Spread the News

ජගත් මහත්මයාගේ ප්‍රශ්නය තුළ (ශ්‍රී ලංකාවේ දේශපාලන හෙට සෑම විටම කොළඹ කතෝලික සභාව විසින් තීරණය කිරීමේ අවසන් ප්‍රතිඵලය විය හැක්කේ කුමක්ද?) කුතුහලයට එහා ගිය පණිවිඩයක්ද තිබෙන බව මට හැඟුණු නිසා කෙටියෙන් හෝ පිළිතුරක් දීමට තීරණය කළා.

මාගේ සුපුරුදු ලේඛන ශෛලියෙහි සුලභව දක්නට ලැබෙන ව්‍යාංගාර්ථය සහ උපහාස රසය මෙම පුංචි ලිපියටත් අඩංගු කළේ පාඨකයින්ට එයින් යම් වින්දනයකුත් ලබාගන්නට හැකිවේවි කියන බලාපොරොත්තුවෙන්.
දින දෙකකට ඉහතදී කාදිනල් මැල්කම් රංජිත් මාධ්‍ය සාකච්ඡාවකදී රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියා අනුර කුමාරගේ ජාතික ජන බලවේගයට හා සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයට හැර වෙන කිසිම පක්ෂයකට ඡන්දය නොදෙන ලෙස.

ගෝඨාභය ජනාධිපති කර ගැනීමට කාදිනල් දැක්වූ අතිමහත් උනන්දුව ගෝඨාභයගේ සිද්ධියෙන් අවසන් නොවී අනාගතයේදී ශ්‍රී ලංකාවේ බලයට පත්විය යුත්තේ කවුරුන්ද යන්න පවා ජනතාවටත් කලින් තීරණය කිරීම ලංකාවේ කතෝලික සභාවට හා එහි අධිපති කාදිනල්ට පවරන්නේ කවුද කියා දැනගැනීමට මා තුළ ඇත්තේ බලවත් කුතුහලයක්.

උදෙන්ම ගොස් චන්දය දෙන්න කියා ජනතාවට උපදෙස් දී සිංහල බෞද්ධ බහුතරය විසින් ඒකමතිකව ගන්නා ලද තීරණයක් මත ගෝඨාභය බලයට පත්වීමෙන් පසු එහි ගෞරවය තමන් වෙත තබාගන්න කාදිනල් විසින් ගත් දුබල උත්සාහයේ උණුසුම යන්නත් කලින් ” මම අරාබි වසන්තය ලංකාවේ දියත් කර ගෝඨාභයව පන්නා දමනවා” වැනි පාපතර වචන ප්‍රකාශ කළා පමණක් නොව ආණ්ඩු බලය පවා තම ග්‍රහණයට ගැනීමට කාදිනල් ඉතා සියුම් වැඩපිළිවෙළක් දියත් කර තිබුණා. “අවිගත්තෝ අවියෙන්ම නසි” යන ආප්තෝපදේශය බෞද්ධ චින්තනයෙන් හටගත් දෙයක් බව මම විශ්වාස කරනවා.

තමන්ගේ වසඟයට ගන්න බැරි රාජ්‍යනායකයාව විනාශ කර දැමීමේ කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමය දිගින් දිගටම පවත්වාගෙන යාමට කාදිනල් ගන්නා දීන උත්සාහයන් කොතැනකදී හෝ නතර වන බව ග්‍රහචාරයට අනුව නොව ස්වභාවික නීතියට අනුව සිදු වෙන බව මම ඉඳුරාම විශ්වාස කරමි.

දැඩි අනාරක්ෂිත භාවයකින් පෙළෙන කාදිනල් නිරතුරුවම අත දරා සිටින ආයුධ
ඉදිරි ජනාධිපති මැතිවරණයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතට පත් කිරීමට සූදානම් වන බව කරන කියන කතා බහෙන් මනාව පැහැදිලි වෙනවා.

ඔහුගේ අලුත්ම තුරුම්පුව අනුර කුමාරව හෝ සජිත් ප්‍රේමදාසව බලයට පත් කිරීමයි.

සිංහල බෞද්ධ විරෝධී දේශීය හා විදේශීය සකල විධ බලවේගවල දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන කාදිනල්, අනුර කුමාර ලවා හෝ සජිත් ලවා රටේ සිංහල බෞද්ධ සංස්කෘතියට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්ව සිටින බව අතීන්ද්‍රිය දැනුම ඔස්සේ මා හට දැනෙනවා.

එම පණිවිඩය පාඨක ජනතාවට දීම සඳහා මා පල්ලිය,දේවස්ථාන භූමියේ සොහොන් බිම,මළවුන් මිහිදන් කිරීම සංකේතමය වශයෙන් යොදාගෙන මගේ කතාව අවසන් කළා.

අවි ගත්තෝ  අවියෙන්ම නසී යළි සිහිපත් කරමින් පව්කාරයන්ගෙන් රට මුදාගැනීම පරම පවිත්‍ර අධිෂ්ඨානය බව මෙනෙහි කිරීම මෙම කතාවේ සැබෑ අරමුණ බව නොකැළඹුණු සිතින්
පවසනු කැමැත්තෙමි.

-තෙවැනි ඇස-
18.08.2024