Spread the News

NEWS COURTESY BBC SINHALA :3 අගෝස්තු 2022

යාවත්කාලීනවී ඇත 11 මැයි 2023

අරගලය ගැන ලෝකයට කියූ බ්‍රිතාන්‍ය තරුණියට ශ්‍රී ලංකාවෙන් යන්න වෙයි

තමන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සඳහා නිකුත් කර තිබූ වීසා බලපත්‍ර අවලංගු කිරීමට ආගමන හා විගමන පාලකවරයා ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙරට රැඳී සිටින බ්‍රිතාන්‍ය ජාතික තරුණියක වන කිලී ෆීසර් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවක් ගෙවන ලෙස ඇයට නියෝග කළේය.

නඩු ගාස්තු අය කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් විවෘත අධිකරණයේ දී නීතිපතිවරයාට නියම කරනු ලැබීය.

එස්. තුරයි රාජා, අචල වෙංගප්පූලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

මෙම පෙත්සම මීට පෙර සලකා බැලූ අවස්ථාවේදී එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස වග උත්තරකාර ආගමන හා විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා ද සිල්වා මූලික විරෝධතා මතු කර තිබුණා.

වීසා අවලංගු වූ බ්‍රිතාන්‍ය තරුණියට මොකද වුණේ ?

වීසා අවලංගු කර සිටින බ්‍රිතාන්‍යය තරුණියක වන කේලි ෆ්‍රේසර් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසීය.

2022 අගෝස්තු 15 වැනිදායින් ඇයගේ වීසා කාලසීමාව අවලංගු විය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව 2022 අගෝස්තු 26 වැනිදා බීබීසී සිංහල සේවයට සඳහන් කළේ ස්ථාන කිහිපයකම සොයා බැලුවද මෙතෙක් ඇය සිටින ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වූ බවයි.

ඇය සොයා විමර්ශන ක්‍රියාත්මක බවද මාධ්‍ය ප්‍රකාශකවරිය සඳහන් කළාය.

“වීසා නැතිව ඉඳීම වරදක්” ඇය කියා සිටියාය.

අරගලය පිළිබඳ Instagram ඔස්සේ වාර්තා කළ මෙම බ්‍රිතාන්‍යය තරුණියගේ විදෙස් ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයට ගැනීමෙන් පසු පැවැත්වු විමර්ෂණයකින් අනතුරුව ඇයගේ වීසා අවලංගු කෙරිණි. ඒ , වීසා කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙනි.

අනතුරුව තමාව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා කේලි ෆ්‍රේසර් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනුකළ අතර 2022 අගෝස්තු 16 වැනිදා පෙත්සම ප්‍රතික්ෂේප කෙරිණ.

කෙසේ වෙතත් ඇය ඊට සති කිහිපයකට පෙර සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් අනාවරණය කර තිබුණේ ඇය මෙරටට පැමිණි මුල් අවස්ථාවේදී වැලිගම ප්‍රදේශයේ හෝටලයක දී අයව ලිංගික අපයෝජනයකට ලක් වූ බවටයි.

ඒ සම්බන්ධයෙන් තමා පොලිසියට පැමිණිලි කළ බවත්, පොලිසිය කළ කැඳවීමකට අනුව පොලීසිය වෙත ගිය අවස්ථාවේදී පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙසට තමාට බලපෑම් කළ බවටත් ඇය චෝදනා කර සිටියාය.

එවැනි අපයෝජනයක් සිදු නොවූ බවට ලිපියක් ලබා දෙන ලෙසට තමාට බලපෑම් එල්ල වූ බවද ඇය එම වීඩියෝ සඳහන් කර තිබුණි.

පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේ ඇයි ?

ඒ, පෙත්සම විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවක් කරුණු ඉදිරිපත් කිරීමට පෙත්සම්කාරිය අපොහොසත් වී ඇති බවට තීරණය කරමිනි.

ඒ අනුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසට කර තිබූ ඉල්ලීම ද අධිකරණය ප්‍රතික්ෂේප කර සිටියේ ය.

අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා හමුවේ පෙත්සම කැඳවනු ලැබිණ.

හේතුවක් නොදක්වා වුව ද වීසා අවලංගු කිරීමට හෝ අවසන් කිරීමට අභිමතානුසාරී බලයක් ආගමන හා විගමන පාලකවරයාට ඇති බවට ‍ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මඟින් තහවුරු කර ඇති බව විනිසුරුවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.

පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ නාගාහනන්ද කොඩිතුවක්කු හා නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥ අමසරා ගජධීර ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම ප්‍රතික්ෂේප කෙරුණි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණි.

පෙත්සම්කාරිය පෙන්වා දී තිබුණේ, ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් තමන් සඳහා නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අත්තනෝමතික ලෙස අවලංගු කිරීමට කටයුතු කර ඇති බවයි.

කිසිදු සාධාරණ පදනමක් නොමැතිව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ගනු ලැබූ තීරණය නීති විරෝධීයැ යි තීන්දුකොට, එය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය 2022 අගෝස්තු 12 වැනිදා අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයගේ වීසා බලපත්‍රය අවලංගු කරනු ලැබුවේ පසුගියදා කරන ලද විමර්ශනයකින් අනතුරුවය.

ජනපති රනිල් කලින් කිව්වේ කුමක්ද?

එහෙත් පසුගිය මැයි මස 19 වැනිදා බ්‍රිතාන්‍යයේ ස්කයි රූපවාහිනි සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ මෙරට සංචාරය කරන විදේශකයින්ට අවශ්‍ය නම් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ වුවද නිරතවිය හැකි බවයි.

Skip Twitter post, 1

Twitter අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට ‘පිළිගෙන ඉදිරියට යන්න’ තෝරන්න.Accept and continue

End of Twitter post, 1

මේ අතර, කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු මෙම බ්‍රිතාන්‍යය තරුණිය පිටුවහල් කිරීමට තීරණය කර ඇත්තේ කුමන පදනම මත ද යන්න පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් විමසා සිටියේ ය.

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ආගමන විගමන නීතිය අනුව කටයුතු කරන බව යි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතුවලට දේශපාලනිකව මැදිහත් නොවන බව ද ඔහු අවධාරණය කළේ ය.

එහෙත් දැන් සිදුව ඇත්තේ කුමක්ද?

අරගලයට සහය පළකරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ නේවාසික වීසා සහිතව වෛද්‍ය හේතුන් මත මෙරට රැඳී සිටින බ්‍රිතාන්‍ය තරුණියක වන කිලී ෆීසර්ගේ වීසා අවලංගු කළ බව ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පසුගිය දා සඳහන් කළේය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ 2022 අගෝස්තු 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදී ඇයගේ වීසා අවලංගු කොට ඇති බවයි.

අරගලය ගැන ලෝකයට කියූ බ්‍රිතාන්‍ය තරුණියට ශ්‍රී ලංකාවෙන් යන්න වෙයි
ඡායාරූප ශීර්ෂ වැකිය,ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කිලී ෆීසර්ට රටින් පිටවන ලෙස දන්වා එවූ ලිපිය තම ඉන්ස්ටර් ග්‍රෑම් ගිණුමේ පළකළ තුබූ අයුරු

මෙම තරුණියගේ විදෙස් ගමන් බලපත්‍රය පසුගිය සතියේ ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයට ගැණුනි.

වීසා කොන්දේසි උල්ලංඝණය කිරීම හේතුවෙන් ඇගේ ගමන් බලපත්‍රය තම විමර්ශන ඒකකය භාරයට ගෙන විමර්ශනය කිරීමෙන් පසු ඇයගේ වීසා අවලංගු කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

කිලී ෆීසර්ගේ Instagram ගිණුම
ඡායාරූප ශීර්ෂ වැකිය,කිලී ෆීසර්ගේ Instagram ගිණුම

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් කිලී ෆීසර් නවාතැන්ගෙන සිටින නිවහන වෙත ගොස් විමර්ශන කරන අයුරුද ඇය මීට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබුණි.

එහිදී ඇය ප්‍රශ්නකර සිටියේ මෙරට ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ විරෝධතාවයන් ගැන සමාජ මාධ්‍ය හරහා කතාකිරීම වරදක්ද යනුවෙනි.

එහෙත් කිලී ෆීසර් තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සඳහන් කර තිබුණේ “මගේ ආරක්ෂාව ගැන ඇති බිය නිසා මම මෙහි තත්ත්වය ගැන බොහෝ දේ වාර්තා කිරීම පසුබට වූ බව ඔවුන්ට අවබෝධවී ඇතැයි විශ්වාස නැත. මාව නැවත ආරක්‍ෂිත බටහිර රටකට යැවීමෙන් සිදු වන්නේ මේ සමස්ත දූෂිත ක්‍රමය තුරන් කිරීම මගේ ජීවිත මෙහෙයුම බවට පත් කර ගැනීම පමණයි.”

කිලී ෆීසර් තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ තැබූ සටහන
ඡායාරූප ශීර්ෂ වැකිය,කිලී ෆීසර් තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ තැබූ සටහන

අරගලකරුවන් දඩයමක්ද?

ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් පළවා හැරීම සඳහා පසුගිය මාර්තු මස අග ආරම්භ වූ උද්ඝෝෂණ හා ගාලුමුවදොර ජන අරගලයට සහභාගි වූ උද්ඝෝෂකයින් මේවන විට දිනෙන් දින පොලිස් අත්අඩංගුවට පත්වෙමින් ඇත.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිඳු සේනරාත්න නොහොත් “රැට්ටා” ද පසුගිය ද පොලිස් අත්අඩංගුවට පත්වු අතර කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරිණ.

අරගලයට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ක්‍රියාත්මක වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය මෙන්ම කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය, කොටුව හා කොල්ලුපිටිය පොලිස් ස්ථානවල මැදිහත් වීමෙන් එම විමර්ශන ක්‍රියාත්මක වෙයි.

කොටුව ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුලු වූ පුද්ගලයින් රැසක්ද මේවන විට අත්අඩංගුවට ගෙන තිබේ.

අරගලකරුවන් වෙනුවෙන් විශේෂ කාර්යංශයක්

සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් විශේෂ කාර්යාංශයක් පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ (2022 අගොස්තු 03) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.

“මම අරගලකරුවන් දඩයම් කිරීමට කටයුතු කරන බවට විශාල ප්‍රචාරයක් සමහර කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පතුරුවාලන්න උත්සාහ ගන්නවා. නමුත් එය ඇත්තක් නෙවෙයි. සාමකාමී අරගලකරුවන්ට කිසිදු ආකාරයක අගතියක් සිදුවීමට මම ඉඩ දෙන්නේ නෑ. සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් මම විශේෂ කාර්යාංශයක් පිහිටුවනවා.” ජනාධිපතිවරයා අවධාරණය කළේය.

“සාමකාමී අරගලකරුවෙකුට අසාධාරණයක් සිදු වුණොත් ඒ කාර්යාංශයට දවසේ පැය 24 පුරා ඕනෑම වේලාවක දැනුම් දෙන්න පුළුවන්. එවැනි දැනුම් දීම් පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට විශ්‍රාමික විනිසුරුතුමෙකුගේ මූලිකත්වයෙන් කමිටුවක් පිහිටුවනවා. නොදැනීමෙන් හෝ වෙනත් අයගේ බලපෑම් නිසා නීති විරෝධී ක්‍රියාවලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට හෝ හවුල් වූ අය ඉන්නවා නම්, ඔවුන් වෙත සානුකම්පිතව ක්‍රියා කිරීමේ සැලැස්මක් සකස් කරනවා.” ඔහු පැවසීය.

“නමුත්, චේතනාන්විතව නීතිය උල්ලංඝණය කරමින්, ප්‍රචණ්ඩ හා ත්‍රස්තවාදී ක්‍රියාවන්හී යෙදුණු අයත් ඉන්නවා. ඔවුන්ට එරෙහිව නීත්‍යානූකූල පියවර ගන්නවා. නීතියට පිටින් කටයුතු කරන්නට කිසිවෙකුට මම ඉඩ දෙන්නේ නැහැ. නීතිය ඔබටත්, මටත්, සියලු දෙනාටත් එකයි.” ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් අද අවධාරණය කළේය.

“මැයි 09 වැනිදා සාමකාමී අරගලකරුවන්ට පහරදුන් පුද්ගලයන් සහ අරගලයට මුවා වී ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය පතුරවන පුද්ගලයන් සම්බන්ධයෙනුත් එක ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා.”

මේ ක්‍රියාවලියේදී කිසිදු දේශපාලන බලපෑමක් සිදු නොවීමට තමා වග බලා ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

විරෝධතාකරුවන් මර්දනය ගැන ‘හියුමන් රයිට් වොච්’ දැඩි අවධානය

දේශපාලන ප්‍රතිසංස්කරණ සහ රටේ ආර්ථික අර්බුදයට වගවීම අපේක්ෂා කරන ක්‍රියාකාරීන්ට හිරිහැර කිරීමට සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා රජය හදිසි නීති රෙගුලාසි භාවිතා කරමින් සිටින බව හියුමන් රයිට්ස් වොච් අද ප්‍රකාශ කළේය.

2022 ජූලි 21 වැනිදා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දිවුරුම් දුන් දා සිට, විරෝධතාකරුවන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, නීතිඥයන් සහ මාධ්‍යවේදීන් බිය ගැන්වීම්, සෝදිසි කිරීම් සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් හරහා විරෝධතා මැඩපැවැත්වීමට පොලිසිය සහ හමුදාව උත්සාහ කර ඇතැයි එම සංවිධානය පවසයි.

හියුමන් රයිට් වොච් සංවිධානය පෙන්වා දෙන්නේ, 2022 ජූලි 22 වන දින ජනාධිපති වික්‍රමසිංහ විරෝධතාකරුවන් විසුරුවා හරින ලෙසත් කොළඹ නගරයේ ඔවුන්ගේ අරගල භූමිය බිඳ දමන ලෙසත් ආරක්ෂක අංශවලට නියෝග කර ඇති බවයි. පොලිසිය පසුව විරෝධතා නායකයින් ඉලක්ක කර අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම කර ඇති බවයි.

Skip Twitter post, 2

Twitter අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට ‘පිළිගෙන ඉදිරියට යන්න’ තෝරන්න.Accept and continue

End of Twitter post, 2

“සාමකාමී විරෝධතාවන් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මර්දනය කිරීම, රටේ හදිසි ආර්ථික අර්බුදය විසඳීමේ අවශ්‍යතාවයෙන් අවධානය වෙනතකට යොමු කිරීමට වැරදි සහ නීති විරෝධී උත්සාහයක් බව පෙනේ” යනුවෙන් හියුමන් රයිට්ස් වොච් හි දකුණු ආසියානු අධ්‍යක්ෂ මීනක්ෂි ගංගුලි පැවසීය.

“ශ්‍රී ලංකාවේ ගැඹුරින් මුල් බැස ඇති ආර්ථික ගැටලු විසඳීම සඳහා මානව අයිතිවාසිකම් ගරු කරන පරිපාලනයක් සමඟ කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට පැහැදිලි විය යුතුය.” ඇය අවධාරණය කළාය.

ජුලි 22 අලුයම ආරක්ෂක අංශ කොළඹ ප්‍රධාන ජනතා අරගල භූමියට කඩා වැදීමෙන් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

වැටලීමේදී Xposure News හි මාධ්‍යවේදීන් තිදෙනෙකු වන චතුරංග ප්‍රදීප් කුමාර, රසික ගුණවර්ධන සහ ෂබීර් මොහොමඩ් සහ අවම වශයෙන් තවත් එක් මාධ්‍යවේදියෙකු වන BBC හි ජරීන් සැමුවෙල්ට ආරක්ෂක හමුදා පහර දුන් බව හියුමන් රයිට් වොච් පෙන්වා දෙයි.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු කිතුනු පූජකවරු පිරිසක් විරෝධතාවලට එක්ව සිටියහ. එම විරෝධතාවයේ ප්‍රමුඛයෙකු වූ කතෝලික පූජකයෙකු වන ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු තවත් කිහිප දෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ජූලි 25 වැනි දින විදෙස් ගමන් තහනමක් පැනවූ බව මාධ්‍ය වාර්තා කළේය.

දින දෙකකට පසු පොලිසිය පීරිස් පියතුමාගේ දේවස්ථානයට ගොස් ඔහුව අත්අඩංගුවට ගැනීමට නියෝගක් ඇති බව ප්‍රකාශකර ඇති බව හියුමන් රයිට් වොච් අනාවරණය කළේය.

ජුලි 26 වෙනිදා බලධාරීන් විසින් තවත් ප්‍රමුඛ පෙළේ විරෝධතාකරුවෙකු වූ ධනිෂ් අලි කොළඹින් පිටත් වීමට සූදානම් වූ ජාත්‍යන්තර ගුවන් යානයක් තුළදී අත්අඩංගුවට ගත් බවත් හියුමන් රයිට් වොච් සංවිධානය පෙන්වා දෙයි.

හදිසි නීති විධිවිධාන වහාම අවලංගු කළ යුතුයි.

ජනාධිපති වික්‍රමසිංහ 2022 ජූලි 18 වැනිදා ප්‍රකාශයට පත් කළ හදිසි නීතිය යටතේ පුද්ගලයකු මහේස්ත්‍රාත්වරයකු හමුවට ගෙන ඒමට පෙර රඳවා තබා ගත හැකි කාලය පැය 24 සිට 72 දක්වා වැඩි කර තිබේ.

බලධාරීන්ට සෝදිසි කිරීම් සහ අත්අඩංගුවට ගැනීමේ අතිරේක බලතල ලබා දී ඇති අතර, මිනිසුන් රඳවා තබා ගැනීම හෙළි නොකර දිනක් දක්වා රඳවා තබා ගැනීමට මේ අනුව හමුදාවට බලය ලැබේ.

මෙම විධිවිධාන වධහිංසා පැමිණවීමේ සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ අවදානම වැඩි කරන බව හියුමන් රයිට් වොච් සංවිධානය අවධාරණය කළේය.

ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ, හදිසි අවස්ථාවකදී ඇතුළුව, වධහිංසාවට එරෙහි ආරක්ෂාව, අධික ලෙස බලය යෙදවීම සහ අනෙකුත් මූලික අයිතිවාසිකම් කිසිවිටෙක උල්ලංඝණය නොකළ යුතුය.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට පටහැනි හදිසි නීතියේ විධිවිධාන වහාම අවලංගු කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් අවධාරණය කරයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ හදිසි නීතිය මඟින් ජනාධිපතිවරයාට සහ පොලිසියට මහජන රැස්වීම් තහනම් කිරීමට පුළුල් බලතල ලබා දෙන බවයි.

ල් බලතල ලබා දෙන බවයි.

https://www.bbc.com/ws/av-embeds/cps/sinhala/world-62406564/p0c0kl68/siවීඩියෝ ශීර්ෂ වැකිය,

ජන අරගලයට විදේශිකයන් ද එක්වෙයි ”GO HOME GOTA…GO TO GO TO GO”

Extra Info Other:

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙතනින් බලන්න