ආරක්‍ෂක ලේකම්ගෙ ප්‍රකාශයෙන්
අපේ සැකය තහවුරු වුණා
– දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් source:
ඉන්දීය ආණ්‌ඩුවේ ආරාධනයකට අනුව පසුගිය 10 වැනිදා දෙමළ ජාතික සංධානයේ නායකයන් පිරිසක් නවදිල්ලිය බලා පිටත් විය. එම ගමන පිළිබඳව මෙන්ම යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට දෙමළ ජාතික සංධානය පැමිණෙන්නේද යන කරුණු පිළිබඳව එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා දැක්‌වූ අදහස් පහත පරිදි වේ.
ප්‍රශ්නය – පසුගිය 10 වැනිදා ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුවේ ආරාධනයකට අනුව දෙමළ ජාතික සංධානයේ නායකයන් කිහිප දෙනෙක් නවදිල්ලියට ගියා.
නවදිල්ලි ආණ්‌ඩුව මෙබඳු ආරාධනයක් හදිසියේම කළේ ඇයිද කියන කාරණය පළමුවෙන්ම දැනගැනීමට අප කැමතියි.
පිළිතුර – දේශපාලන විසඳුමක් සඳහා අප සහ ආණ්‌ඩුව අතර පැවැති සාකච්ඡා බිඳවැටීම පිළිබඳව අපගේ ස්‌ථාවරය දැනගැනීම තමයි එහි අරමුණ.
ප්‍රශ්නය – ආණ්‌ඩුව කැඳවීමට බලාපොරොත්තු වන සර්ව පාක්‍ෂික සමුළුවට සහභාගි වන ලෙසට, නවදිල්ලි ආණ්‌ඩුව දෙමළ ජාතික සංධානයේ නායකයන්ගෙන් ඉල්ලා සිටියාද?
පිළිතුර – ඉන්දියාවේ මැදිහත්වීමෙන් තමයි දෙපාර්ශ්වය අතර සාකච්ඡා ආරම්භ වූයේ. 2010 ජුනි මාසයේ ජනාධිපතිතුමා ඉන්දියාවට ගිහින් ආවට පසුව ජුලි මාසයේ අපව ඉන්දියාවට කැඳවූවා. ඉන් අනතුරුව ජනාධිපතිතුමා එම කමිටුව කැඳවීමෙන් පසුව තමයි 2011 ජනවාරි මාසයේ සාකච්ඡා ආරම්භ කළේ. 17 ත් වාරයක් අප අතර සාකච්ඡා පැවතියා. ඉන් අනතුරුව එම සාකච්ඡා වලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නොතිබියදී මෙම වසරේ ජනවාරි මාසයේ 17, 18,19 යන දිනවලදීත් සාකච්ඡා සඳහා ආරාධනා කළා. අපි එම දිනවල දී සාකච්ඡා සඳහා සහභාගි වීම සඳහා ගියා. නමුත් ඒ සඳහා කවුරුවත් ආවේ නැති නිසා එම සාකච්ඡා බිඳවැටුණා.
ඉන්දියාව මැදිහත්වීමෙන් ආරම්භ වූ සාකච්ඡා වලට සිදුවූයේ කුමක්‌ද යන්න දැන ගැනීමේ අවශ්‍යතාව ඉන්දියාවට ඇති. අපත් කැඳවා ඒ පිළිබඳව විමසා සිටියා, අපි ඇත්ත කිව්වා.
ප්‍රශ්නය – ඔබලා ඉන්දියන් ආණ්‌ඩුවට දන්වා සිටියේ කුමක්‌ද?
පිළිතුර – අපි කිව්වේ, 2011 ජනවාරි මාසයේ සාකච්ඡා ආරම්භ කිරීමෙන් පසුව පළමු වටයේදීම අපි අපගේ යෝජනා මොනවාද කියන එක ලිතව බාර දුන්නා. ඒ ඉදිරිපත් කරේ වෙන මොනවත් නොවෙයි. ජනාධිපතිතුමා 2006 ජුලි මාසයේදී සර්ව පාක්‍ෂික නියෝජිත කමිටුවේ රැස්‌වීමේදී කළ දේශනය. අපි එය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියේ දේශපාලන විසඳුම සඳහා අපගේ මතයත් එය වන බව තමයි. ආණ්‌ඩුවේ පාර්ශ්වයට එයට බැහැ කියල කියන්න බැරි වුණා. එම නිසා එම අවස්‌ථාවේදී ආණ්‌ඩුවේ පාර්ශ්වය යෝජනා කර සිටියා අපගේ මතයන් යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන ලෙස. එම ඉල්ලීම ඉටු කිරීම සඳහා 2011 පෙබරවාරි 03 වැනිදා අප අපගේ යෝජනාවලිය බාර දුන්නා. එම අවස්‌ථාවේදී ආණ්‌ඩුවේ පාර්ශ්වය අප ඉදිරිපත් කර තිබෙන්නේ දළ සටහනක් පමණක් බවත් එම නිසා එම යෝජනාවලිය විස්‌තරාත්මකව ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටියා. එම අවස්‌ථාවේදී 2011 මාර්තු 18 වැනි දා පැවැති 3 න් වැනි සාකච්ඡාවේදී ඒ සඳහා අපට කාලය අවශ්‍ය බව ප්‍රකාශ කර, මාසයක කාලයක් ලබා ගත්තා. ඉන් පසුව මාස 5 ක කාලයක් ගත වූවා. අපි 7 වතාවක් හමුවූවා. එම රැස්‌වීම් 7 ම ආරම්භ කළේ ඔයගොල්ලන්ගේ යෝජනා වට පිළිතුරක් දෙන්න බැරි වුණා කියල කනගාටුව ප්‍රකාශ කරලා. එම නිසා අගෝස්‌තු 04 වැනිදා පැවැති 07 වන රැස්‌වීමේදී අපි ප්‍රකාශ කළා. මීළඟ රැස්‌වීම සඳහා අප දිනයක් පිළිබඳව එකඟතාවකට නොපැමිණෙන බව එදාවත් කනගාටුව පමණක් ප්‍රකාශ කරන නිසා මීළඟ දිනය පිළිබඳව එකඟතාවකට නොඑළඹෙන බව අපි ප්‍රකාශ කළා. ඒ වගේම අපි එම අවස්‌ථාවේදී ප්‍රකාශ කළා අපි බාරදුන් යෝජනාවට ඔබලාගේ ප්‍රතිචාරය සූදානම් කරගත් පසුව ඒ බව අපට දැනුම් දෙන ලෙසත් ඉන් පසුව අප හමුවී සාකච්ඡා කළ හැකි බවත්. ඉන් පසුව ඔවුන් ප්‍රකාශ කළා. අපිත් කොටින් වගේ හැසිරෙන බවත්, කොන්දේසි දාන බවත්. නමුත් ඇත්තටම සිද්ධ වුණේ මම කලින් ප්‍රකාශ කළ දේ තමයි.
ඉන් අනතුරුව සැප්තැම්බර් 02 වැනිදා ජනාධිපතිතුමාත්, සම්බන්ධන් මහතාත් හමුවී සාකච්ඡා කළා. එම සාකච්ඡාවේදී එකඟතාවයන් දෙකකට එළඹියා. එම සාකච්ඡා වලදී එළඹි පළමු එකඟතාවය තමයි. 1993 සිට 2006 දක්‌වා ඉදිරිපත් වූ මංගල මුණසිංහ කමිටු වාර්තාව, චන්ද්‍රිකා මැතිණියගේ කාලයේ ඉදිරිපත් වූ යෝජනා සහ සර්ව පාක්‍ෂික නියෝජිත කමිටුවේ බහුතර වාර්තාව පදනම් කරගෙන එකඟතාවකට එළඹීම සඳහා සාකච්ඡා ආරම්භ කරන බව. එම සාකච්ඡාවේදී එළෙඹි දෙවැනි එකඟතාවය තමයි එම සාකච්ඡා වලදී එකඟතාවයකට එළැඹියහොත් එම එකඟතාවයත් සමග දෙමළ ජාතික සංධානය තේරීම් කාරක සභාව නියෝජනය කිරීම සඳහා පැමිණෙන බව. එම එකඟතාවයන් ඇතිවීමෙන් පසුව ඔක්‌තෝබර් 20 පැවැති රැස්‌වීමේ කරුණුද වාර්තා වී තිබෙනවා. එම එකඟතාවන් ලිතව තිබෙනවා.
එම එකඟතාවන් ඇති වීමෙන් පසුව 1993 සිට 2006 දක්‌වා ඉදිරිපත් වූ යෝජනා 5 කින් සාකච්ඡා කරන්නේ මොන කරුණු පිළිබඳවද යන කාරණය අප සාකච්ඡා කළා. එහිදී අපි කාලසටහනකට අනුව කරුණු 12 ක් පිළිබඳව සාකච්ඡා කිරීමට එකඟතාවකට එළඹියා. දෙසැම්බර් මාසයේ දවස් 3 ක් හමුවී අපි ඉඩම් බලතල සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඉන් පසුව අපි ජනවාරි 17,18,19 යන දින 3 දී සාකච්ඡා කිරීමට තීරණය කළා. එම දින 3 දීම අපි ගිහින් වාඩිවී සිටියත් ආණ්‌ඩුවේ පාර්ශ්වයෙන් කවුරුවත් ආවේ නැහැ. ඉන් පසුව අපට ප්‍රකාශ කළා තේරීම් කාරක සභාවට පැමිණියහොත් පමණක් සාකච්ඡාවට එන බව. එහිදී අපි ප්‍රකාශ කළා ජනාධිපතිතුමා සමග සැප්තැම්බර් 2 සහ සැප්තැම්බර් 16 යන දින වලදී සාකච්ඡා වලදී එළඹි කරුණු වලට පටහැනිව කටයුතු කරන බව නමුත් ඔවුන් සාකච්ඡා සඳහා පැමිණියේ නැහැ.
මේ ආකාරයෙන් සාකච්ඡා බිඳවැටුණත් අපි තවදුරටත් සාකච්ඡා ඉදිරියට ගෙන යැමට උත්සාහ කළා. ඒ සඳහා සම්බන්ධන් මහතා ජනවාරි 17 වැනි දින ඇමැතිවරුන් දෙදෙනකු සමග සාකච්ඡා කර තවත් එකඟතාවකට පැමිණියා. එම එකඟතාවය ලිඛිතව සකස් කළා. එහි දී අපි තේරීම් කාරක සභාවට නම් ඉදිරිපත් කරන්නම් කියල කිව්වා. නමුත් අපි එම අවස්‌ථාවේදී ප්‍රකාශ කර සිටියා. දෙපාර්ශ්වය අතර සාකච්ඡා ආරම්භ කර එකඟතාවකට පැමිණිය යුතු බවත්, එය මසක් තුළ කළ හැකි බවත් ඉන් අනතුරුව අපි තේරීම් කාරක සභාවට පැමිණෙන බව. මේ සඳහා ලිතව එකඟ වී, එම යෝජනාව ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ විට ජනාධිපතිතුමා එය පිළිගත්තේ නැහැ.
ඉන් අනතුරුව අපි මැයි මාසයේදී යළිත් සාකච්ඡා ඉදිරියට ගෙන යැම සඳහා උත්සාහයක් දැරුව. එම උත්සාහය දැරුවේ විපක්‍ෂ නායකවරයාත් සමග සම්බන්ධ වෙමින්. එහිදී විපක්‍ෂ නායකවරයා ජනාධිපතිතුමා සහ අප සමග කිහිප අවස්‌ථාවක සාකච්ඡා කර තේරීම් කාරක සභාවේ න්‍යායපත්‍රය කුමක් ද කියන එක පිළිබඳව අප එකඟතාවකට පැමිණෙන බව සඳහන් කළා. එහිදී එකඟතාවය ප්‍රකාශ කළා. කලින් සඳහන් කළ යෝජනා 5 පදනම් කර ගනිමින් තේරීම් කාරක සභාවේ සාකච්ඡා සිදුකරන බව. නමුත් අපි ප්‍රකාශ කර සිටියා ඒ පිළිබඳව කොහේ හෝ වාර්තා කළ යුතු බව. එම අවස්‌ථාවේදී එය පාර්ලිමේන්තුවේ වාර්තා කළ හැකි බව සඳහන් කළා. මෙම අවුරුද්දේ මැයි මාසෙ 24 වැනිදා විපක්‍ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළා. එම ප්‍රකාශය කිරීමට දින 4 කට කලින් එම ප්‍රකාශය ජනාධිපතිතුමාටත් අපටත් ලබා දුන්නා. දෙපාර්ශ්වයම එකඟවූවායින් පසුව තමයි එම ප්‍රකාශය කළේ.
එම ප්‍රකාශය කිරීමට එකඟතාවක් තිබුණා එම ප්‍රකාශය කිරීමෙන් පසුව සභානායකතුමා එම ප්‍රකාශය පිළිගන්නා බවට. එදින විපක්‍ෂ නායකතුමා සකස් කළ ප්‍රකාශ ඒ වගේම කළා. අපිත් බලාගෙන සිටියා. සභානායකතුමාත් සකස් කළ වාර්තාව ඉදිරිපත් කළා. නමුත් විපක්‍ෂ නායකතුමා ඉදිරිපත් කළ යෝජනාව එහි තිබුණේ නැහැ. එම අවස්‌ථාවේදී විපක්‍ෂ නායකතුමා යළිත් නැගිට විමසා සිටියා වාර්තා කිරීම සඳහා තමන් කළ ප්‍රකාශයට එකඟතාවය ප්‍රකාශ කරනවාද යන බව. එම අවස්‌ථාවේදී සභා නායකතුමා ප්‍රකාශ කර සිටියේ තේරීම් කාරක සභාවට එන්න එහිදී අපි සියලු දේ සාකච්ඡා කරමු යන්නයි. එම නිසා එම උත්සාහයන් බිඳ වැටුණා.
2011 ජනවාරි මාසේ සාකච්ඡා ආරම්භ කිරීමෙන් පසුව අපි 3 න් අවස්‌ථාවකදී යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා රජය ඔවුන්ගේ ස්‌ථාවරය ප්‍රකාශ කළේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ සඳහා අපි ළඟ ලිතව සාක්‍ෂි තිබෙනවා. එසේ තිබියදී ආණ්‌ඩුව දැන් කියනවා නිකම්ම තේරීම් කාරක සභාවට එන්න කියලා.
තේරීම් කාරක සභාවේ ආසන 31 ක් තිබෙනවා. එයින් ආණ්‌ඩුවට 19 ක් තිබෙනවා. විපක්‍ෂයට තිබෙන්නේ 12 ක් පමණයි. අපට හම්බ වෙන්නේ එම ආසන 12 න් 4 ක් හෝ 5 ක් පමණයි. ආණ්‌ඩුවට සහ අපි අතර විසඳාගන්න බැරි ප්‍රශ්නය 31 ක් තිබෙන තේරීම් කාරක සභාවේ අපට ලැබෙන ආසන 5 න් විසඳා ගන්නේ කොහොමද?
ප්‍රශ්නයම ඒක තමයි. බහුතර බලයෙන් කටයුතු කිරීමම තමයි ප්‍රශ්නය. එම නිසා තමයි මෙම ප්‍රශ්නය ඇති වී තිබෙන්නේ. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළෙත්, උඩරට දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කළෙත් බහුතර බලයෙන් තමයි. තේරීම් කාරක සභාව තුළ සිද්ධවෙන්න යන්නෙත් ඒකම තමයි. ඉතින් අපි කොහොමද එතනට ගිහින් කටයුතු කරන්නේ.
අපගේ සැකය තමයි තේරීම් කාරක සභාව හරහා 13 වැනි සංශෝධනය යටතේ ලබාදී තිබෙන බලයත් අහෝසි කිරීමට යන බව. ඒ පිළිබඳව අපට තිබුණේ සැකයක් පමණයි. නමුත් ගිය ඉරිදා ආරක්‍ෂක ලේකම් ප්‍රකාශයකුත් නිකුත් කරල කරන්න යන්නේ ඒක බව ප්‍රකාශ කරලා තිබෙනවා. දැන් අපේ සැකය එතුමා තහවුරු කරල තිබෙනවා.
ඒ වගේ ක්‍රියාදාමයකට අප ගිහින් සහභාගි වෙන්න ඕනද?
ප්‍රශ්නය – ඒ කියන්නේ දෙමළ ජාතික සංධානයේ තේරීම් කාරක සභාවට යන්නේ නැහැ?
පිළිතුර – නැහැ. තේරීම් කාරක සභාවෙන් වෙන්නේ කුමක්‌ද කියන එක පිළිබඳව එකඟ තාවයකට ආවානම් අපි යනවා. යන්නේ නැහැ කියල අපි කවදාවත් කියල නැහැ.
ප්‍රශ්නය – ඉන්දියානු ගමන නිසා දෙමළ ජාතික සංධානයේ ස්‌ථාවරය වෙනස් වූයේ නැද්ද?
පිළිතුර – නැහැ. මම දැන් කියපු සියලු දේ ඉන්දියාවට කිව්වා.
ප්‍රශ්නය – එම අවස්‌ථාවේදී ඉන්දියාව කුමක් ද ප්‍රකාශ කළේ,
පිළිතුර – එම අවස්‌ථාවේදී අපගේ සැකය පමණයි ප්‍රකාශ කළේ. අපි ඉන්දියාවේ ඉඳල ආවේ ඉරිදා. අපි එහි සිට එනකොට ආරක්‍ෂක ලේකම් ප්‍රකාශ නිකුත් කරල අපි කිව්දේ ඔප්පු කරල තිබෙනවා.
ප්‍රශ්නය – ඒ කියන්නේ තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් පළමුව අනුගමනය කළ ස්‌ථාවරයේ කිසිදු වෙනසක් නැහැ.
පිළිතුර – පළමු ස්‌ථාවරය තමයි. එහි කිසිදු වෙනසක් නැහැ. එතන කරන්නේ කුමක්‌ද කියල එකඟතාවයකට ආවා නම් අපි යන්න ලෑස්‌තියි.
ප්‍රශ්නය – ඔබලා ප්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රකාශ කළේ කුමක්‌ද?
පිළිතුර – ඉන්දියාව මුකුත් කිව්වේ නැහැ. අපි කියන දේ අහගෙන සිටියා.
ප්‍රශ්නය – ඉන්දියාව ඔබලාගේ ඉල්ලීම් ලබාදීම සඳහා මැදිහත් වන බව ප්‍රකාශ කළේ නැද්ද?
පිළිතුර – ඉන්දියාව අපට මුකුත් කිව්වේ නැහැ. මොකද වුණේ කියලා අපෙන් ඇහුවා. වෙච්ච දේ කිව්ව. එච්චරයි.
ප්‍රශ්නය – දෙමළ ජාතික සංධානය දිවිනැගුම පනතට එරෙහි වන්නේ ඇයි?
පිළිතුර – අපගේ සැකයට ලක්‌වී තිබෙන කාරණය පිළිබඳව මම ප්‍රකාශ කළානේ. දිවිනැගුම පනතින් කරන්නෙත් එක තමයි. 13 වැනි සංශෝධන මගින් ලබාදුන් බලය මෙම පනත් මගින් යළි ලබා ගන්නවා. ඒක තමයි පළමු කාරණය.
දෙවැනි කාරණය තමයි පළමු කාරණයටත් වඩා අවධාරණය කළ යුතු එකක්. මුදල් බලතල තිබෙන්නේ පාර්ලිමේන්තුවට. එම තත්ත්වය නැති කර ඇමැතිවරයකුට එම බලය ලබාදීමට සූදානම් වනවා. මොන පැත්තෙන් බැලුවත් එය රටට භයානක තත්ත්වයක් වනවා.
ප්‍රශ්නය – දෙමළ ජාතික සංධානයේ කොන්දේසි ඉටුකරන තුරු තේරීම් කාරක සභාවට යන්නේ නැතිනම් ඔබලාගේ මීළඟ පියවර කුමක්‌ද?
පිළිතුර – අපේ ඊළඟ පියවර තමයි අපි රටටත් ලෝකයටත් කියනවා අපි අතීතයේදීත් රැවටුවා, දැනුත් අප රවටන බව රටේ සිටින අනිකුත් පුද්ගලයන්ටත් මේ පිළිබඳව වගකීමක් තිබිය යුතුයිනේ.
සාකච්ඡා කළේ –
එරික් ගාමිණී ජිනප්‍රිය