Spread the News

ඇටකටු ගොඩගන්න පිල්ලේ දත කයි

කීර්ති වර්ණකුලසූරිය

නන්දිකඩාල් සහ වෙල්ලමුල්ලිවයික්‌කාල් යන සටන් පැවැති ප්‍රදේශවලට ගොස්‌ එම සටන් භූමි හෑරීමේ අරමුණින් නවිපිල්ලේගේ යුද අපරාධ විමර්ශන කණ්‌ඩායම මෙරටට ඒමට දැන් උත්සාහයන් ගන්නා බව අනාවරණය වී ඇත. ඇය වෝහාරික විශේෂඥයන් දෙදෙනකු පත්කළේ එකී ක්‍රියාදාමයට යෑයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය. සටන් පැවැති භූමිවල ලක්‍ෂ ගණන් ඇටකටු ඇති බවට කොටි හිතවාදීන් හා විවිධ රාජ්‍ය නොවන සංවිධාන විසින් නවිපිල්ලේට තොරතුරු යවා ඇති බව අනාවරණය වී ඇත.

හිටපු බී.බී.සී. වාර්තාකාරියක වූ ප්‍රැන්සස්‌ හැරිසන්ද 1,47,000 ක්‌ ද්‍රවිඩයන් ඝාතනය වී ඇතැයි පිල්ලේට පවසා තිබේ. පිල්ලේ ඉතා සැලසුම් සහගත ලෙස මෙකී විද්වත් මණ්‌ඩලය පත් කළා. ඇය වෝහාරික විශේෂඥයන් දෙදෙනා පත්කළේ වන්නියේ ඇටකටු ගොඩ ගැනීමට යයි ආරංචි මාර්ග පළ කළේය.