Sat. Jan 18th, 2025
Spread the News

තමා හෝ තම පවුලේ කිසිවකු අයුතු ලෙස මුදල් උපයා තිබෙනවා නම් ඒ පිළිබඳ ඕනෑම අධිකරණයක නඩු පවරන ලෙස නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා) පැවසීය.

එමෙන්ම තමන් විගණනය සඳහා ද සූදානම් බව වරප්‍රසාද ප්‍රකාශයක් සිදු කරමින් හෙතෙම කියා සිටියේය.

නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

පසුගිය දිනවල මේ පාර්ලිමේන්තුවේදී මටත් අපේ පවුලටත් චෝදනා රැසක් එල්ල වුණා. 2015 වසරට පෙර නගපු වංචා හා දූෂණ සම්බන්ධව යහපාලන ආණ්ඩුව කාලයේ එෆ්. සී. අයි. ඩී.ය සහ දූෂණ, මර්දන කමිටුව මගින් පැවැත්වූ චෝදනා ගැන පාර්ලිමේන්තුවේදී යළිත් ඉස්මතු කළා.

අපට ලැම්බෝගිනි රථ තිබෙනවා. රත්තරන් අශ්වයෝ සහ ඩොලර් බිලියන 18ක් ගැන එදා මේ පාර්ලිමේන්තුවේදී කතා කළා. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දිවුරුම් ප්‍රකාශයක් දුන්නා. මැදපෙරදිගට සහ විදේශ රටවලට ගිහින් ඒවා හොයාගෙන එන්න කියලා. පසුගිය දිනවල මනුෂ නානායක්කාර මහතා ඩිජිටල් කරන්සි පිළිබඳව කිව්වා. ඒක අමූලික බොරුවක්. ඒ ගැන සාක්ෂි තිබෙනවා නම් වරප්‍රසාදවලට මුවා වෙන්නේ නැතුව නීතිමය කටයුතු කරන්න.

ඕනම අධිකරණයක ඕනෑම කොන්දේසියකට යටත්ව ඕනෑම පරීක්ෂණයකට මුහුණ දෙන්න අපි ලෑස්තියි. 2015 දී කරපු බොරු චෝදනා ටික ඒ විදිහටම යළිත් ක්‍රියාත්මක කරනවා. පෝට්සිටි එකෙන් කොමිස් ගැහුවා කිව්වා. දැන් අලුතින් කියනවා පෝට්සිටිය නාමල්ගේ බූදලයක් කියලා. මේ වගේ අමූලික බොරු හරහා සමාජය නොමග යවන්න අදටත් විපක්ෂය උත්සාහ කරනවා.

මේ බොරු චෝදනාවලට මේ සභාව යට කරන්න එපා. අපට එරෙහිව ඔබතුමාලාගේ ආණ්ඩුව පරීක්ෂණ කළා. නඩු දැම්මා. ලෝකේ වටේ ගිහින් කිව්වා. මට සහ මගේ පවුලේ ඕනෑම කෙනෙකුට ඕනෑම රටක අයුතු ලෙස උපයා ගත් දේපළක් තිබෙනවා නම්, ලෝකයේ ඕනෑම අධිකරණයක නඩු දමන්න. ඒවාට මුහුණ දෙන්න අපි සූදානම්. මගේ වත්කම් බැරකම් ප්‍රකාශ පසුගිය අවුරුදු 12ටම මම පාර්ලිමේන්තුවට ලබාදී තිබෙනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන Link to Original News Diavaina

Protected by Security by CleanTalk