Spread the News

ආණ්‌ඩුව විග්නේෂ්වරන් අන්තවාදයට තල්ලු කරනවා
මනෝ ගනේෂන් කියයි

source:
උතුරු පළාත් සභාව ආරක්‍ෂා කර ගන්නවා වෙනුවට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන රජය සිදුකරන්නේ එම පළාත් සභාවේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා අන්තවාදය වෙත තල්ලු කිරීම බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා ඊයේ (30 දා) ප්‍රකාශ කළේය.

යුද අපරාධ චෝදනා විමර්ශනය සඳහා ජාත්‍යන්තර විමර්ශනයක්‌ පැවැත්වීම ඇතුළු යෝජනා තුනක්‌ පසුගියදා උතුරු පළාත් සභාව විසින් සම්මත කරගත් බව සඳහන් කරන මනෝ ගනේෂන් මහතා ද්‍රවිඩ ප්‍රජාව කෙරෙහි ගෞරවණීය තත්ත්වයක්‌ ඇති කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා අසමත්වී ඇතැයිද ප්‍රකාශ කළේය.