ඇමරිකානු ජිනීවා යෝජනාවට රුසියාවෙන් පිළිතුරක්‌

Spread the News

ඇමරිකානු ජිනීවා යෝජනාවට රුසියාවෙන් පිළිතුරක්‌
source:
කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වන ඇමරිකානු බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යුද අපරාධ චෝදනාවට ප්‍රතිචාර ලෙස තිස්‌ වසරක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ සහ ඊට සහාය වූ රටවල් ගැන සෙවිය යුතු බවට යෝජනාවක්‌ රුසියාව විසින් ඉදිරිපත් කෙරෙනු ඇත.

මෙම රුසියානු යෝජනාවට (Counter Proposal) චීනය සහ පකිස්‌තානයද සහාය දක්‌වන බව ආරංචි මාර්ග “ඉරිදා දිවයින සංග්‍රහයට” පැවැසීය.

වන්නි මෙහෙයුමෙන් පසු රුපියල් මිලියන 1400 ක්‌ වටිනා කොටි අවි ආයුධ සොයාගත් අතර එකී ආයුධ අතර ඇමරිකානු රජය සතු ප්‍රහාරක අවි සංඥ උපාංග නෝර්වේ චන්ද්‍රිකා පද්ධති හා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත දිය යටින් යාහැකි යාත්‍රාද තිබී හමු වූ බව ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ පැවැසීය.

ඇමරිකානු ප්‍රහාරක අවි ඇමරිකානු හමුදාව සතු ඒවා බවත් එකී අවිවල අනුක්‍රමික අංක පවා තිබූ බවද හෙතෙම සඳහන් කළේය.

මානව හිමිකම් සමුළුවට යොමුවන යෝජනාවකට එරෙහි ප්‍රතියෝජනාවක්‌ ඉදිරිපත් වන මුල් අවස්‌ථාව මෙයයි.

මෙකී ඇමරිකානු බ්‍රිතාන්‍ය යෝජනාව සඳහා මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ සහාය වන බවද රජයට වාර්තා වී ඇත.

ඇය කෙටුම්පත් තුළ කරුණු 74 ක වාර්තාව මත එකී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සකස්‌ වී ඇති බව ජිනීවා ආරංචි මාර්ග පැවැසීය.