IMAGE BY REDDIT
Spread the News

තම අතපය, ඇස් ඉස් මස් මහ පොළොවට පූජාකළ එම රණවිරුවන් රෝද පුටුවලින් හා හැරමිටි ගහමින් යනවිට, ඉබේටම සෙබළුන් විය.
ගංවතුරෙන් පීඩා විඳින ලක්ෂ ගණන් අසරණ ජනතාවට මිහි බට දෙවිවරුන් සේ තම ජීවිත පරදුවට තබා ජනතාව ආරක්‍ෂිත ස්ථානවලට ගෙනයනවිට අර කී සෙබළුන් දැන් නැවත රණවිරුවන් වී ඇත.
පුදුමය වෙන්නේ ගංවතුර නොගැලුවානම්. මහා කඳු නාය නොගියා නම්.

අනක් ගුණක් නැති දේශපාලුවන්ගේ නොමනාකම්වලට කර්මඵල ලෙසින් වන්දි ගෙවන්නේ පීඩිත ජනයාමයි.

පව්කාර දේශපාලුවනේ!
දුරාතීතයේ සිට මව්බිම වෙනුවෙන් රුධිරය හෙලු ජාතියේ වීරයින්ට නිගා කිරීම නවත්තපල්ලා!

නුඹලාගේ කර්මය නුඹලා වෙන ආකාරයකින් ගෙවා දමාපල්ලා!

අනතුර වෙන්න කලින් එය වළක්වා ගැනීම කෙසේ වෙතත් හානිය අවම කර ගැනීමට කාලය යොදනවා වෙනුවට මැති සබය දෙවනත් කරමින් පල්හෑලි දොඩමින් කාලය කා දැමීම නවත්තපල්ලා.

මෙවන් ව්‍යාසන වලට නුඹලා ළඟ පිළිතුරු නැත්නම් නම්බුකාර ලෙස ඉල්ලා අස්වෙයල්ලා!

රට කරන්න පුළුවන් මිනිස්සු තාම පාර්ලිමේන්තුවට පැමිණියේ නැහැ.

මේ හැම ඛේදවාචකයක්ම හඬගා කියන දුක් ගැනවිල්ල වත්මන් පාලකයින්ට යන්න කියන එක නොව ඇතුළට ආ හොරුන් පන්නා දමා ජාතික ලැයිස්තුව හරහා හෝ ආපදා අවස්ථාවලදී පමණක් නොව සෑම කල්හිම රට ගොඩනැගිය හැකි දක්ෂ අවංක සත්‍යගරුක පුද්ගලයින් පමණක් ළං කර ගනිල්ලා කියන එකයි.

-තෙවෙනි ඇස-
29.11.2025

Protected by Security by CleanTalk