Sat. Jan 18th, 2025
Spread the News

අස්‌ගිරි මහනාහිමියෝ අපවත් වෙති
ආදාහන පූජෝත්සවයට
12දා ජාතික ශෝක දිනයක්‌

සිරිල් විමලසුරේන්ද්‍ර

සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක අග්ගමහා පණ්‌ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත මහා ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (07 වැනිදා) රාත්‍රි අපවත්වී වදාළහ.

සිංගප්පූරුවේ රෝහලකදී වැඩිදුර ප්‍රතිකාර ලැබීම සඳහා වැඩම කිරීමට පෙර අති පූජ්‍ය මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ මහනුවර මහ රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියහ.

අති පූජ්‍ය මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ අපවත් වනවිට 85 වැනි වියෙහි පසු වුහ.

උන්වහන්සේ 1930 වර්ෂයේ මාර්තු 17 වැනිදා දින කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ වාරියපොල කළුවගමුව නම් වූ සිංහල බෞද්ධ ග්‍රාමයේදී උපත ලැබූහ. ගම් ප්‍රදේශයේදී ගෞරවයට පාත්‍ර වූ පවුලක ඡේ. එම්. පුංචිබණ්‌ඩා නිළමේ තුමාගේ සහ මුතුමැණිකේ මාතාවගේ පුත්‍රයකු වූ උන්වහන්සේ 1945 ජුලි මස 19 වැනි දින උඩුගම බුද්ධරක්‌ත නමින් මහනුවර අස්‌ගිsරි මහා විහාරයේදී පැවිදි බිමට පත් වූහ.

මාතලේ ධර්මරාජ පිරිවෙන්හිදී බණ දහම් ඇතුළුව භාෂා ඥනයද ලබාගත් උන්වහන්සේ කටුගස්‌තොට ගොහාගොඩ ලියන්ගස්‌තැන්න පුරාණ විහාරස්‌ථානයේ වසර ගණනාවක්‌ම වැඩසිටිමින් ප්‍රදේශවාසීන්ගේ ඉමහත් ගෞවාදරයට පත්වී සිටියහ.

වර්ෂ 1966 දී අස්‌ගිරි මහාවිහාරයීය විංශද්වර්ගික කාරක මහා සංඝ සභාවට පත්වූ ශ්‍රී බුද්ධරක්‌ත ස්‌වාමින් වහන්සේ ලියන්ගස්‌තැන්න පුරාණ විහාරස්‌ථානයට අමතරව පරණගම අහුරාගල රජ මහා විහාරය, මැල්සිරිපුර දිද්දෙණිය තලංගමුව රාජමහා විහාරය යන පූජනීය ස්‌ථානයන්හි ආධිපතීත්වය පසුව ඓතිහාසික රංගිරි දඹලු රාජමහා විහාරාධිපති පදවියට පත් වූහ.

වර්ෂ 1968 දී ශ්‍රීමත් දළදා වහන්සේගේ තේවාව භාර නායක ස්‌වාමින්aaද්‍රයන්වහන්සේ බවටද පත් වූහ. ඉන් අනතුරුව වරින්වර අස්‌ගිsරි මහා විහාර පාර්ශ්වය වෙනුවෙන් එම උතුම් තේවා භාරකාරත්වය උන්වහන්සේ දැරූහ.

1998 වර්ෂයේ ඔක්‌තෝබර් මස 04 වැනි දින අස්‌ගිරි පාර්ශ්වයේ අනුනායක පදවියට පත් වූ ශ්‍රී බුද්ධරක්‌ත හිමිපාණෝ 1999 දෙසැම්බර් මස 13 වැනි දින, අස්‌ගිරි පාර්ශ්වයේ මහනායක පදවියට තේරී පත් වූහ.

උන්වහන්සේ මහනායක පදවියට පත්වූයේ අස්‌ගිරි පාර්ශ්වයේ කීර්තිමත් මහා නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ නමක්‌ වූ අතිපූජ්‍ය පලිපාන ශ්‍රී චන්ද්‍රdනන්ද ස්‌වාමින්ද්‍රයන්වහන්සේගේ අපවත්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව වෙනුවෙන්ය.

මහ පදවියට පත් වූ අපවත්වී වදාළ උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත ස්‌වාමින්ද්‍රයන් වහන්සේ අස්‌ගිරි මහා විහාර පාර්ශ්වයේ පිළිවෙලින් 20 වැනි මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ වූහ.

ශ්‍රී ලංකාවේ මෙන්ම දේශාන්තර කීර්තියට පත්ව වැඩ විසූ අති පූජ්‍ය මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ පෙරපර බොහෝ රටවල ශාසනික සබඳතා සඳහා වැඩම කරමින් එම රටවල ජනතාවගේ ගෞරවාදරයට පත් වූහ.

අස්‌ගිරි මහා විහාරයේ මෙන්ම ශ්‍රී දළදා මාළිsගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුවඳකුටිය පරිශ්‍රයේ වැඩිදියුණුව උදෙසා ද උන්වහන්සේ ඉමහත් භක්‌තියෙන් යුතුව කටයුතු කළහ.

අපවත්වී වදාළ අති පූජ්‍ය මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ රාජ්‍ය ආදාහන පූජෝත්සවය මෙම මස 12 වැනිදා ඉරිදා පස්‌වරු 2.00 ට අස්‌ගිරි පොලිස්‌ ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට සැලසුම් කර තිබේ.

එදින ජාතික ශෝක දිනයක්‌ බවට රජය ප්‍රකාශයට පත්කර ඇත.

මල්වතු අස්‌ගිරි මහාවිහාර නියෝජිත හිමිපාණන් ද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා ඇතුළු මහනුවර මහා දිසාපතිවරයා ද පොලිස්‌ ප්‍රධානීන්ද ඇතුළු ආදාහන කමිටුව ආදාහන පූජෝත්සවය පිළිබඳ සැලසුම් සකස්‌ කරති.

1

2015-01-25 12:44
2015-01-25 12:44

සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක අග්ගමහා පණ්‌ඩිත උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහා ස්‌වාමීන්ද්‍රයන් උදෙසා පූජා කල ගීතයක් .සංකල්පනාව හා පද රචන පාලිත ආරියරත්න ප්‍රචාරක ලේකම් ජාතික බෞද්ධ බලවේගය
තනුව සාලිය හේමන්ත.

Protected by Security by CleanTalk