ආගමික ඉගැන්වීම් තම ශ්‍රාවක ජනතාවට ගෙන යාමේ අරමුණින් ලවුඩ්ස්පිකර් හරහා ආගමික ප්‍රචාරයන් කෙරේ. එය තම ආගම තම නිවසේ සිට අදහා ගැනීමේ අරමුණින් විය හැකිය.
ප්‍රශ්නයක් අහන්නද ?
ලවුඩ්ස්පිකර ශබ්දයක් කෙතරම් දුරකට විකාශ කල හැකිද ?
උදාහරණයක් ලෙස ලවුඩ්ස්පිකර් ශබ්දයක් අඩුම තරමින් කිලෝමීටර් කාලක් දුරට හොඳම ශ්‍රවන තත්වයකින් විකාශ කල හැකි යයි උපකල්පනයක් කරමු. එය එසේ නම් එම කිලෝමීටර් කාලක් වපසරියේ සිටින තම ශ්‍රාවකයනට එක ලවුඩ්ස්පිකර් හඬක් ප්‍රමාණවත් වේ. එවැනි වපසරියකට ලවුඩ්ස්පිකර් දෙකක් එවිට උවමනාද ? එසේ වුවොත් ආගම කෙසේවෙතත් එතන නිර්මාණය වන්නේ ආගමික ඝෝශාවකි.
එම වපසරියටම ලවුඩ්ස්පිකර් 4ක් , 5 , 6ක් ආදි වශයෙන් වුවහොත් ? සමහර විට එක හඬතැලිමකට ලවුඩ්ස්පිකර් යුගල ලෙස භාවිතයට ගැනේ.
එවිට ඝෝෂාව කොපනද යයි ඔබට සිතාගත හැකිද ?
මෙය දිනකට 4\5 වතාවක් වුවිට එය කොතරම් ශබ්ද කරදරයක්ද ?
ඉස්ලාම් බැතිමතුන්ට යයි කියාගනිමින් දිනකට මහා පාන්දර හෙවත් රාත්‍රී කාලයේ නැවතද සිට රාත්‍රී වනතුරු ලවුඩ්ස්පිකර් හඬ තැලීම දිනපතා සිදුවේ. පුදුමය වන්නේ ඔවුන් කිලෝමීටර් බාගයක් දක්වා ජීවත්වේ නම් එම කිලෝමීටර් බාගයට ඔවුන්ගේ ලවුඩ්ස්පිකර් 10ක 15ක ස්ථාන එකවර මෙම ද්වන්ද වූ හඬ තැලීම කිරිමයි. මෙය මහා හිසරදයකි. මෙය අසන ඉස්ලාම් බැතිමතා ගැන සිතන්න.
මෙවැනි ලවුඩ්ස්පිකර් සංක්‍යාවක් කිලෝමීටර් බාගයක් තුල එකවර හඬතලන විට එවිට එක් ඉස්ලාම් බැතිමතෙක් අහන්නේ ලවුඩ්ස්පිකර් ස්ථාන 15න් කොයි ලවුඩ්ස්පිකරයේ වූ හඬද ?
පැහැදිලි හඬක් නොව එවිට ඇත්තේ හඬ ඝෝශාවකි.
කිලෝමීටර් බාගයෙන් ඔබ්බට ඉන්නා අන්‍ය ලබ්ධිකයින්ට මෙය මහා හිසරදයකි.
මෙය ආගම් ප්‍රචාරයක් නොව එවිට අන්‍ය වූ වැඩකි. කරුණාකර ඔවුන්ගේ ජනයාට ආගමික හඬ වුවමනා නම් උදාහරණයක් ලෙස කිලෝමීටර් බාගයක ඔවුන් සිටි නම් එම පිරිසට නිවී සැනසිල්ලේ එම දහමට සවන් යොමුකළ හැකි ආකාරයට එම හඬ තලන ලවුඩ්ස්පිකර් ගණන කිලෝමීටර් බාගයේ එම ජනතාවට මනාව ඇසෙන පරිදි කොපමණ සංක්‍යාවක් වුවමනාද යයි පරික්ෂා කරවා ඊට වැඩිමනත් වූ ලවුඩ්ස්පිකර් කරුණාකර අඩු කරන්න නීති සම්පාදනය කරන්න. එවිට එය අන්යන්ටද මහත් වූ අස්වැසිල්ලක් වනු ඇත.
ස්තුතියි !