Spread the News

ඇමරිකානු – බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යෝජනාව සකසා අවසන්

කීර්ති වර්ණකුලසූරිය source:

2014 මාර්තු 26 වැනිදා ජිනීවා මානව හිsමිකම් සමුළුව වෙත ඉදිරිපත් කෙරෙන ඇමරිකානු බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යෝජනාව සකස්‌ වී ඇති බව ජිනීවා ආරංචි මාර්ග හෙළි කරයි.

මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධව ඉදිරිපත් කරන වචන 10000 ක වාර්තාවෙන් පසු එකී යෝජනාව ඉදිරිපත් කෙරේ.

ශ්‍රී ලංකා රජය සිදුකළ යුද අපරාධ ගැන ජාත්‍යන්තර විමර්ශනයක්‌ පැවැත්විය යුතු බව දන්වන මෙම යෝජනාව සඳහා මානව හිමිකම් කොමසාරිස්‌වරියගේ සහාය ලබාගන්නා බව බ්‍රිතාන්‍ය රජය ඊයේ (28 දා) පවසා ඇත.මේ අතර ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ ජිනීවා බලා යනු ඇත. මෙම සමුළුව මාර්තු 3 දා ආරම්භ වේ.