Spread the News
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ගාලු මුවදොර අරගල භුමියේ රැඳී සිටින අරගලයේ ප්‍රධාන භූමිකාවක් දරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තිදෙනකු තම බැංකු ගිණුම්වලින් රුපියල් හාරකෝටි පනස් ලක්ෂයක් රැගෙන යාම සම්බන්ධයෙන් මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම පුද්ගලයන් තිදෙනා මෑතකදී ලංකා බැංකුවේ යුනියන් ප්ලේස් ශාඛාවේ නව ගිණුම් තුනක් අරඹා තිබේ. එම ගිණුම්වලට පසුගිය 15 වැනිදා රුපියල් ලක්ෂ 150 බැගින් රුපියල් ලක්ෂ 450ක මුදලක් විදේශයක සිට කිසියම් පුද්ගලයකු තැන්පත් කර ඇති බව වාර්තා වෙයි. එම මුදල තැන්පත් කිරීමෙන් ටික වේලාවකට පසු මෙම බැංකුවට අදාළ පුද්ගලයන් තිදෙනා සුදු පැහැති ප්‍රියස් මෝටර් රථයක පැමිණ ඇත.

ඔවුන් පැමිණ ගිණුම්වලින් සම්පූර්ණ මුදලම රැගෙන ගොස් තිබෙන අතර, සාමාන්‍ය ක්‍රියාවලිය අනුව මුදල් ලැබීමට හේතුව පිළිබඳ ප්‍රශ්න කළ බැංකු නිලධාරීන්ට ද ඔවුන් තර්ජනය කර ඇති බව වාර්තා වෙයි.

එලෙස තර්ජනය කර තිබෙන්නේ තමන් අරගලයේ බවත්, තමන්ට බාධා කළහොත් ඊළඟ දිනයේ බැංකුවත් වටලන බව පවසමිනි

•අශිකා ජයවීර
– අරුණ

Divaina