Sat. Jan 18th, 2025
Spread the News

රම්බන්ඩගේ පුතා හොඳ මිනිහෙක් වෙන්න පුළුවන්.

නමුත් ඔහු බලයට පත් වන්නේ අවංක පුද්ගලයෙක් ලෙසින් නොවෙයි.

කුණු දේශපාලනය හරහා ඕනෑම අවංක පුද්ගලයෙකු වංක පුද්ගලයෙක් විය හැකියි.

මෙතෙක් බලයට පත්වූ හැම නායකයා ගැනම මිනිස්සු කතා කළේ ඔය පදමාලාවම යොදාගෙනයි.

මම දේශපාලනයේ ඉන්නේ 1952 සිටයි.
වාසුදේව වැනි වියපත් පුද්ගලයෙක් පවා මා හිතන්නෑ ඒ යුගයේදී දේශපාලනයට සම්බන්ධ වී සිටියා කියා.

මා කතා කරන්නේ ලියන්නේ මාගේ අත්දැකීම් තුළින්.

ලංකාවේ එවුන් තරම් රැවටෙන්න කැමති ජාතියක් ලෝකෙ කොහෙවත් නැහැ.

සාමාන්‍යයෙන් සිදු විය යුත්තේ බල්ලා විසින් නගුට සෙළවීමයි.

නමුත් ජාතික ජන බලවේගය නැමැති බල්ලාගේ වළිගය විසින් බල්ලාව නැට වීම ජනතාව බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් කෙරෙනවා.

වළිගය විසින් බල්ලාව නටවන ආකාරය බල බලා සතුටු වුණු 76 වසරක කාලය අක්මුල් සිඳගත් පිරිසකගේ නොසන්ඩාල අතීතයක් ලෙස සැලකීමේ වරදක් නැහැ කියා කිවහොත් එයද අමිහිරි යථාර්ථයේම කොටසක් බවද කිව යුතුව තිබෙනවා.

-තෙවැනි ඇස-
13.10.2024

Protected by Security by CleanTalk