Spread the News

ආපසු ගත නොහැකි බලයක්‌
දෙමළ ජාතික සංධානය ඉල්ලයි

එරික්‌ ගාමිණි ජිනප්‍රිය(source)

පළාත් සභාවලට බලය ලබාදීමේදී එය ආපසු ලබාගත නොහැකි වන ලෙස දිය යුතු බව දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරම් මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවැසීය.

සුමන්දිරම් මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මංගල මුණසිංහ කමිටු වාර්තාව, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සමයේදී ඉදිරිපත් වූ යෝජනා තුනක්‌ සහ සර්ව පාක්‍ෂික නියෝජිත කමිටුවට උපදෙස්‌ දීමට පත් කළ විද්වත් කමිටුවේ යෝජනාවක්‌ ඇතුළු යෝජනා පහක්‌ පදනම් කර ගනිමින් වත්මන් රජය සමග මේ වන විට සාකච්ඡා වට හතරක්‌ පවත්වා ඇති බවත්, ඉදිරියේදී සාකච්ඡා වට තුනක්‌ මෙම මස 6, 14, 15 යන දිනවලදී ද පැවැත්වීමට නියමිත බවත්ය.