ඇමරිකානු යෝජනාව පසුබිමේ ශ්‍රී ලංකා වසන්තය මෙහෙයුම

Spread the News

ඇමරිකානු යෝජනාව පසුබිමේ
ශ්‍රී ලංකා වසන්තය මෙහෙයුම

කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට

source:

* ඉන්දියාව තුළ මානව හිමිකම් බරපතළ ලෙස
උල්ලංඝනය වීම ගැන දැක්‌වෙන ඇමරිකානු වාර්තාව වසන් වේ

* ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන්
දිනවීමට ඇමරිකාව දැඩි උත්සාහයක යෙදෙයි

* ඇමරිකානු යෝජනාවට එරෙහි ශ්‍රී ලාංකික
දේශප්‍රේමීන්ගේ ජිනීවා විරෝධතාවය හෙට (24)

ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය ඒකාබද්ධව කෙටුම්පත් කර ඇති යුද අපරාධ පිළිබඳව සෙවීමේ ජාත්‍යන්තර යාන්ත්‍රණයක්‌ පිහිටුවිය යුතු යෑයි සඳහන්වන යෝජනාව මෙම මාර්තු 26 දා ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත්වන අතර එදිනම ඒ ගැන විවාදයක්‌ ආරම්භ වේ. මෙදින මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ ජිනීවාහි ඇමරිකානු කාර්ය භාර ප්‍රධානි පිටර් මුල්රන් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ එකී යෝජනාව පිළිබඳව දේශන පවත්වනු ඇත. අනතුරුව යෝජනාව ගැන ඡන්ද විමසීම මාර්තු 27 දා පැවැත්වෙයි.

ඇමරිකානු යෝජනාව මාර්තු 3 දා ප්‍රකාශයට පත්වූවත් 26 දා ඉදිරිපත් වන්නේ කොටි ඩයස්‌පෝරාවේ සහ රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම් මත සකස්‌ වූ සංශෝධන යෝජනාවයි.

මෙකී ඇමරිකානු යෝජනාව මත 2014 සැප්තැම්බර් මස පැවැත්වෙන 27 වැනි මානව හිමිකම් සැසි වාරයට වාචික වාර්තාවක්‌ද 2015 මාර්තු මස ආරම්භ වන 28 වැනි මානව හිමිකම් සමුළුවට පූර්ණ වාර්තාවක්‌ද දීමට මානව හිමිකම් කොමසාරිස්‌ කටයුතු කළ යුතුය.

එහෙත් මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේගේ සේවා කාලය අගෝස්‌තු 31 දා අවසන් වේ.

ඇය 2008 සැප්තැම්බර් 1 දා සිට සිව් වසරක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ ලෙස ක්‍රියාකළ අතර එය තවත් වසර දෙකකින් දීර්ඝ විය.

මෙවර මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් මෙසේය. ඇල්ජීරියාව – ආජන්ටිනාව – ඔස්‌ටි්‍රයාව – බෙනින් – බොට්‌ස්‌වානා – බ්‍රසීලය – බුර්කිනා පායෝ – චිලී -චීනය – කොංගෝ – කොස්‌ටාරිකා – අයිවරිකෝස්‌ට්‌ – කියුබාව – චෙක්‌ රාජ්‍යය – එස්‌ටෝනියාව – ඉතියෝපියාව – ප්‍රංශය – ගැබන් – ජර්මනිය – ඉන්දියාව – ඉන්දුනීසියාව – අයර්ලන්තය – ඉතාලිය – ජපානය – කසකස්‌තානය – කෙන්යාව – කුවේට්‌ – මාලදිවයින- මෙක්‌සිකෝව – මොන්ටිනිග්රෝ – මොරොක්‌කෝව – නැම්බියාව – පකිස්‌තානය – පීරු – පිලිපීනය – කොරියානු ජනරජය – රුමේනියාව – රුසියාව – සවුදි අරාබියාව – සියරාලියෝන් – දකුණු අප්‍රිකාව – මැසඩෝනියාව – එක්‌සත් එමීර් රාජ්‍යය – බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව, වියට්‌නාමය සහ වැනිසියුලාවයි.

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට බටහිර රටවල් සහ ඊට පක්‍ෂ රටවල් 25 ක්‌ ඡන්දය භාවිත කරන බවත් ශ්‍රී ලංකාවට හිමිවන්නේ ඡන්ද 13 ක්‌ බවත් කොටි ඩයස්‌පෝරාව දැනටමත් ප්‍රචාරය කර ඇත.

එසේම 2013 වසරේදී ශ්‍රී ලංකාවට පක්‍ෂපාතී වූ මුස්‌ලිම් රටවල් වලින් සමහරක්‌ ඡන්දය දීමෙන් වැළකී සිටින බවටද ඔවුහු ජිනීවා නුවර සිට තවත් ප්‍රචාරයක්‌ දියත් කර තිබේ.

ඊට හේතුවී ඇත්තේ මුස්‌ලිම් මහලේකම් කාර්යාලය නවිපිල්ලේට බාරදුන් වාර්තාව නිසාය. මේ මුස්‌ලිම් මහලේකම් කාර්යාලය නෝර්වේ අරමුදල් මත ආරම්භ වූ අතර 2009 ත්‍රස්‌තවාදී යුද්ධය නිමවීමෙන් පසුත් එය විසුරුවා හැරීමට ක්‍රියාකර නොතිබිණි.

මුස්‌ලිම් මහලේකම් කාර්යාලය තමන්ට වාර්තා සැපයූ බව නවි පිල්ලේ විසින් හෙළිකළේ ශ්‍රී ලංකාවට පක්‍ෂපාතී මැදපෙරදිග රටවල් කෝපයට පත්කිරීමේ අරමුණෙනි.

මේ පසුබිම මැද ලබන අප්‍රේල් 6 දා ඉන්දීය මැතිවරණය ආරම්භ වන නිසා තමිල්නාඩුවේ ද්‍රවිඩ ඡන්ද ලබාගැනීමේ අරමුණින් ඉන්දීය රජය ඇමරිකානු යෝජනාවට පක්‍ෂව ඡන්දය භාවිත කිරීමට තීරණය කර ඇතැයි වාර්තා විය.

එහෙත් ඉන්දීය රජය බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කර ඇතැයි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි ප්‍රකාශයට පත්කළ පිටු 21 ක විමර්ශන වාර්තාවේ දක්‌වා ඇත.

ශ්‍රී ලංකාවට මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරන ඇමරිකාව ඉන්දීය රජයට අදාළ වාර්තාව මානව හිමිකම් සමුළුව වෙත යොමු කර නැත.

මෙරට ජනතාවගේ දැන ගැනීම උදෙසා ඉන්දියාව මානව හිමිකම් උල්ලංඝනය කර ඇති අයුරු මෙලෙස සඳහන් කරන්නෙමු.

* 2013 වසරේදී අපරාධකරුවන් සහ ත්‍රස්‌තවාදීන් රැසක්‌ පොලිසිය විසින් මරා දාමා ඇති අතර ඉන් සිදුවීම් 555 ක්‌ ව්‍යාජ ලෙස ප්‍රහාර එල්ල කිරීම් යෑයි හෙළිවිය.

* 1990 සිට 2009 දක්‌වා කාලය තුළ ජම්මු කාශ්මීරයේදී ආරක්‍ෂක හමුදා විසින් ඝාතනය කළ 2943 ක ගේ සිරුරු වළ දමා ඇති ස්‌ථාන එක්‌සත් ජාතීන්ගේ විශේෂ විමර්ශන ක්‍රිස්‌ටෝපර් හේන්ස්‌ට වාර්තා විය.

* මනිපුර් – ඇසෑම් – ත්‍රිපුර් සහ නගාලන්තයේ හමුදා විශේෂ බලතල පණත ක්‍රියාත්මක විය.

* 2013 ජුලි 23 දා තොරතුරු දැනගැනීමේ පණතට සම්බන්ධ ක්‍රියාකාරියකු වන වයන්ත් පටිල් මුම්බායි නගරයේදී ඝාතනය විය.

* මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන ආරක්‍ෂක අංශ නිලධාරීහු 80764 කට චෝදනා එල්ල වී ඇත.

* තාක්‍ෂණ තොරතුරු පණත යටතේ නිවාස පරීක්‍ෂාවට ලක්‌කිරීමට යන වරෙන්තුවක්‌ රහිතව ඕනෑම අයකු අත්අඩංගුවට ගැනීමටත් හැකිවී ඇත.

* ඉන්දීය රජය ටෙලිග්‍රාප් පණත යටතේ දුරකථන සංවාද හා පුද්ගලික විද්යුත් තැපෑලද විමර්ශනය කරයි.

* චතිස්‌ගාර් හි විශේෂ මහජන ආරක්‍ෂක පණත ක්‍රියාත්මක වේ.

* අත්අඩංගුවට ගත් ත්‍රස්‌තවාදින් මරාදැමීම හා එකී මිනීමැරුම් වසන් කිරීම, මළ සිරුරු හිමිකරුවන්ට බාරනොදීම.

* රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙන විදේශ අරමුදල් දේශපාලන කටයුතු සඳහා භාවිත කිරීම තහනම් කිරීම.

* මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන පැමිණිලි සංඛ්‍යාව 28929 යි.

* ජාතික ආරක්‍ෂාවට හානි දායක පිරිස්‌ ජාතික ආරක්‍ෂක පණත යටතේ අත්අඩංගුවට ගැනීමට ඉඩලැබීම.

* ජම්මු සහ කාශ්මීරයේ ත්‍රස්‌තවාදී සිරකරුවන් 600 ක්‌ අත්අඩංගුවේ රඳවා ගැනීම.

* බටහිර බෙංගාලයේ සිටින දේශපාලන සිරකරුවන් සංඛ්‍යාව 438 කි.

* කාන්තාවන්ට එරෙහිව සිදුකළ අපරාධ සංඛ්‍යාව 244270 කි.

ඉන්දියාවට එරෙහිව ඇමරිකාව විසින් ප්‍රකාශයට පත්කළ මේ වාර්තාව ගැන ක්‍රියාකරන්නේ නම් ඉන්දීය හමුදා ද කාශ්මීරයේ යුද අපරාධ සිදුකර ඇතැයි තහවුරු වේ

එම පසුබිම මැද ඉන්දියාවට එරෙහිව මානව හිමිකම් සමුළුවට යෝජනා එකක්‌ නොව කීපයක්‌ම ගෙන ආ යුතුයි

පසුගිය වසරේදී රාජ්‍ය නොවන සංවිධාන දෙකක්‌ කාශ්මීරයේ මානව හිමිකම් කඩකළ ඉන්දීය හමුදා නිලධාරීහු 500 ට චෝදනා නගා තිබිණි. පුද්ගලයන් අතුරුදන්කිරීම, වධ හිංසා පැමිණවීම සහ ඝාතනය කිරීම් ගැන හමුදා නිලධාරීහු 235 ක්‌, ආරක්‍ෂක භටයන් 123 ක්‌ පොලිස්‌ නිලධාරීන් 111 ක්‌ සහ අතුරු හමුදා භටයන් 35 කට එලෙස චෝදනා එල්ලවූවත් එය යටපත් විය.

එහෙත් ඇමරිකාව හා බ්‍රිතාන්‍යය ආණ්‌ඩු ඉන්දීය රජය ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කළ බව කියමින් මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර නැත.

ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරයකුවූ හෙන්රි කිසිංජර් වරක්‌ පැවසුවේ ආණ්‌ඩු සහ ත්‍රස්‌ත කණ්‌ඩායම් අතර ඇතිවන ගැටුම්වලට වගකීමේ නීතිය හා ජාත්‍යන්තර නීති ඇතුළත් වන්නේ නැති බවයි.

එසේ වූවත් මාර්තු 26 දා ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාව ඉදිරිපත් කරන්නේ අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කළ බවට චෝදනා කරමිනි.

2013 මාර්තු මස ගෝතමාලාව, ලිබියාව, පෝලන්තය, මොලඩෝව, ස්‌පාඤaඤය සහ ස්‌විට්‌සර්ලන්තය වැනි රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය භාවිත කළේය. මෙවර එම රටවල් නැතත් ප්‍රංශය, බ්‍රිතාන්‍යය, මෙක්‌සිකෝ සහ මැසිඩෝනියාව යන රටවල් අලුතින් මානව හිමිකම් සමුළුවට එක්‌වී ඇත.

2013 දී බොට්‌ස්‌වානා, බුර්කිනා පාසෝ, ඉතියෝපියාව, කෙන්යාව, ජපානය සහ කසකස්‌තානය ඡන්දය දීමෙන් වැළකී සිටියේය. මෙවර ඇල්ජීරියාව, මොරොක්‌කෝ, නැම්බියාව සහ දකුණු අප්‍රිකාවේ ප්‍රතිචාරය මෙතෙක්‌ හෙළි වී නැත.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් වූ යෝජනාවට රටවල් 42 ක්‌ දායක වූ අතර එම යෝජනාවට පක්‍ෂව ඡන්ද 25 ක්‌ ලැබිණි. මෙවර ඇමරිකාවට පක්‍ෂ ඡන්ද සංඛ්‍යාව අඩුවූවොත් එය පරාජයක්‌ ලෙස සැලකිය හැකිය.

මේ අතර ඇමරිකානු සහ බ්‍රිතාන්‍යය ඒකාබද්ධව කෙටුම්පත් කළ සංශෝධිත යෝජනාවට එරෙහිව ඉතාලි – ප්‍රංශ – ස්‌විඩන් – ජර්මනිය හා ස්‌විස්‌ ශ්‍රී ලාංකික දේශප්‍රේමීහු පවත්වන දැවැන්ත උද්ඝෝෂණය හෙට (24දා) දහවල් ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම උද්ඝෝෂණය තමාගේ ක්‍රියාදාමයක්‌ බවට සඳහන් විද්යුත් ලිපි බ්‍රිතාන්‍යයේ සිටින දේශපාලන අනාථයකු විසින් ශ්‍රී ලාංකිකයන්ට යවා ඇති බව දැනටමත් හෙළිවී තිබේ. එහෙත් මෙය මෙහෙයවන්නේ ඉතාලි – ප්‍රංශ හා ස්‌විස්‌ ශ්‍රී ලාංකික දේශප්‍රේමීන්ය. මේ දේශපාලන අනාථයා මෙයට පෙර බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයේ රැකියාවකට සිය දියණියද ඇතුළත් කරගත් බව තානාපති කාර්යාල ආරංචි මාර්ග හෙළි කළේය.

මෙම තත්ත්වය මැද ඇමරිකානු යෝජනාවේ ශ්‍රී ලංකාවේ හමුදාව සිදුකළ බව කියන යුද අපරාධ ගැන විමර්ශනයක්‌ කළ යුතු බවට සඳහන් වූවත් කොටි සංවිධානය කළ අපරාධ ගැන විමර්ශනයක්‌ අවශ්‍ය බව දක්‌වා නැත.

එසේම රටවල් රැසක ශ්‍රී ලංකාවට වඩා බරපතළ තත්ත්වයක්‌ මතුවී තිබියදී මානව හිමිකම් කවුන්සිලය සහ ඇමරිකාව ඒ ගැන කිසිම උනන්දුවක්‌ දක්‌වා නොතිබීමෙන් නවිපිල්ලේගේ සහ ඇමරිකාවේ ඉලක්‌කය සනාථ වී ඇත.

එය තවදුරටත් සනාථ වන්නේ ඇමරිකාව සකස්‌ කළ ඉන්දියාවේ මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳ විමර්ශන වාර්තාව ගැන මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ නිහඬවීමයි.

ඇයට අගෝස්‌තු 31 දායින් පසු එක්‌සත් ජාතීන්ගේ තවත් ධුරයකට පත්වීමේ අවස්‌ථාව නැතිවූවත් විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියා බවට පත්වන බව ජිනීවා ආරංචි මාර්ග කියාසිටී.

මේ අතර ඉදිරි තෙදින තුළ ඇමරිකාව විසින් මානව හිමිකම් කවුන්සිලයේ රටවල් රැසකට දැඩි බලපෑම් එල්ල කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවට පක්‍ෂව ඡන්දය පාවිච්චි කළහොත් ඇමරිකානු ආධාර කපා හරින බව රටවල් රැසකට දැනටමත් දන්වා තිබේ. මේ අතර ත්‍රිකුණාමලය කොටි හමුදා නායකයාව සිටි මිනීමරු එලිලන්ගේ බිරියවූ ආනන්දි සසිතරන් මේ සතියේ දිනෙක මානව හිමිකම් සමුළුව අමතමින් මෙලෙස කීවාය.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ දැනගැනීම සඳහා අපි ඇගේ ප්‍රකාශය හෙළිකරන්නෙමු.

“උතුරේ සෑම නිවසක්‌ හා පාසලක්‌ ළඟම හමුදා සෙබළු සිටිනවා. අපට කතාකරන්න බැහැ. කාන්තාවන් බියෙන් ඉන්නවා. පසුගිය වසර 60 තුළ ද්‍රවිඩ ජනතාව සංහාරය වුණා. තවමත් ද්‍රවිඩයන් සංහාරය කරනවා. මේ නිසා ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍යයි. මම මේ හඬ නගන්නේ උතුරු පළාත් සභාව සහ ද්‍රවිඩ සන්ධානය වෙනුවෙන් යයි කිව යුතුයි”

ආනන්දි සසිතරන්ට මානව හිමිකම් සමුළුව ඇමතීමට ඉඩලැබුණේ සී එµa. ඒ එච් (CFAH) හෙවත් කලෙක්‌ටිව් චෙස්‌ පෙඩ්වන් ඇප්‍රිකන්ස්‌ නමැති බෙල්ජියානු රාජ්‍ය නොවන සංවිධානය වෙනුවෙනි.

ඉන් සනාථ වූයේ කොටි ඩයස්‌පෝරාව ඇය ජිනීවා එනවිට බෙල්ජියානු රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රකාශිකාවක්‌ ලෙස ඇතුළත් කර තිබූ බවයි.

එහෙත් ඔබේ සැමියා මාවිල්ආරු සොරොව්ව වසා මානව හිමිකම් උල්ලංඝනය කළ බවත් මිනීමැරුම් රැසකට සම්බන්ධ ත්‍රස්‌තවාදියකු යෑයි මානව හිමිකම් සමුළුවේ කිසිවෙක්‌ ප්‍රශ්න කළේ නැත.

One thought on “ඇමරිකානු යෝජනාව පසුබිමේ ශ්‍රී ලංකා වසන්තය මෙහෙයුම

  1. OYA AWAJATHAKA KALAKANNI AMARIKANUWANTA WIRUDDAWA SATANAK KALA YUTHUMAYI ! HAKINAM OWUNATA NUWARA DALA MALIGAWEHI APA ANGAM MADUWATA PAMINENNA KIYANNA

Comments are closed.