අරක්කු සිගරැට්වලට මෙරට ජනතාව දිනකට කෝටි 100ක් වැය කරනවා – දුම්කොළ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති

Spread the News

Divaina:

arack1දුම්කොළ හා මද්‍යසාර සඳහා මෙරට ජනතාව දිනකට රුපියල් කෝටි 100 කට වැඩි මුදලක් වැය කරන බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්‍ෂ මහතා ඊයේ (23 දා) පැවසීය.

දුම්වැටි සඳහා දිනකට රුපියල් කෝටි 38 ක් සහ මද්‍යසාර සඳහා රුපියල් කෝටි 57 ක් පමණ වැය කරන බවද දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් ඊයේ වෝටර් එජ්හි සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවකට එක් වෙමින් ඒ මහතා කියා සිටියේය.

දුම්වැටි නිසා දිනකට මෙරට පුද්ගලයින් 60 ක් පමණ ද මද්‍යසාර නිසා පුද්ගලයින් 50 ක් පමණ ද මියයන බවත් සෑම පැයකට වරක්ම මේ හේතු දෙක නිසා 4 දෙනෙක් මියයන බවත් ඒ මහතා කීය.

දුම්වැටි සහ මද්‍යසාර මගින් රජයට බදු මුදලක් ලැබුණත් එම මත්ද්‍රව්‍ය නිසා රෝගීන් වන පුද්ගලයින්ට ප‍්‍රතිකාර කිරීම සඳහා බදු ආදායම මෙන් තුන් ගුණයක පමණ වියදමක් දැරීමට රජයට සිදුවන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

චමින්ද සිල්වා