Spread the News

ඇමරිකානු ක්‍රිස්‌තියානි සංවිධාන මෙරට තහනම් කරන්න
කාදිනල්තුමා රජයෙන් ඉල්ලයි 
source:
නෝමන් පලිහවඩන සහ ධම්මික සල්වතුර

ඇමරිකාවෙන් කැඩී බිඳී ගිය ඊනියා ක්‍රිස්‌තියානි සංවිධාන ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට පටන් ගැනීම නිසා එම සංවිධාන දීප ව්‍යාප්ත කිරීමට ඉඩ නොදී වහාම පාලනය කරදෙන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ රජයෙන් ඉල්ලීමක්‌ කර සිටිති.

ඊනියා ක්‍රිස්‌තියානි සංවිධාන බෞද්ධ ජනතාවට මෙන්ම රෝමානු කතෝලික සභාවට ද විශාල ප්‍රශ්නයක්‌ වී ඇති බවද උන්වහන්සේ පැවසූහ.

මෙම සංවිධාන රට පුරා නියෝජිතයන් පත් කරමින් විශාල වශයෙන් මුදල් වියදම් කර බෞද්ධ බැතිමතුන් මෙන්ම කතෝලික බැතිමතුන් පවා ඔවුන්ගේ ඊනියා ක්‍රිස්‌තියානි දහමට හුරු කරගෙන ඇති බවද කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ.

මෙසේ ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ ඊනියා ක්‍රිස්‌තියානි සංවිධාන දෙව්මැදුරු පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය ලියාපදිංචිය ලබාගැනීමට ක්‍රිස්‌තියානි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට එවන ලද දේවස්‌ථාන ඉදිකිරීමේ ලැයිස්‌තුවක්‌ ශ්‍රී ලංකා රාජගුරු මණ්‌ඩලය මැදිහත්වී අවලංගු කර ඇත.

මෙම ඊනියා ක්‍රිස්‌තියානි සංවිධාන තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ශ්‍රී ලංකාවේ රෝමානු කතෝලිකයින් මෙන්ම බෞද්ධයන් ද මුළාවෙන අතර මුදල්වලට ආගම පාවා නොදෙන ලෙස කතෝලික සභාව සියලුම බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.