Sat. Jan 18th, 2025
Spread the News

ඇමරිකානු ප්‍රහාරයට අදට වසර 13 යි
සතුරු යානා වැනසීමට ඇමරිකාව සීරුවෙන්

කීර්ති වර්ණකුලසූරිය

අද සැප්තැම්බර් 11 දායි ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානය පැහැරගත් ගුවන්යානා දෙකකින් ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ලවීමේ 13 වැනි සංවත්සරය අදට යෙදී ඇත. ලිබියාවේ ට්‍රිපොලි ගුවන්තොටුපළේ තිබූ එයාර් බස්‌ යානා 11 ක්‌ අතුරුදන් වීමෙන් පසු එකී යානා යොදවා ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ල වීමට ඉඩ ඇතැයි ජාත්‍යන්තර බුද්ධි සේවා අනතුරු අඟවා තිබේ.

මේ නිසා ගුවන් යානා ගැන නිරීක්‍ෂණය කරන ඇමරිකාවේ “නෝරාඩ්” විමර්ශන මධ්‍යස්‌ථානයද යුරෝපා ගුවන් ගමන් පාලන මධ්‍යස්‌ථානයද සීරුවෙන් තබා ඇත.

ඇමරිකානු රජය සතුරු යානා වැනසීමට 113 වැනි බළකාය සූදානම් කර තිබේ. මෙලෙස අතුරුදන් යානාවන්ගෙන් එකක්‌ හෝ කීපයක්‌ යොදවා නිව්යෝර්ක්‌ හා වොෂින්ටන් වෙත ප්‍රහාර එල්ලවිය හැකි යෑයි ඇමරිකානු නිලධාරීන් සැක පහළ කර තිබේ.

මෙම යානාවන්ගෙන් ත්‍රස්‌ත තර්ජන එල්ලවිය හැකි බවට බුද්ධි සේවා වාර්තාවලින් අනතුරු අඟවා ඇතැයි අල්ජසීරා රූපවාහිනියද සඳහන් කර ඇත.

මේ අතර මෙකී යානා පැහැරගෙන ඇත්තේ මැස්‌කඩ් මෙන් බ්‍රිගේඩ් කණ්‌ඩායම බවත් ඔවුන් අල්කයිඩා සංවිධානයට සම්බන්ධ බවත් අනාවරණය වී තිබේ.

මෙකී යානා සිවිල් ගුවන් යානා ලාංඡන භාවිතා කිරීමට ඉඩ ඇති බවට ද වාර්තා වී ඇත.

Protected by Security by CleanTalk