ඇමරිකාවේ ඉල්ලීමට ශ්‍රී ලංකාව “බැහැ” කියයි

Spread the News

ඇමරිකාවේ ඉල්ලීමට ශ්‍රී ලංකාව “බැහැ” කියයි

කීර්ති වර්ණකුලසූරිය

SOURCE:

ශ්‍රී ලංකා හමුදා කණ්‌ඩායමක්‌ ඇෆ්ගනිස්‌තානයේ ඇමරිකානු හමුදාවට සහය වීම සඳහා ලබාදෙන ලෙස ඇමරිකානු රජය කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය එකහෙළාම ප්‍රතික්‍ෂේප කර ඇත.

“ඇෆ්ගනිස්‌තානයේ පවතින්නේ ඇමරිකානුවන්ගේ යුද්ධයක්‌. අපේ යුද්ධයක්‌ නොවෙයි යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

“වෙනත් රටවල ඇති අභ්‍යන්තර ප්‍රශ්නවලට අපි කිසිසේත් මැදිහත් නොවන්නෙමු” යෑයි රජය ඇමරිකානු බලධාරීන්ට දන්වා ඇත.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ විසින් මේ ඉල්ලීම කර තිබූ බව වාර්තා වේ.