Spread the News

දිනසේන රතුගමගේ

Divaina:

ambiga500

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉල්ලීම් හතරක් මුල්  කරගෙන ලන්ඩන් නගරයේ මාරාන්තික උපවාසයක් දියත් කළ යාපනයේ කාන්තාවක් වූ අම්බිගා සෙල්වකුමාර් සිය මාරාන්තික උපවාසය 15 දා අවසන් කොට තිබේ.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරණු ලබන යෝජනාවලියේ කෙටුම්පත් ඉක්මන් කිරීම, ජාත්‍යන්තර ස්වාධීන විමර්ශන යාන්ත‍්‍රණයක් නිර්මාණය කිරීම, ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිළිබදව යළි විමර්ශනයක් කිරීම හා එය පිහිටුවීමත් ඒ ගැන සොයා බැලීම සඳහා ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වෙනම වාර්තාකරුවකු පත් කිරීම හා එක්සත් ජාතීන්ගේ නිර්දේශයන් සඳහා උතුරු නැගෙනහිර පළාතේ ජනමත විචාරණයක් පැවැත්වීම යන කරුණු හතර ඇය විසින් ඉල්ලා සිටි කාරණා හතර වෙයි.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය යෝජනාවලිය ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කළ නිසා ඇය විසින් පවත්වා ගෙන යන උපවාසය අත් හරින ලෙස බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු කීප දෙනෙකුම ඉල්ලා සිටීමත් සමගම දින 17 ක් තිස්සේ අම්බිගා සෙල්වකුමාර් සිදු කළ ඇගේ මාරාන්තික උපවාසය අවසන් කොට තිබේ. අම්බිගා සෙල්වකුමාර්ගේ උපවාසයට සහය දීමට පැමිණි ලන්ඩනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ඇය උපවාසයේ යෙදී සිටි ස්ථානයේ කලහකාරී ලෙස හැසුරුණු අතර එය මර්දනය කිරීමට පැමිණි පොලිස් නිලධාරීන් සමගද ඔවුන් ගැටුම් ඇති කරගෙන තිබුණි. උපවාසය අවසන් කිරීමෙන් පසුව ඇයව වෛද්‍ය පරීක්ෂණ කටයුතු සදහා ලන්ඩනයේ රෝහලක් වෙත ඇතුළත් කොට තිබේ.