Sat. Jan 18th, 2025
Spread the News

අරලගංවිලින් පිටසක්‌වල
ජීවීන් හමුවීමේ කතාව තහවුරු වූ හැටි…

source:

ඉමක්‌ කොනක්‌ නොපෙනෙන විශ්වය හැමදාම මිනිසුන්ව කුතුහලයෙන් පුරවාලීය. ලොව පුරා විවිධ ප්‍රදේශ වලින් පාවෙන පීරිසි සහ පිටසක්‌වල ජිවීන් ගැන විවිධ දේ වාර්තා වන්නේ ඒ අසීමිත කුතුහලය හා සිහින වල ප්‍රකාශන ලෙසය. එහෙත් ඒ අතරේ ලෝකයේම ඇස්‌ ඇරුණු අපූරු සිද්ධියක්‌ පොළොන්නරුවේ අරලගංවිලෙන් වාර්තා වූයේය. ඒ පිටසක්‌වල ජීවීන් සම්බන්ධ විද්‍යාත්මකව තහවුරු කළ අතිශය වටිනා සාධක සමූහයක්‌ අරලගංවිලෙන් වාර්තා වීමය. මේ කියන්නේ ලෝකයම කැළඹවූ ඒ කතාවය.

ගොවිතැනින් දිවි ගෙවන පොළොන්නරුවේ අරලගංවිල ටිකිරි බංඩාගේ කුඹුරට පසුගිය දෙසැම්බර මස 29 දා රාත්‍රියේ නොදන්නා එළි රැසක්‌ පාත්වුනේය. මේ පාත්වෙන පාට එළි ගම්මු දුටුවහ. ඒවා දේවතා එළි වාගේයෑයි සමහරෙක්‌ කීවෝය. කෙසේ වුනත් ටිකිරි බණ්‌ඩා ඇතුළු ගම්මු එළිවනතුරු උන්නේ නොඉවසිල්ලෙනි.

එළිවෙන පාන්දර ටිකිරිබණ්‌ඩා තම වගා බිමට ගියේය. ඔහු දුටු දෙයින් මවිතයට පත්වන්නට වුවේය. ඔහු දුටුවේ තම කුඹුර පුරාම පිළිස්‌සි ගිය පාෂාණ කැබලි වැටී තිබෙන ආකාරයය. ටික වේලාවක්‌ යනවිට මේ බව දැනගත් ගම්වැස්‌සන්ගෙන් එම ප්‍රදේශයම පිරී ඉතිරී යන්නට විය.

අරගංවිල ටිකිරි බණ්‌ඩාගේ කුඹුරේ සිදුවු මේ අරුම සිදුවීම ගැන මාධ්‍ය වර්තා කළේය. ඒ ගැන වගකිවයුතු අංශ දැනුවත් වීමත් සමග වෛද්‍ය පරේෂණ ආයතනයේ අධ්‍යක්‌ෂ වෛද්‍ය අනිල් සමරනායක සහ එම ආයතනයේ වෛද්‍ය පර්යේෂණ තාක්‌ෂණ විද්‍යාඥයෙක්‌ වු කීර්ති වික්‍රමරත්න හා ස්‌වාධීන තාරකා විද්‍යාගවේෂකයෙකු වන නදීක උදයකාන්ත අරලගංවිලට පැමිණියහ. පැමිණ එම පාෂාණ කැබලි වලින් සාම්පලයක්‌ කොළඹට රැගෙන ආව්ය. කීර්ති වික්‍රමරත්න ළ`ග වැඩිදියුණු කළ ආලෝක අන්වීක්‌ෂයක්‌ තිබුණේය. තම ආලෝක අන්වික්‌ෂය මගින් එම පාෂාණ කැබලි පරීක්‌ෂා කළ කීර්ති වික්‍රමරත්න දුටුවේ එහි ජීවත්වෙමින් සිටිනා ඩයටම ජීවින්ය. ඩයටම ජීවීන් යනු ඒක සෛලික ක්‌ෂුද්‍ර ජීවී විශේෂයකි.

සත්ත්ව විද්‍යාවේදී අධ්‍යයන කාර්ය පහසුව ස`දහා ජීවීන් රාජධානි වලට බෙදා දක්‌වන්නේය. එහිදී ඩයටම අයත් වන්නේ ඡරදඑසිඒ නැමැති රාජධානියටය. මේ ඩයටම ජීවීන් ජීවත් වන්නේ ජලාශ්‍රිත පරිසර වලය. මේ ක්‌ෂුද්‍ර ජීවීන්ට ප්‍රභා සංස්‌ලේෂණයෙන් ආහාර නිපදවාගැනීමේ හැකියාවද ඇත. ඔහු පාෂාණ කැබලි වල ජීවත්වන ඒ ඩයටම ජීවීන් ඡායාරූපගත කළේය.

අනතුරුව එම පාෂාණ කැබලි වැඩිදුර පරීක්‌ෂා කිරීම සඳහා එංගලන්තයේ බකිංහැම්හි තාරකා ජීව විද්‍යා අංශයේ සහ කාඩිප් විශ්ව විද්‍යාලයේ සේවය කරනු ලබන ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක්‌ වු මහාචාර්ය චන්ද්‍රd වික්‍රමසිංහ වෙත යවනු ලැබුවේය. එමෙන්ම ඔවුහු එම පාෂාණ සාම්පල ඇමරිකාවේ කැලිපෝනියා විශ්වවිද්‍යාලයටද, ජර්මනියේ ඉපැරණිම විශ්ව විද්‍යාලයක්‌ වන ගටින්ජන් විශ්ව විද්‍යාලයටද , ජපානයේ ටෝකියෝහි චීබා සරසවියටද යොමුකළහ.

මේ අතර මහාචාර්ය වික්‍රමසිංහ විසිsන් පොලොන්නරුව අරලගංවිලට වැටුන උල්කාපාතයෙහි ජීවී ඩයටම ඇති බව තහවුරු කළ බව පැවසුවේය. 70 දශකයේදී තමන් සහ එංගලන්තයේ ආචාර්ය පේඩ් හොයිල් විසින් ඉදිරිපත් කළ ලද පැන්ස්‌පර්නියා වාදය හෙවත් “ජීවය විශ්වය පුරා විහිදී ඇති බවත් එය එක්‌ තැනෙක සිට තවත් තැනකට සංක්‍රමණය වන බවත්” පිළිබ`ද වු මතය මෙම උල්කාපතය හමුවීමත් සමග තහවුරු වන බව කීවේය. මෙම උල්කාපාතය සමග පිටසක්‌වල ජිවින් පැමිණ ඇති බවට තහවුරු කිරීමට අවශ්‍ය සාධක දැන් ලැබී ඇති බවට හේ ප්‍රකාශයක්‌ කළේය. මෙම පර්යේෂණයේ ආරම්භක ප්‍රවේශය සැපයු කීර්ති වික්‍රමරත්න දිවයින හා සංවාදයට එක්‌ විය.

“අරලගංවිලට වැටුන උල්කාපාත කැබලි අකුණු පාෂාණ වශයෙන් ඇතැමුන් හැඳින්වුවා. අකුණු පාෂාණයක ඉරිඩියම් කියන මුල ද්‍රව්‍ය තිබෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක්‌. ඒ කියන්නෙ ඒකක චචප 1 කටත් අඩු ප්‍රමාණකින්. උල්කාපාතයක ඉරිඩියම් මුල ද්‍රව්‍ය තිබෙනවා කියා පිලිගැනෙනවා. අරලගංවිලෙන් හමුවු උල්කාපාත කැබලිවලින් අකුණු පාෂාණයකට වඩා හත් ගුණයක්‌ පමණ ඉරිඩියම් ලැබෙනවා. (ඒකක චචප 7 කට වැඩි ප්‍රමාණයක්‌)

මේ ආකාශවස්‌තු පිළිබ`ද ජාත්‍යන්තර කීර්තියට පත් විදේශ විශ්ව විද්‍යාලවල සිදු කරන ලද පර්යේෂණ අනුව එය උල්කාපාත කැබැල්ලක්‌ බව මැනවින් පැහැදිලි වුනා. ඉතිහාසයේ විශිෂ්ඨ සොයා ගැනිමක්‌ වශයෙන් මෙය ජත්‍යන්තරව බොහෝ විද්වතුන් පිලිගෙන තිබෙනවා. මෙම කාර්යය ලංකාව තුළ සිදු කිරීමේදී දිගින් දිගටම එල්ල වුනේ ගල් මුල් විතරයි. නමුත් වාසනාවකට වාගෙ මේ රටේ මාධ්‍යයෙන් ලබාදුන් සහය මත පැමිණි ගල් මුල් සහ බාධක මෙම පර්යේෂණය ඉදිරියට ගෙන යාමට හැකි වුණා.” කිර්ති වික්‍රමරත්න කීවේය.

අරලගන්විලට පසුව මහියංගනයේ රත්කි`ද ප්‍රදේශයට සහ ගිරාදුරුකෝට්‌ටේ යන ප්‍රදේශවලටද වැටුනු පාෂාණ කැබලි පෙරසේම කර්ති හා නදීක විසින් ඉහත විදේශීය පර්යේෂණ ආයතන වෙත පරීක්‌ෂාවට යවන ලදී. ඒවායේ ඩයටම ජිවින් මෙන්ම ඉරිඩියම් මුල ද්‍රව්‍ය ඇති බව හ`දුනා ගැණුනි. මේ උල්කාපාත කැබලි සුවිශේෂි ආකාරයේ උල්කාපාත බව අනාවරණය කර ගෙන තිබිණි.

පාට වැහි

මේ අතර ලංකාවට පාට වැසි ඇදහැලුනේය. සෙවනගල ඉදිකොලපැලැස්‌ස ගම්මානයට 2012 වසරේ නොවැම්බර් 14 වනදා රතු පැහැති වරුෂාවක්‌ ඇදහැලීම රටට කතා කරන්නට වැදගත් මාතෘකාවක්‌ සැපයුවේය. ඊට මසකට පසු දෙසැම්බර් 20 වනදා යළිත් අනුරාධපුරයේ ගම් කිහිපයකට කහ පැහැති වර්ෂාවක්‌ පතිත විය. අරලගංවිලට උල්කාපත වැටුනේ දෙසම්බර් 29 වන දිනය. පසුව අනුරාධපුරය සහ පුත්තලම ප්‍රදේශයට කොල පැහැති වැසිද වැටෙන්නට විය. ජනවාරි 11 වැනිදා සොරබොර ප්‍රදේශයට කළු වැස්‌සක්‌ වැස්‌සේය. මහියංගනය රත්කි`ද සහ ගිරාදුරුකෝට්‌ට ප්‍රදේශයට උල්කාපාත කැබලි වැටුනේ මේ පාට වැසි වැටෙමින් පැවතුන කාලයේය.

මේ ආකාරයට පාට වැසි ඇද හැලෙද්දී වෛද්‍ය පරයේෂණ ආයතනයේ අධ්‍යක්‌ෂ වෛද්‍ය අනිල් සමරනායක, කීර්ති වික්‍රමරත්න සහ නදීක උදයකාන්ත ඇතු`ඵ පිරිස ඒ ගැන තොරතුරු සොයන්නට වෙහෙසුනේය. වැහි වතුර වල ඩයටම ජීවිහු වුහ. කිර්ති වික්‍රමරත්න විසින් ඉලෙක්‌ට්‍රොaන අන්වික්‌ෂ ඇසුරෙන් විශාල කර මෙම ඩයටම ජීවින් පරීක්‌ෂා කර බලා ඡායාරූප ලබාගත්තේය. ඒ අනුව එම රතු වැස්‌සේ ජලයෙහි එයටම ආවේනිකවු රතු සෛල තිබෙන බව දැකගත හැකි විය. එසේ අනාවරණය කරගත් තොරතුරු ලොව ප්‍රකට අභ්‍යවකාශ විද්‍යා ස`ගරාවල පළවිය. ලංකාව නියෝජනය කරමින් අනිල් සමරනායකගේ සහ කිර්ති වික්‍රමරත්නගේ සම කර්තෘත්වයෙන් චන්ද්‍රd වික්‍රමසිංහ ඇතු`ඵ විද්වතුන්ගේ මුලිකත්වයෙන් පළ කෙරුණු මෙම ලිපි නිසා ලොව පුරා විද්වතුන්ගේ අවාධානය මෙම කාරණා වෙත යොමු විය.

අනතුරුව ලංකාවට වැටුණු රතු වැසි සහ අනෙකුත් වර්ණ වැසි සාම්පල් ගෙන පරීක්‌ෂා කිරීමේදී ද ඩයටම ජිවී කාණ්‌ඩ හමුවිය. ඒවා වැඩි දුර පරීක්‌ෂා කිරීම සඳහා මහාචාර්ය වික්‍රමසිංහට සහ නව නිපයුම් පිලිබඳව හිමිකම් (පේටන්ට්‌) බලපත්‍ර 11ක්‌ ඇති නාසා ආයතනයේ කිර්තිමත් විද්‍යාඥයෙකු වු රිචඩ් ඩි. හුවර්ට යොමු කරන ලදී. එම පරීක්‌ෂණ වලදීද අනාවරණය වුයේ එහි සිටි ඩයටම ජීවීන් කාණ්‌ඩ පෘථිවියේ සිටිනා ඩයටම ජීවී කාණ්‌ඩ නොවන බවයි.

මේ රතු වැසි සාම්පල් ජපානයේ චිබා විශ්ව විද්‍යාලයේදී පරීක්‌ෂා කළේය. එහි සිටි රතු සෛල සහිත ජීවි කාණ්‌ඩ පාථිවියේ සිටිනා ඩයටම ජීවි කාණ්‌ඩඩයන් නොවන බව ඔවුන්ද තහවුරු කළේය. පෘථිවියේ සිටිනා සියලුම ජීවී සෛලිකයෝ සෙන්ටි්‍රගේඩ් අංශක 121දී මිය යති. නමුත් මෙම රතු වැස්‌සේ දී හමුවන සෛල සෙන්ටි්‍රගේඩ් අංශක 300 දී ත් මිය නොයති. ඒවා එම උෂ්ණත්වයේදී දෙගුණයක්‌ වන බව ඉන්දියාවේ මහත්මාගාන්ධි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගොඩ්ප්‍රී ලුවිස්‌ විසින් සොයා ගන්නා ලදී.

පසුව නාසා ආයතනයේ කීර්තිමත් විද්‍යාඥ රිචඩ් ඩී. හුවර් හා අචාර්ය නුරි මියාකේ සමගින් ලංකාවට පැමිණියේය. අනතුරුව ඔවුහු උල්කාපාතය වැටුණු අරලංගවිල කුඹුරුයාය සොයා ගියහ.

මේ පර්යේෂණ අවසනදී අභ්‍යවකාශයේ විසිරී පවත්නා ඩයටම ජීවි ඛාණ්‌ඩ වැසි ජලයත් සමග එකතුවි ඇදහැලිම නිසා ලංකාවේ විවිධ ප්‍රෙaදශවලට විවිධ වර්ණයෙන් යුක්‌ත වු වැසි ඇදවැටුණු බව තහවුරු වුයේය.

මීට සති කිහිපකට ඉහතදී එංගලන්තයේ මහාචාර්ය මිල්ටන් වෝර්න් රයිට්‌ තවත් අපූරු පරීක්‌ෂණයක්‌ සිදු කළේය. ජිවානුහරණය කළ පෙට්‌ටි කිහිපයක්‌ සහිතව මීටර 27000 පමණ උසට බැලුනයක්‌ යවන ලදී. පසුව ඉන් කිහිපයක්‌ දුරස්‌ථ පාලකයක්‌ මගින් තප්පර කිහිපයකට විවර කළ හේ නැවතත් එම පෙට්‌ටි තුළට කිසිම අංශුවක්‌ ඇතු`ඵ වීමට නොහැකි සේ වසා පෘථිවියට ගෙන්වා ගෙන පරීක්‌ෂා කෙරුවේය. එම කුඩා පෙට්‌ටි විශේෂ රසයනාගාරයක්‌ තුළ ඉලෙක්‌ට්‍රොaණ අන්වික්‌ෂ මගින් පරීක්‌ෂා කිරීමේදී ලංකාවට ඇද හැලුනු රතු වැස්‌සේ රතුසෛල වලට සමාන සෛලයන් හමුවිය. ඒ අතර මේ දක්‌වා හ`දුනා නොගත් ඩයටම ජීවි සෛලද තිබිණි.

පොලොවේ සිට මෙම බැලුනයේම රඳවා ම අභ්‍යවකාශයට යවා විවර නොකරන ලද පෙට්‌ටි තුළ කිසිම දෙයක්‌ අඩංගු නොවුණි.

මේ ආකාරයෙන් දිගින් දිගටම සිදු කරනා පරීක්‌ෂණ වලින් අනාවරණ වූයේ උල්කාපාත හරහා වෙනත් ග්‍රහ ලොවක සිට ජීවින් ගමන් කරනා බවට මහචාරය චන්ද්‍රd වික්‍රමසිංහ ඉදිරිපත් කළ මතයේ වලංගු භාවය ය. චන්ද්‍රd වික්‍රමසිංහ නැමැති මේ කීර්තිමත් මහාචාර්ය වරයා දිවයින හා සංවාදයට එක්‌වෙමින් මෙසේ සිය අදහස්‌ ප්‍රකාශ කළේය. “ලෝකය මෙවැනි සොයා ගැනීම් සඳහා බිලියන ගණනින් මුදල් වියදම් කර පරීක්‌ෂණයනA සිදු කරනවා නමුත් ලංකාවේ එම තත්වය දකින්නට ලැබෙන්නේ නැහැ. අරලගංවිල ටිකිරි බංඩා ගේ කූඹුරෙන් හමුවු උල්කාපාත කැබැලි මම හ`දුන්වා ඇත්තේ පොලොන්නරුව උල්කාපාතය නමින්. ඒ අනුව මම බලාපොරොත්තු වෙනවා මේ රටේ සංචාරක ව්‍යාපාරයටද ඉන් පිටුවහලක්‌ ලබා ගත හැකි බව. මෙම සොයා ගැනිම පිළිබඳව ලෝකයේ බොහෝ තාරකා ජීව විද්‍යාඥයින් දැඩි උනන්දූවක්‌ දක්‌වනවා. එය කුඩා රටක්‌ වන ශ්‍රී ලංකාව ලෝකයේ ඉහලටම ඔසවා තබන්නට සමත් සිදුවීමක්‌ වුණා.” ඔහු එසේ කියන්නේය.

පසුගිය සතියේ ලංකාවට පැමිණි මහාචාර්ය චන්ද්‍රd වික්‍රමසිංහ සහ ඔහුගේ බිරි`ද වන ප්‍රියා වික්‍රමසිංහ, කීර්ති වික්‍රමරත්න නදීක උදයකාන්ත ඇතු`ඵ මෙම නව සොයා ගැනීම වෙනුවෙන් මූලිකව වෙහෙස මහන්සි වූ පිරිවර ජනාධිපතිවරයාව මුණගැසුනෝය. උල්කාපාතය වැටුණු ටිකිරි බණ්‌ඩාගේ කුඹුරු ප්‍රදේශය සංරක්‌ෂණය කරන ලෙසට අදාළ බළධාරීන්ට ජනාධිපතිවරයා විසින් උපදෙස්‌ දුන්නේය.

පිටසක්‌වල ජීවීන් ගැන අලුත් විද්‍යාත්මක සත්‍යයක්‌ ලෝකයට දායක කරන්නට අපට හැකිවුණේ ඔය ආකාරයටය.

විශේෂ ස්‌තුතිය වෛද්‍ය පර්යේෂණ තාක්‌ෂණ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න මහතාට

සුසන්ත අමරබන්දු

Protected by Security by CleanTalk