Spread the News

අල්ලස්‌ගත් අහට්‌සාරි සහ
හමුදාවට වෛර කරන ජහන්ගීර්

* ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ විමර්ශන මණ්‌ඩලයේ ප්‍රධානි අහට්‌සාරි ඇල්බේනියානු මාපියා කල්ලියෙන් යුරෝ මිලියන 40 ක අල්ලස්‌ ගත්තා

* විමර්ශන මණ්‌ඩලයේ සාමාජිකා අස්‌මා ජහන්ගීර් පාකිස්‌තානය දෙකඩ කර බලුකිස්‌තානය නමින් රටකට සහය දැක්‌වූවා

* හිටපු බී. බී. සී. වාර්තාකාරි ප්‍රැන්සස්‌ හැරිසන්ගේ අළුත්ම මෙහෙයුම “අළුත්ගම” ඔපරේෂන්

* ශ්‍රී ලංකාවට එරෙහි මුල්ම විමර්ශනය සුදු කොඩි සාවාද්‍ය ප්‍රචාරය

“මරට්‌ටි අහට්‌සාරි ඇල්බේනියානු මාපියා කල්ලියෙන් අල්ලස්‌ ගත්තා. මහ ලේකම් බෑන් කී මූන් ඒ ගැන විමර්ශනය කල යුතුයි

කොසවෝ ඇමරිකානු කවුන්සිලයේ අධ්‍යක්‍ෂ ජේම්ස්‌ ජට්‌රාස්‌

“Ahitsari Received Albanian Mafia bribes
– James Jatras – Director
American council for Kosovo

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ විමර්ශන මණ්‌ඩලයට පත්කළ මරට්‌ටි අහට්‌සාරි යුද අපරාධ චෝදනා විභාග කිරීමට සුදුසුම තැනැත්තා යයි චරිත සහතිකයක්‌ දුන්නේ මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලෙයි

එහෙත් අහට්‌සාරි යනු භයානක මිනිහෙකි. ඔහු සර්බියාවෙන් කොසවෝ ප්‍රාන්තය කඩා වෙනම රටක්‌ බවට පත් කිරීමට ඇල්බේනියානු මාපියා කල්ලියෙන් යුරෝ මිලියන 40 ක අල්ලසක්‌ ගත් බව අනාවරණය වී තිබුණි.

අහට්‌සාරි සහ ගත්බව සොයාගත්තේ බී.එන්.ඩී නමින් හඳුන්වන ජර්මානු බුද්ධි සේවයයි. අහට්‌සාරි හා ඇල්බේනියානු මාපියා කල්ලියේ නායකයන් අතර පැවැති දුරකථන සාකච්ඡා පවා එකී බුද්ධි සේවාව පටිගත කරනු ලැබීය.

හිටපු පින්ලන්ත ජනාධිපති ලෙස සේවය කල අහට්‌සාරි සමඟ දැඩි සබඳකම් පවත්වන හිටපු දේශපාලනඥයකුද මෙරට සිටී. ශ්‍රී ලංකාවේ බුද්ධිමත් ජනතාව පසුගිය මැතිවරණයේදී එකී දේශපාලනඥයාව පරාජය කරනු ලැබීය.

මේ පසුබිම මැද ශ්‍රී ලංකාවේ හමුදාව ගැන විමර්ශන පැවැත්වීමට පත්කළ අහට්‌සාරි නැමැති තක්‌කඩියා ගැන ජර්මානු බුද්ධි සේවාව සොයාගත් තොරතුරු අපි අද හෙලිකරන්නෙමු.

1. අහට්‌සාරිගේ සයිප්‍රස්‌ බැංකුවේ ගිණුම් අංකය – 34593466990043 රහස්‌ සංකේතය වොලැන්ඩ්

2. එක්‌ස්‌නෙට්‌ බෝරියා නැමැති ඇල්බේනියානු මාපියාකල්ලි නායකයාගේ අංක 239780, 93457-00097 දරණ ස්‌විස්‌ බැංකු ගිණුමෙන් යුරෝ මිලියන දෙකක්‌ අහට්‌සාරිගේ සයිප්‍රස්‌ බැංකු ගිණුමට බැරකර ඇත.

3. 2007 පෙබරවාරි 12 දා පැය 6.23 ට අංක PR 443-22 CD නමැති කළු මර්සිසිස්‌ බෙන්ස්‌ රියෙන් පැමිණි දෙදෙනකුද කොසවෝහි පිහිටි එක්‌සත් ජාතින්ගේ කාර්යාලයට පැමිණ අහට්‌සාරි හමුවිය. ඔවුන් සතුව සූට්‌කේස්‌ දෙකක්‌ද තිබුණි. මෙම බෙන්ස්‌ ඇල්බේනියානු රජයට අයත්වූවකි. (කොසවෝ එක්‌සත් ජාතින්ගේ කාර්යාලයේ ආරංචි මාර්ග ජර්මානු බුද්ධි සේවාවට පැවසුවේ එකී සූට්‌කේස්‌ දෙකේ මුදල් තිබූ බවත් ඒවා අහට්‌සාරි ලබාගත් බවත්ය.

2007 පෙබරවාරි 26 දා පැය 17.44 ට එකී බෙන්ස්‌ රිය කොසවෝ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණ ඇත. එහි අංක තහඩුව ඉවත්කර තිබිණි.

මෙවර බෙන්ස්‌ රියෙන් එලියට පැමිණියේ ඇල්බේනියානු මාපියා නායක බොරියා සහ ඔහුගේ ආරක්‍ෂකයන් දෙදෙනායි. ඔවුන් ළඟ තවත් සූට්‌කේස්‌ දෙකක තිබුණි.

මේ බොරියා යනු යුරෝපය පුරා හෙරොයින් බෙදාහරින ප්‍රධාන ජාවාරම්කරුයි. ස්‌විට්‌සර්ලන්තයේ සිටින ඇල්බේනියානු කෝටිපති මාපියා ප්‍රධානි බෙහේස්‌ජෙට්‌ පැකොලි ඔහුගේ දකුණු අත යෑයි හැදින්වේ.

මෙම සිදුවීම් වලින් පසු තානාපති ලේබල් යටතේ තවත් සූට්‌කේස්‌ හතරක්‌ පින්ලන්තයට එවා තිවූ අතර එකී සූට්‌කේස්‌ අහට්‌සාරිගේ නිවසට බාරදී ඇත. එකී යුරෝ මිලියන 40 ක්‌ තිබූ බව හෙලිවිය.

ජර්මානු බුද්ධි සේවාව සිය දුරකථන සාකච්ඡාවලට සවන්දෙන බව අහට්‌සාරි දැනසිටියේ නැත. එහෙත් ජිනීවා නුවර සිටින මාපියා නායක පැකොලි සහ අහට්‌සාරි අතරවූ දුරකථන සාකච්ඡා තවදුරටත් පටිගතවී තිබුණි.

මේ අතර ජර්මානු බුද්ධි සේවාවේ චරපුරුෂයන්ට නේටෝ බලකායේ කොසවෝ ඒකකයට අයත් ජීප් රියකින් පැමිණ කාන්තාවන් දෙදෙනකු හා බොරියාගේ ආරක්‍ෂකයකු කොසවෝහි අහට්‌සාරිගේ නිවස්‌නයට ඇතුළු වන බව දැනගන්නට ලැබිණි.

මෙම තත්ත්වය මත සර්බියානු රජය විසින් ඇල්බේනියානු මාපියා කල්ලිය සහ අහට්‌සාරි අතර ඇති සබදතාවය ගැන විමර්ශනයක්‌ පවත්වන ලෙස එක්‌සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියත් ඊට නිසි ප්‍රතිචාරයක්‌ දක්‌වා නැත. එහෙත් ජර්මානු බුද්ධි සේවාවේ තොරතුරු සත්‍ය බව ජර්මානු විදේශ හා ආරක්‍ෂක කටයුතු බලධාරීන් විසින්ද තහවුරු කරනු ලැබීය.

අහට්‌සාරිගේ මේ මාපියා සබඳතාවය නිසා ඩිපෙන්ස්‌ ඇන්ඩ් පොරීන් ඇපයාර්ස්‌ ඉන්ස්‌ටිටියුට්‌ නමැති ආයතනයේ ප්‍රකාශක ග්‍රෙගරි කොප්ලි පැවසුවේ ඔහු යුක්‌තිගරුක මිනිහෙක්‌ නොවන බවයි. 2007 පෙබරවාරි 15 දා සර්බියානු අගමැති කොස්‌ටුනිකා වොජිස්‌ලාව් ප්‍රකාශයක්‌ කරමින් අහට්‌සාරි සර්බියාවෙන් සියයට 15 ක ප්‍රදේශය කොල්ලකෑමට උත්සාහ කරන බව කියා සිටියේය.

එසේම 1994 වසරේදී අහට්‌සාරි මැරයකු මෙන් හැසිරීමේ සිද්ධියක්‌ද හෙලිවිය.

ඔහු සර්බියාවට පැමිණ එරට නායකයාව සිටි ස්‌ලෝබ්හාන් මිලොසවික්‌ හමුවී කොසවෝ ප්‍රාන්තයෙන් සර්බියානු හමුදා වහාම ඉවත්කරන්නැයි ඉල්ලීය.

මිලොසවික්‌ එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය. මේ නිසා කෝපාවිශ්ෂඨ වූ අහට්‌සාරි සාකච්ඡා මේසයේතිබූ රෙද්ද ඉවතට ඇද දමා මගේ ඉල්ලීම ඉඩනොකළහොත් සර්බියාවට වෙන්නේ මෙයයි යයි කෑ ගසා ඇත. 1994 ජුනි 3 දා සර්බියාව සිය හමුදා කොසවෝ වෙතින් ඉවත්කර ගත්තේ අහට්‌සාරිගේ තර්ජනය නිසාය

මේ පසුබිම මත මරට්‌ටි අහට්‌සාරි ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ විමර්ශන වාර්තාවේ දක්‌වන්නේ කරුණු දෙකකි. ඒ උතුරෙන් හමුදාව ඉවත් කරගැනීම සහ ශ්‍රී ලංකාව යුද අපරාධවලට වරදකරු බවයි.

ඇල්බේනියානු මාපියා කල්ලිය අහට්‌සාරිට පගා දුන්නා නම් කොටි ඩයස්‌පෝරාව පගා නොදෙන බව කිවහැකිද?

මෙවන් පසුබිමක්‌ මැද මරට්‌ටි අහිට්‌සාරි ප්‍රමුඛ යුද අපරාධ විමර්ශන මණ්‌ඩලය මුලින්ම විමර්ශන පවත්වන්නේ සාවද්‍ය සුදු කොඩි සිද්ධියයි හෙළිවිය. එහි ඉලක්‌කය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ මේජර් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වායි.

කොටි ත්‍රස්‌තවාදින්වූ නඩේසන් – පුලිතේවන් ඇතුළු ත්‍රස්‌ත හමුදා නායකයන් 12 න් 2009 මැයි 18 දා සුදුකොඩි ඔසවාගෙන පැමිණි බව සාක්‍ෂිකරුවන් සිව්දෙනෙක්‌ දුටු බවට වාර්තාවක්‌ කල් තියාම නවි පිල්ලේ වෙත ලැබී තිබිණි.

මේ හැර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුවද මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයෙන් පැනගත් ද්‍රවිඩයකු යෑයි කියමින් තවත් පුද්ගලයකුගේ සාක්‍ෂියක්‌ද ඉදිරිපත් කර ඇත.

අහට්‌සාර් ඇතුළු කල්ලිය ගිය විමර්ශන වාර්තාව ඉදිරිපත් කිරීමම තුළින් කොටි ඩයස්‌පෝරාව සමඟ දැඩි සබඳකම් පවත්වන දකුණු අප්‍රිකානු නීතිවේදිනියක්‌වූ යස්‌මින් සුකා පිටු 41 ක සුදු කොඩි වාර්තාවක්‌ සකස්‌ කර තිබිණි.

මෙකී සුදුකොඩි වාර්තාවෙන් හෙලිවූයේ එක්‌ සාක්‍ෂිකරුවකු හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී චන්ද්‍රනේරු බවයි. ඔහු කොටි සංවිධානය සමඟ දැඩි සබඳකම් පැවැත්වූවෙකි. වන්නි මෙහෙයුමින් පසු ඔහු මෙරටින් පලා ගියේය.

ශ්‍රී ලංකාවට එරෙහි දරුස්‌මාන් වාර්තාව සකස්‌ කිරීමට දායකවූ යස්‌මින් සුකාගේ සුදුකොඩි වාර්තාවෙන් කොටි පොලිසි ලෙස හඳුන්වාගත් නඩේසන්ගේ චන්ද්‍රිකා දුරකථනය පවා ක්‍රියාත්මකවී ඇත්තේ දකුණු අප්‍රිකාවේ සිට බව අනාවරණය විය.

යුද්ධමය තත්ත්වයක්‌ තුළ සිවිල් වැසියන් දිවි ගලවා ගැනීම සඳහා ක්‍රියාකරන නමුත් සුදුකොඩි සිද්ධිය ගැන අබිරහස්‌ සාක්‍ෂිකරුවන් පුලිතේවන් හා නඩේසන් ඇතුළු කොටි ත්‍රස්‌තයන් යටත්වීම සඳහා පැමිණි ස්‌ථානයත් 58 වැනි සේනාංකය බාර මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා භටයන් 20 ත් 35 ත් අතර සිටි ස්‌ථානයක්‌ සඳහන් කර ඇත.

මින් සනාථ වන්නේ ඉතා සැළසුම් සහගත ලෙස යස්‌මින් සුකා දකුණු අප්‍රිකාවේ සිට සුදුකොඩි වාර්තාව සකස්‌ කිරීමයි. ඇගේ වාර්තාවට අනුව කොටි හමුදා නායකයන් ඇතුළු 100 ක්‌ යටත්වීම සඳහා පැමිණ තිබේ. එහෙත් අත ඊසොප්ගේ හඬ ජෙකොබ්ගේ කියමන සනාථ කරමින් මෙකී වාර්තාවට දායකවූවෙක්‌ ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබාසිටී. ඒ යස්‌මින් සුකා සමඟ එක්‌වූ 1971 හිටපු කැරලිකරුවකු වන වඩුමේස්‌ත්‍රිගේ සුනන්ද දේශප්‍රිය හෙවත් රංජිත්ය.

මේ අතර 147000 ක්‌ ද්‍රවිඩයන් සමූල ඝාතනය වූ බව කියමින් හඬ නැගූ හිටපු බී. බී. සී. වාර්තාකාරි ප්‍රැන්සස්‌ හැරිසන් මෙවර අළුත්ගම සිද්ධිය පසුබිම් කර ශ්‍රී ලංකාවේ මුස්‌ලිම්වරුන්ගේ ඛේදවාචකය නමින් වාර්තාවක්‌ විදේශ මුස්‌ලිම් මාධ්‍ය ක්‍ෂේත්‍රය වෙත ප්‍රචාරය කළාය.

ඇය මේ වාර්තාවේ දැක්‌වූයේ තර්ජන කිරීම් මැද ශ්‍රී ලංකාවෙන් මුස්‌ලිම් ජනතාව පිටුවහල් කිරීමට පියවර ගෙන ඇති බවයි.

(Taken Step to expel Muslims From the Island)

ප්‍රැන්සස්‌ හැරිසන්ගේ පිටු අටක වාර්තාවට දායකවී ඇත්තේ ජර්මනියේ සිට කොටි හඬ නගන රෝහිත භාෂණ අබේවර්ධන සහ නෝර්වේ අරමුදල් ලබන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රධානියායි. මේ හැර ලන්ඩනයේ සිට ප්‍රකාශයට පත්වන බී. බී. සී. සිංහල සේවාවේ ෆේස්‌ බුක්‌හි මුස්‌ලිම් ජනතාවට අවමන් කරන ප්‍රකාශ සඳහන් වී තිබූ බවද ඇය කියා සිටී.

එහෙත් බී. බී. සී. සිංහල සංදේශය මෙහෙයවන්නේ කොටි රූකඩ කල්ලි නොවේද? එකී අවමන් සහගත යෙදුම් එකම කල්ලියකගේ ක්‍රියාවක්‌ බව වාර්තාවේ.

මෙවන් පසුබිමක්‌ මැද හිටපු දේශපාලනයකු මෙහෙයවන පාත් පයින්ඩර් නැමති රාජ්‍ය නොවන සංවිධානය වාර්තාවක්‌ ප්‍රකාශයට පත්කරමින් අන්තවාදීන් මුළු ආර්ථිකයටම තර්ජනය කරන බව කියා සිටියේය. මේ පාත් පයින්ඩර් සංවිධානයේ අතීතය කුමක්‌ද? 2002 වසරේ ඊනියා සටන් විරාම ගිවිසුම අදාල රජයේ සාම ලේකම් කාර්යාලයේ ලියවිලි සංරක්‍ෂණය කිරීම බාර ගත්තේ එකී සංවිධානයයි. ඒ සඳහා නෝර්වේ රාජ්‍යය ඩොලර් 33000 ක්‌ද ලබාදී තිබිණි.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ විමර්ශන මණ්‌ඩලයේ සාමාජිකාවක්‌වූ පාකිස්‌තානයේ ආස්‌මා ජහන්ගීර් විමර්ශන මණ්‌ඩලය වෙත සාක්‌කි දීමට ඉදිරිපත්ව ශ්‍රී ලාංකික සාක්‌කිකරුව්න් අසල්වැසි රටවලට ගෙන්වා සාක්‍ෂි විමසන බව කියා සිටියේය.

එසේම ශ්‍රී ලංකා රජය මෙකී විමර්ශනයට සහය නුදුන්නොත් නරක තත්ත්වයක්‌ උදාවන බවට අස්‌මා තර්ජනාත්මක ස්‌වරූපයෙන් ප්‍රකාශ කර තිබේ.

එහෙත් අස්‌මා ජහන්ගීර් යනු පකිස්‌තාන් හමුදාවට වෛර කළ තැනැත්තියකි. පාකිස්‌තාන් හිටපු හමුදාපති ජනරාල් කයානිගේ ඡායාරූපය නීතිවේදින්ගේ ශාලාවෙන් ඉවත් කරන තුරු තමා නීති සමුළුව අමතන්නේ නැතැයි ඇය කියා සිටියේය.

සිය පියාවූ මලික්‌ ජිලාන්ව හමුදා පාලකයන් කීපවිටක්‌ම සිරගත කිරීම නිසා ඇය පාකිස්‌තාන් හමුදාවට සහ අයි එස්‌ අයි බුද්ධි සේවාවටද එරෙහිවී ඇත.

පාකිස්‌තානයේ මාධ්‍ය වරක්‌ පැවසුවේ අස්‌මා පාකිස්‌තානය දෙකඩ කර බලුකිස්‌තාන් නමින් වෙනම රටක්‌ බිහිකිරීමට පක්‍ෂවූ බවයි.

Lets not forget dusturbing fact about ASMA is that she is the same person who favor the separation of baluchistan from pakistan in the name of human rights

තම මව්බිමේ හමුදාවට වෛර කල හා බෙදුම්වාදයට සහයවූ අස්‌මා ජහන්ගීර්ගෙන් ශ්‍රී ලංකා හමුදාව පිළිබඳ සාධාරණත්වයක්‌ ඉටුවේ යෑයි කිව හැකිද? ශ්‍රී ලංකා නාවික හමුදාවේ 14 වැනි නාවික හමුදාපති ලෙස පසුගිය ජුලි 1 දා සිට මගින් අද්මිරාල් ජයන්ත පෙරේරා පත්විය. ඔහු නාවික හමුදාවේ සයුර නැව අධිවේගී ප්‍රහාරක බෝට්‌ටු සහ ගොඩසිටි යාත්‍රාවේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කර ඇත. 2006 වසරේ වන්නි මෙහෙයුම සමයේ නැගෙනහිර නාවුක විධානයේ නියෝජ්‍ය අණදෙන නිලධාරියා ලෙස සේවය කළේද ඔහුයි.

කීර්ති වර්ණකුලසූරිය

Please sign the below petition

Evidence of Ahtisaari Corruption on “Kosovo Plan

We the undersigned demand of UN Secretary General Ban Ki-moon and the Bush Administration, a full, speedy and transparent, investigation regarding the allegations made against former UN Special Envoy for Kosovo, Marti Ahtisaari, that he was paid  by the Albanian mafia to produce his recommendations for the future status of Kosovo as an independent entity, with the results of this investigation to made public.  Further, we demand to know whether or not the specific German BND report mentioned below does exist and, if so, who else is implicated in this corruption scandal and what the evidence it against them.  Finally, we want to know what action has been and will be taken by the UN, should any and all of these allegation prove true.
http://www.thepetitionsite.com/1/investigate-evidence-of-ahtisaari-corruption-on-kosovo-plan/