ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් අද දිවයිනට

Spread the News

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් අද දිවයිනට

චතුර පමුණුව

දකුණු ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිෂ්වාල් මහත්මිය අද (2) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

නව රජය පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු ඇමරිකානු රාජ්‍ය නිලධාරියා බිෂ්වාල් මහත්මියයි.

ඇමරිකානු නියෝජිතවරිය ජනපති සහ අගමැති ඇතුළු පිරිස සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

බිෂ්වාල් මහත්මිය සමග ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් අතුල් කෙෂාඡ් ද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.