Sat. Jan 18th, 2025
Spread the News

හිත ඇත්නම් පත කුඩාද කියා කිව්වක් මෙන්, අවශ්‍ය නම් ආණ්ඩුවකට හැමදේම බැරි වුනත් බොහෝ දේ කළහැකියි.

එඩිතර පියවරවල් ගත හැක්කේ අප නිවහල් වුවහොත් පමණයි.

එක පැත්තකින් ඇමෙරිකාව බලපානවා, තව පැත්තකින් ඉන්දියාව හා චීනය බලපානවා. ඒ සියල්ලට ම උඩින් පල්ලිය ජනතා බලය අව භාවිතා කරනවා.

එවැනි බාහිර ඇඟිලි ගැසීම් අයත් වන්නේ අපරාධ ගණයටයි.

නමුත් ඒ අපරාධකාරයෝ නිදැල්ලේ.

හොඳම උදාහරණය
පාස්කු ඉරිදා ප්‍රහාරයයි.
තවමත් අපරාධකාරයෝ නිදැල්ලේ.

ඒ අපරාධකාරයෝම තමයි මාධ්‍යයට කියන්නේ දේශපාලනයට ආගම් හෝ වර්ග වාද ඇද ගන්න එපා කියලා.

ඔවුන් එසේ කියන විට ජනතාවට ඔවුන් ගැන සැක හිතෙන්නේ නැහැ.

මේක ඉතාමත් තුච්ච උපක්‍රමයක්.
නමුත් කර්මය ඵල දෙන විට ආගම හා වර්ගය අදාළ වන්නේ නැහැ.

ඕනැම ආගමක, ජන වර්ගයක පුද්ගලයෙක් කිසියම් අපරාධයක් කළහොත් වැරැද්දේ බරපතළකම අනුව කර්ම විපාක වලට මුහුණ දෙන්නට සිදුවෙනවා.

-තෙවැනි ඇස-

24.11.2024

Protected by Security by CleanTalk