නේ මේවා ආරක්ෂා කිරීමට විධිමත් භෞතික සම්පත් නොමැති බවයි. වගකිවයුත්තන්ගේ යුතුකම විය යුත්තේ මීට අදාළව පහසුකම් සලසා මේ පුරාවස්තු ආරක්ෂා කිරීමයි. ඒ වැඩපිළිවෙල මගින් අපේ ආනගතය සුරක්ෂිත වනවා. එක නිලධාරියෙක් හෝ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය ජනතා නියෝජිතයින් ජාතියේ පේ‍රෟඪත්වය හා ඓතිහාසික උරුමය විනාශ වෙන කොට ඒ ගැන කථා කරලා නැහැ. මොට්ටයාගල සෑය විනාශ කළා. සාගම සෑය විනාශ වුණා. අපි බොදු බල සේනා විදියට මේ විපත්තිය මාධ්‍යයෙන් දැනගත් මොහොතේම නැගෙනහිර පළාතට ගියා. අපි දුටුවේ සිත් කම්පා කරවන සුළු සිදුවීම්. අවම තරමින් යුද බිය තුරන් වී අපට සාමය උදාවී ඇති මොහොතේවත් මේ පුරාවස්තු සංරක්ෂණයට පියවර නොගැනීම බලවත් අත්වැරැද්දක් වහාම පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ඇති අණපනත්් සැකසිය යුතුයි. අදටත් සුද්දො හදපු කළු සුද්දො වඩපු අණපනත් කරපින්නාගෙන මේවාට විසඳුම් සෙවිය නොහැකියි. මාධ්‍ය හරහා හෝ ඒ ඒ භාෂා වලින් විශේෂයෙන් මුසල්මානුවන්වත්, දමිළ සහෝදරයන්වත් වහාම දනුවත් කළ යුතුයි. අද වන තුරුත් එවැනි වැඩපිළිවෙළක් නම් අපි දකින්නේ නැහැ. මේ සංහාරය වන්නේ හැම එකකුගේම උරුමය බව කියා දිය යුතුයි.
හාමුදුරුවනේ අවාසනාවකට මෙන් කොයි කාට නොපෙනුනත් දින දින වැනසෙන්නේ අපගේ උරුමයයි
ඔව් මේ රටේ එක වැවක්වත්, එක දාගැබක්වත් සිංහලයන් විසින් හැර අන් කිසිවෙක් හෝ විසින් ගොඩනංවා නැති බව සිහිපත් කළ යුතුයි. පුරාවිද්‍යාත්මකව පිළිගත හැකි ලෝකයේ පළමු බෞද්ධ ස්ථූපය ගොඩනැංවෙන්නෙත් ලංකාවේ. ඒ ලංකාවේ නැගෙනහිර වෙරළේ තිරියාය ප්‍රදේශයේ ගිරිඛණ්ඩණ සෑය හෙවත් ගිරිහඬු සෑයයි. බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු නිධන් කොටයි එම සෑය තැනවූයේ. ඒ බුදුරදුන් ධරමාන සමයේ දීමයි. කාවන්තිස්ස රජු ලලාට ධාතු නිදන් කොට සේරුවාවිල ෙචෙත්‍යය තනා සේරුවාවිල විහාරය ඉදි කළා. සද්ධාතිස්ස රජු. දීඝවාපී ෙචෙත්‍ය සහ විහාරය කරවූවා. අපේ සිංහල රජවරු අන්න ඒ විදියටයි අපේ උරුමය ආරක්ෂා කර ගත්තේ.
උතුරු පළාතේ බෞද්ධ සිද්ධස්ථාන 130ක
නෂ්ටාවශේෂද, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 81, මඩකලපුව දිස්ත්‍රික්කයේ 22, අම්පාර දිස්ත්‍රික්කයේ 43 ක්ද වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගෙන තිබෙනවා. දෙවැනි අග්බෝ රජු ගංතලාව හෙවත් කන්ත‍ලේ වැව ඉදි කොට ඒ යටතේ ජනපද පිහිටෙව්වා, සිංහල රජවරු මොරවැව, මහදිවුල් වැව, අල්ලායි, වාකරෙයි, උන්නච්චි, ආදී වැව් තනා ඒ අවට සිංහල ජනපද පිහිටෙව්වා. උතුරු නැගෙනහිර දෙපළාතේ පුරාවිද්‍යා ස්ථාන දෙසීය හැත්තෑ හයකට වැඩි බව අපි දන්නවා. නිලධාරීන් මෙන්ම දේශපාලකයන්ද ඒ බව තිර ලෙස රටවැසියාට අවධාරණය කළ යුතුයි. අතන මෙතන අර කතා මේ කතා විහිළු කතා නොකියා
පළමුවෙන්ම ජාතික උරුමය ආරක්ෂාකර ගැනීමට පෙළගැසී සීරුවෙන් සිට ගත යුතුයි. ‍පොලීසිය, පුරා විද්‍යා නිලදරුවන් මෙය ඉටු නොකරන්නේ නම් අප විසින් එය නිසි ලෙස ඉටු කරන්නම්. මේවා සංරක්ෂණය කොට ආරක්ෂා කිරීමට ඇති අපහසුතාව කුමක්ද? ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් විධිමත් ලෙස කටයුතු කළ යුතුයි. අද ඇතැමුන් ජාතියේ අළුගෝසුවන් බවට පත් වී ඇති බව පෙනෙනවා. නැගෙනහිර පළාතේ විශාල ලෙස බෞද්ධ පුරාවස්තු සංහාරය වෙනවා.

හාමුදුරුවනේ පෘතුගීසි ඉංග්‍රීසි හා අනෙකුත් පාලන සමයන්හි පැවැති වාතාවරණය සිහිපත් කිරීමද වැදගත් වේවි.

ශ්‍රී ලංකාව 1815 ඉංග්‍රීසි පාලනයට යටත් වන විට වර්තමාන නැගෙනහිර පළාතට අයත් ප්‍රදේශය සපුරාම මහනුවර රාජධානියට අයත්ව පැවතුණා. ඒ බව නැගෙනහිර පළාතේ මහමුදලිව සිටි එස්.ඕ.කනගරත්නම් මහතාද ප්‍රකාශ කොට තිබෙනවා. සිංහල රජ දරුවන්ගේ ආධිපත්‍ය පැවති යුගයේදී මුළු මඩකලපු දිස්ත්‍රික්කයම කන්ද උඩරට පළාතේ කොටසක් වූවා. පෘතුගීසින් විසින් 1626 දී බේරුවල ආදී බටහිර මුහුදුබඩ පළාත් වලින් මුස්ලිම්වරුන් පන්නා දැමු අවස්ථාවේදී මහනුවර රජු වූ සෙනරත් රජු හාරදහසකට අධික සංක්‍රමණික මුස්ලිම් ජනයා දිගාමඩුල්‍ලේ මුහුදුබඩ ප්‍රදේශයේ පදිංචි කරනු ලැබුවා. දැනට කල්මුණේ ‍පොතුවිල්වල මුස්ලිම් ජනතාව අතරින් වැඩි දෙනා ඔවුන්ගෙන් පැවත එන්නන් – සිංහලයන්ගේ පිළිසරණ ලබා උරුමකරගත් ඒ ඓතිහාසික ඥාතීත්වය හා සබැඳියාවන් මුසල්මා නුවන් බිඳ ගත යුතු නැහැ. ඇතැම් අන්තවාදීන් මේ ඉතිහාසය අමතක කොට අපිව අනවශ්‍ය කලබගෑනියකට පත්කරන්නේ කිනම් අරමුණකින් දැයි විමසා බැලිය යුතුයි.
අතීත හා වර්තමාන සිදුවීම් ද සැලකිල්ලට ගනිමින් අප අනාගතයට මුහුණ දීම සඳහා සවිබල විය යුත්තේ කෙසේ දැයි පහදා දෙන්නේ නම් එය සමස්ත බොදුනුවන්ටම අතිශය වැදගත් වේවි අපේ හාමුදුරුවනේ,
අද වන විට භික්ෂුව හා දේශපාලනය පිළිබඳව බොහෝ ව්‍යාකූල වූ අදහස් රාශියක් සමාජගත වී තිබෙනවා. අතීතය දෙස බලා අතීත පාඩම් මතින් අපි නැගිටිය යුතුයි. මෙරට බුදු දහම හා සසුන සමාජගත වී ඇත්තේ ව්‍යවස්ථාවේ සඳහන් පරිදිම පූර්ණ රාජානුග්‍රහය සහිතවයි. එය මිහිඳු මහ රහතන් වහන්සේ සහ තිස්ස රජතුමා අතර ඇති වූ සියලු ආකාරයේ එකඟතා අනුවම සිදු වූවක්. එය කිසිසේත්ම බලපෑමක් හෝ ආක්‍රමණික ච්ෙතනාවක් අනුව සිදු වූවක් නොවෙයි. අද වන විට අපට ඇති තර්ජන සුළු පටු නොවෙයි. අපමත බලහත්කාරය යොදවා මිත්‍යාව රජ කරවන්නට උත්සාහ දරන මෙවන් යුගයක අප ඉතා අවදියෙන් සිටිය යුතුයි. භික්ෂූන් වහන්සේ එදා සිටම චක්කවත්තී සීහනාද, අග්ගඤ්ඤ, කූඨදත්ත ආදී සුත්‍ර වලින් හෙළි කරන බෞද්ධ දේශපාලිනික ධර්මයෙහි සාරය මත පිහිටා රට – දැය – සමය රැකුමට දිරි දුන්නා. එය මේ දක්වාම මේ රට දේශපාඥන නායකත්වය හා ජනතාව අතර අර්බුදකාරී අවස්ථාවකට යොමු වන හැම විටකම විසඳුම් සඳහා ගෙනහැර දැක්වූ රාජ්‍ය උපදේශක ධර්මයයි. භික්ෂූන් වහන්සේලා එදා සිට අද දක්වාම මේ මෙහෙවර ප්‍රකාශය මත පිහිටා රජයට අනුශාසනා කලා මිස රාජ්‍යභාරයේ කොටස්කරුවන් වී නැති බව අප දැනගත යුතුයි. එය දඹදිව දී බ්‍රාහ්මණ පූජක පංතිය ඉටුකල කාර්යය හෝ යුරෝපයේදී පල්ලි මණ්ඩලාධිකාරීන් විසින් ඉටුකළ කාර්යය හෝ ස්වකීය චර්යාධර්ම නීතිය කර ගත් මුස්ලිම් රටවල ක්‍රියාකාරීත්වයට සමාන වන්නේ නැහැ. අතීතයේදී රජ කළ වළගම්බා රජු ෙජෙනාරාමය බිඳ හෙලා මහා සෑයක් බැඳ එහි බෞද්ධ සිද්ධස්ථානයක් බවට හැඟවුයේ විදෙස් ඔත්තුසේවා මධ්‍යස්ථානයක් වනසා දමා දේශයේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට මිස මූලධර්මවාදී ආගමික හැඟීමකින් නොවෙයි. අද විය යුත්තේද එයම නොවේද? සමස්ත ඉතිහාස ගමන් මග තුළ තවත් නිදර්ශන බොහෝ තිබෙනවා. අද බොදු බල සේනා විදියට අපි කරන්නේද එයයි. රජයටත්, ජනතාවටත් දැහැමිව මග පෙන්වා දීම මහසඟරුවනේ ජාතික මෙහෙවර බැවින් අපි එය ඉටු කල යුතුව තිබෙනවා. වර්තමාන භික්ෂූන් වහන්සේ බලවේගයක් වීමෙන් වියෝ වී තිබෙන බවත් පෙනේ. බලය ඇති තැන වේගයක් නැහැ වේගය ඇති තැන් වල බලය හා සම්පත් නැහැ. දෙපැත්ත එක පිලක් වීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක්ද නැති බව පෙනෙන්නට ඇති බැවින් එය එසේ කර ගැනීමට මගක් සාදා ගමු යන්න අපි ඉදිරියේ ඇති ප්‍රධාන කාර්යභාරයක් බව සිහිපත් කල යුතුය.
සාකච්ඡා කළේ – ජනක හෙට්ටිආරච්චි