Sat. Jan 18th, 2025
Spread the News

ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට අවමන්
කෙරෙන “බ්ලු” එළිදකී
source:
* කළු කොටි බෝම්බකාරියන් ගැන වීඩියෝ පටයක්‌
නිපදවූ තැනැත්තියක්‌ එළියට එයි

* ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුව සහ සොරොව්ව වැසුවාලු

* උතුරේ යුද හමුදා කඳවුරු ඉවත්කර ගැනීමේ
නව සැලසුමක්‌ ද්‍රවිඩ සන්ධානය අරඹයි

* නෙදර්ලන්ත ප්ලොට්‌ ප්‍රධානියා වූ “සූරි” සහ
හය දෙනෙක්‌ අත්අඩංගුවට

* කියුබානු ත්‍රස්‌ත මර්දන පස්‌දෙනාගේ කණ්‌ඩායමේ
දෙදෙනකුගේ මව්වරු ශ්‍රී ලංකා ජනාධිපතිව හමුවේ

* කොටි හිතවාදියකුට එළිසබත් රැජිනගේ පදක්‌කමක්‌ පිරිනැමේ

* ජාතික ධජයෙන් විලි වසාගැනීමේ වැරැද්ද කුමක්‌දැයි
හරක්‌ දක්‌වන්නකුගේ චරිතයක්‌ රඟපෑ අයෙක්‌ ඇමරිකාවේදී අසයි

* ඕස්‌ටේ්‍රලියාවේ ක්‍රිස්‌මස්‌ දූපත අසල ගිලී ගිය බෝට්‌ටුවේ
ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් සිටි බව හෙළිවේ

* තමිල්නාඩු කොටි ශ්‍රී ලංකා ධජය පුළුස්‌සයි

“ෙද්‍රdaහීහු අවස්‌ථාව එනතුරු බලා සිටී”
– රුසියානු ජනාධිපති වැලඩ්මීර් පුටින්

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කියුබානු ආචාර පෙළපාලිය පරීක්‍ෂා කරමින්

මෙරට ජාතික ධජයට හා සංඝයා වහන්සේලාට අවමන් කරන “නිල්” චිත්‍රපටයේ දර්ශනයක්‌

තමිල්නාඩුවේ කොටි හිතවාදීහු ජාතික ධජය පුළුස්‌සා දමන අයුරු හා පොලිසිය එය නතර කිරීමට දැරූ උත්සාහය

ලන්ඩන් නුවර කොටි හිතවාදීහු පසුගියදා ශ්‍රී ලංකාවේ ජාතික ධජය ප්‍රසිද්ධියේ පුළුස්‌සා දැමීය. එහෙත් 1975 දී ශත 75 ක්‌ අතැතිව කොළඹට පැමිණි අයෙක්‌ 2012 දී ඇමරිකාවට ගොස්‌ ජාතික කොඩිය යටිකුරු කර ඉන් සිය විලි වසා ගත්තේය.

ශ්‍රී ලංකාවේ ජාතික ධජයෙන් මේ විලි වසාගත් තැනැත්තා කව්දැයි පසුගිය මැයි 12 වැනිදා විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් දැනගත්හ.

මෙලෙස ජාතික ධජයට අවමන් කරමින් විලි වසාගත් ගත් මොහු වෙනින් කවුරුත් නොව මීහරකා චිත්‍රපටයේ හරක්‌ දක්‌වන්නාගේ චරිතය මැවූ ලින්ටන් සේමගේයි.

කොටි ත්‍රස්‌තයන් ළදරුවන්ව කැතිවලින් කපා බිහිසුණු ලෙස ඝාතනය කරද්දී හා කොටි බෝම්බකරුවෝ පාසල් දරුවන් සිටි බස්‌ රථ බෝම්බ අටවා ඔවුන්ගේ සිරුරු කැබලි කරද්දී නිහඬව සිටි මොහු පසුගියදා ශ්‍රී ලංකාවට අවමන් කරමින් ඇමරිකාවේ සිට චිත්‍රපටයක්‌ නිර්මාණය කළේය.

“නිල්” (blue) නමින් හැඳින්වූ එම දීන චිත්‍රපටය සම්බන්ධව සේමගේ නමැත්තා මෙලෙස ප්‍රකාශ කර ඇත.

“මම පාදඩයා කියා චිත්‍රපටයක්‌ හැදුවා. එම චිත්‍රපටයෙන් කියන්නේ වැවක වතුර දීම වෙල් විදානේ විසින් නතර කිරීමයි. ඒ වගේම ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුව වැහැව්වා. සොරොව්ව වැසුවා. 2009 දී ප්‍රභාකරන්ව මරලා දැම්මා. මම නිතරම රට ගැන අවදියෙන් ඉන්නේ. රට ගැන හිතනවා. දුර සිටියත් මම රටේ වෙන දේවල් වෙනවා. අතුරුදන් වූ, මරපු මාධ්‍යවේදියෝ 56 ක්‌ ඉන්නවා. මම ඒ අය ගැන චිත්‍රපටයක්‌ කළේ නැත්නම් එය පාපකර්මයක්‌. රිචඩ් සොයිසා, ලසන්ත වික්‍රමසිංහ මගේ මිත්‍රයෝ. මම මේ නිර්මාණය කරපු චිත්‍රපටයේ නිරුවත් දර්ශන තිබෙනවා. සංඝයා වහන්සේලා නිරුවත්ව කාන්තාවන් සමග පාක්‌ එකේ ඉන්නවා. එසේම සුදු වෑන්වලින් මිනිසුන්ව නිර්වස්‌ත්‍රව ගෙන යන දර්ශනත් “නිල්” චිත්‍රපටයට ඇතුළත් වෙනවා. අද රටට මොකද වෙලා තියෙන්නෙ? ජාතික කොඩියෙන් විලි වසා ගැනීම රටට කරන අගෞරවයක්‌ නොවෙයි. ජාත්‍යන්තරය තුළ අපේ රටට ඇතිවී තිබෙන තත්ත්වය කුමක්‌ද? අද එන්.ජී.ඕ. වලට බනිනවා. මට එන්.ජී.ඕ. මුදල් ලැබුණොත් චිත්‍රපටයක්‌ කරනවා. ජාතිය නිර්වස්‌ත්‍ර වෙලා. ඒ නිසා ජාතික කොඩියට එහෙම කළාම මොකද?

ශ්‍රී ලංකාවත් මෙරට සංඝයා වහන්සේලාවත් දැඩි අවමානයකට ලක්‌ කරමින් ශ්‍රී ලංකා ඇමරිකානු නිෂ්පාදනයක්‌ ලෙස නිර්මාණය කර ඇති “නිල්” නමැති ශ්‍රී ලංකා විරෝධී චිත්‍රපටයෙන් ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්නුම් කර ඇත්තේ කතා කරන්නට කටක්‌ ද, සිතන්නට මනසක්‌ ද, නැගී සිටින්නට දෙපයක්‌ ද නැති බවයි. මෙම චිත්‍රපටයේ නිෂ්පාදකයා ද ඇමරිකාවේ පදිංචිකරුවෙකි.

ප්‍රභාකරන් වසා දැමුවේ නන්දිකඩාල් සොරොව්ව නොව මාවිල්ආරු සොරොව්ව බවවත්, ලසන්ත වික්‍රමසිංහ නමැති මාධ්‍යවේදියකු ඝාතනය නොවූ බවවත් නොදන්නා මීහරකා චිත්‍රපටයේ හරක්‌ දක්‌වන්නා වූ ලින්ටන් සේමගේ මේ නිල් චිත්‍රපටය නිර්මාණය කිරීම පාදඩ ක්‍රියාවක්‌ නොවේද?

මෙරට මාධ්‍ය ක්‍ෂේත්‍රයට කිසිසේත් සම්බන්ධකමක්‌ නැති මොහු ප්‍රභාකරන් විසින් නත්තල් දා මඩු දේවස්‌ථානයේදී මරියදාසන් නමැති ගුවන්විදුලි ශිල්පියාව ඝාතනය කරද්දී කොහේ සිටියේද?

ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානය රහසිගතව මිනිසුන් පැහැරගෙන යද්දී ඇමෙරිකාවේ සිටි මාධ්‍ය නිදහස ගැන හඬ නඟන මොහු ශ්‍රී ලංකාවට එරෙහි රාජ්‍ය නොවන සංවිධාන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කර තිබේ. එහි රඟපාන්නේ ද ඔහුගේ පවුලේ අයයි.

මේ පසුබිම යටතේ ලින්ඩන් සේමගේ නමැත්තා ඇමරිකාවට ගියේ කෙසේද යන්න මෙරට බුද්ධි අංශවලට වාර්තා වී ඇත.

සිංහලයකු වේශයෙන් පෙනී සිටිමින් නිල් චිත්‍රපටය ඔස්‌සේ සාවද්‍ය තොරතුරු විකාශනය කිරීමට මොහු ක්‍රියා කරද්දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කියුබානු සංචාරය ඇමරිකානු බලධාරීන්ගේ අවධානයට යොමුවිය.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පසුගිය 18 වැනිදා කියුබානු ජනතා සහයෝගිතා ආයතනයට පැමිණි අවස්‌ථාවේ ඇමරිකාවේ වසර 14 ක්‌ තිස්‌සේ සිරගත කර සිටින කියුබානු ත්‍රස්‌ත මර්දන ඒකකයේ පස්‌දෙනකුගෙන් යුත් කණ්‌ඩායමේ දෙදෙනකුගේ මව්වරුන් වූ ඉර්¨මා සහ මහාලි හමුවිය.

ඇමරිකාවේ සිට කියුබාවට එරෙහිව දියත් වන ත්‍රස්‌තවාදී ක්‍රියා ගැන විමර්ශනය කිරීමට ගිය මෙම පස්‌දෙනාගේ කණ්‌ඩායම 1998 සැප්තැම්බර් 12 වැනිදා ඇමරිකානු එµa.බී.අයි. පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණි. 2001 දී මෙම පස්‌දෙනාගේ කණ්‌ඩායම වසර 75 ක සිරදඬුවමකට නියම විය.

මේ අතර පසුගිය සඳුදා මාවයි සේනාධිරාජා, කජෙන්ද්‍රන්, සිවාජිලිංගම්, ශ්‍රීධරන් යන ද්‍රවිඩ දේශපාලකයන් සහ සිවිල් ක්‍රියාකාරියකු යෑයි හඳුන්වා ගන්නා ගුරුපරන් කුමාරවඩිවෙල් උතුරු වලිකාමම් ප්‍රදේශයේ අවතැන්වූවන් පදිංචි කළ යුතු යෑයි පවසමින් විරෝධතාවයක්‌ දියත් කළහ. ආරක්‍ෂක හමුදාව එම ප්‍රදේශයේ අධි ආරක්‍ෂක කලාපවලින් ඉවත්විය යුතු බවටත් ඒ සඳහා මසක කාලයක්‌ ශ්‍රී ලංකා රජයට දෙන බවටත් විරෝධතාකරුවෝ කියා සිටියහ.

මොවුහු කන්කසන්තුරේ මාර්ගය අවහිර කරමින් වඩමාරච්චි ප්‍රදේශයේ සිට බස්‌ රියකින් උතුරු වලිකාමම් අවතැන්වූවන් යෑයි කියමින් පිරිසක්‌ ද ගෙන එනු ලැබීය.

මේ තත්ත්වය මැද මාවයි සේනාධිරාජා සහ උතුරේ පොලිස්‌ නිලධාරීන් අතර වචන හුවමාරුවක්‌ ඇතිවූ තිබේ.

මෙකී විරෝධතාවය මෙහෙයවූවන් අතර සෙබළුන් 10000 ක්‌ පෙට්‌ටිවලින් කොළඹට එවන බවට වහසි බස්‌ දෙඩූ කෙ-න්ද්‍රන් ද සිටි බව හෙළි විය.

මෙයට සමගාමීව බටහිර මාදගල් ප්‍රදේශයේ ස්‌ථාපිත නාවික භට පිරිස්‌ එම ප්‍රදේශයෙන් ඉවත් විය යුතු බව දක්‌වමින් තවත් ද්‍රවිඩයන් පිරිසක්‌ මාදගල්හි විරෝධතාවක්‌ දක්‌වා ඇත.

උතුරින් හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැතැයි ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශ කිරීමත් සමගම ද්‍රවිඩ සන්ධානය දියත් කළ මෙහෙයුම වී ඇත්තේ ආරක්‍ෂක හමුදාව ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් අත්පත් කරගත් බව දක්‌වමින් එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙස ඉල්ලීමයි.

එහෙත් කොටි සංවිධානය විසින් රජය සතු ඉඩම් ඔප්පු සියල්ල විනාශ කර තිබූ බව හෙළි විය. ද්‍රවිඩ සන්ධානයේ දේශපාලකයන් හා හිටපු දේශපාලකයන්ගේ මෙම ක්‍රියාදාමය මැද තමිල් ඊළම් රාජ්‍යයක්‌ ආරම්භ කිරීම සඳහා යෑයි දක්‌වමින් තමිල්නාඩු හිටපු මහ ඇමැති කරුණානිධි විසින් ලබන 5 වැනිදා වල්ලිපුරම්හිදී ද්‍රවිඩ ඊළාම් සමුළුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ කොටි හිතවාදී සමුළුවේදී උතුරු නැගෙනහිර සිංහලයන් පදිංචි වී සිටීම ගැන ද අවධානය යොමු කෙරෙන බව වාර්තා වී තිබේ. එසේම එම සමුළුවට මානව හිමිකම් ක්‍රියාකාරීහු යෑයි කියන පිරිසකට ද කරුණානිධි ඇරයුම් කර තිබේ.

මෙවන් පසුබිමක්‌ යටතේ අපරාධ විමර්ශන නිලධාරීහු නෙදර්ලන්ත හිටපු ප්ලොට්‌ නායකයා වූ මර්කන්දු උදයකුමාරන් හෙවත් සූරි ඇතුළු ප්ලොට්‌ ක්‍රියාකාරීහු හය දෙනෙක්‌ අත්අඩංගුවට ගෙන තිබේ.

ගතවූ කාලයේ රජය සමග එක්‌ව ක්‍රියා කළ ප්ලොට්‌ ක්‍රියාකාරීන්ව අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය වවුනියා කොටි හිතවාදීන් විසින් විගස ලොව පුරා විකාශනය කෙරිණි.

වවුනියාවේ ඇතැම් ක්‍රියාවන්ට මොවුන් සම්බන්ධ බවට ලත් පැමිණිලි මත මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.

නෙදර්ලන්ත බලධාරීහු විසින් සූරි නමැත්තාව හය වසරක්‌ තිස්‌සේ සිරගත කර තිබී පසුව මෙරටට පිටුවහල් කර තිබූ බව හෙළි විය. අත්අඩංගුවට ගනු ලැබූවන් අතර වවුනියාවේ නාගරික මන්ත්‍රී පාර්තියන් ද සිටින බවට හෙළිවී ඇත.

එහෙත් වවුනියා ආරංචි මාර්ග දක්‌වන්නේ පුදුකුඩිඉරිප්පුවේ කොටි සුසානභූමියක වළ දමා ඇතැයි කියන කොටින්ගේ කන්ටේනරයක්‌ රහසිගතව ගොඩගැනීමට සැලසුම් කළ ඇල්බියන් ෙ-ම්ස්‌ නමැත්තා තවමත් නිරුපද්‍රිතව සිටින බවයි. මේ අතර ඕස්‌ටේ්‍රලියාවේ ඒ.බී.සී. ගුවන්විදුලිය සමග සාකච්ඡාවක යෙදුණු සේව් ද චිල්රන් නමැති විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානයේ අධ්‍යක්‍ෂිකාව උතුරේ මහාමාර්ගයේ හමුදා කඳවුරු තිබෙනු තමා දුටු බවත් යුද බිය සමයේ ජීවත්වූ ළමුන් හමුදාව දැකීම ඔවුන්ට මානසික ලෙස බලපාන බව දක්‌වා ඇත.

උතුරේ යුද හමුදාව සිටීම ළමුන්ට ප්‍රශ්නයක්‌ වී ඇතැයි පවසන සේව් ද චිල්රන් සංවිධානය අනිකුත් එන්.ජී.ඕ. සංවිධාන සමග එක්‌වී නෝර්වේහි ඇමරිකානු තානාපතිව සිටි විලියම්සන්ට තොරතුරු සැපයූ බව ඇමරිකානු යුද රහස්‌ ලියවිල්ලකින් හෙළිවී තිබිණි.

මෙම පසුබිම යටතේ එලිසබත් රැජිනගේ දියමන්ති ජුබිලියේ රැජිනගේ පදක්‌කම පිරිනැමීමට කැනඩාව විසින් තෝරාගත් අය අතර කොටියකු වූ ක්‍රිෂ්ණ සවරිමුත්තු ද විය. 2001 නොවැම්බර් මසදී සවරිමුත්තු ඇමරිකානු කොටියකු වූ රජිව් ශ්‍රීධරන් සහ ස්‌විස්‌ කොටියකු වන ලාතන් සුන්දරලිංගම් එකතුවී ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා ජනමත විචාරණයක්‌ පැවැත්විය යුතු යෑයි ඉල්ලා තිබිණි.

කොටි ත්‍රස්‌තවාදියකුට රැජිනගේ පදක්‌කමක්‌ පවා හිමිවන අවස්‌ථාවේ ප්‍රභාකරන් නමින් තවත් ග්‍රන්ථයක්‌ තමිල්නාඩුවේදී දියත් විය.

ප්‍රභාකරන්ගේ උපදේශක කාසි ආනන්දන් හා සගයකු වන නෙදුමාරන්ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විණි. එහිදී නෙදුමාරන් මෙසේ පැවසීය. “මුල්ලිවයික්‌කාල් යුද්ධය අවසන් නැත. එය ආරම්භ කළා පමණි. ඉදිරි ඉලක්‌කය සඳහා ප්‍රභාකරන් විසින් කොටි තරුණයන්ව යොමු කළා. තමිල්නාඩු තරුණයන්ට සිය අනාගත ඉලක්‌කයට යැමට මේ ග්‍රන්ථය මඟ පෙන්වනවා.

ප්‍රභාකරන්aගේ උපදෙස්‌ මත රජිව් ගාන්ධිව රැවටූ කාසි ආනන්දන් මෙලෙස දක්‌වා ඇත. “ද්‍රවිඩ ජනතාවට චීනයෙන් හා පකිස්‌තානයෙන් අවි පුහුණුව ලැබුණේ නැහැ. හැමවිටම අවි පුහුණුවත්, හමුදා උපාංගත් ලැබුණේ ඉන්දියාවෙන්.”

මේ අතර කොටි ඩයස්‌පෝරාව තවදුරටත් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වේ. ජිනීවා නුවරදී මේ සතියේ ආරම්භ වූ 20 වැනි මානව හිමිකම් සමුළුවට ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක ආනන්ද සංගරීගේ පුත් ගැරී ආනන්ද සංගරී හා බ්‍රිතාන්‍ය-කැනඩා කොටි ජාලයේ පිරිස්‌ පැමිණියහ. ඔවුහු විදේශ තානාපතිවරු හමුවී ශ්‍රී ලංකා හමුදාව විසින් ද්‍රවිඩ ජනතාව පැහැරගෙන යන බවටත් උතුරේ ඉඩම් කොල්ලකන බවට ද සාවද්‍ය තොරතුරු පවසා තිබේ.

ඊට අදාළ සාවද්‍ය වීඩියෝ පටයක්‌ ද විදේශ තානාපතිවරුන්ට ලබාදී ඇතැයි ජිනීවා ආරංචි මාර්ග කියා සිටී.

සටන් විරාම සමයේ කළුකොටි බෝම්බකාරියන් ගැන වීඩියෝ පටයක්‌ නිර්මාණය කළ තැනැත්තියක්‌ මේ සතියේ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලය තුළින් කරළියට පැමිණීම තවත් සිද්ධියකි. මෙම වාතාවරණය යටතේ ලන්ඩන් නුවර සිටින වාසුකී මුරුතහාස්‌ නමැති කොටි කාන්තාවක්‌ විදේශ මාධ්‍යවලට වීඩියෝ පට 32 ක්‌ හා ඡායාරූප 24 ක්‌ යවමින් ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු කර ඇති බව පවසා ඇත. 2009 අප්‍රේල් 6 සහ 19 වැනිදා යුද හමුදා සෙබළියන් පිරිසක්‌ විසින් ඇගේ ජංගම දුරකථනයෙන් මෙම ඡායාරූප ලබාගත් බව අප දක්‌වා තිබේ.

යුද්ධයට අවසන්වී තෙවසරක්‌ ගතවන අවස්‌ථාවේ මෙවන් වීඩියෝ පට එළිදක්‌වන්නේ ජාත්‍යන්තර ප්‍රජාව ලවා ශ්‍රී ලංකාවට එරෙහිව විමර්ශනයක්‌ පැවැත්වීමේ අරමුණෙනි.

මෙය පුදුමයක්‌ නොවේ. ලින්ටන් සේමගේ නමැත්තා ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුව හා සොරව්ව වැසූ බවට ඇමරිකවේ සිට පවසන විට ශ්‍රී ලංකාවට වින කිරීමට උත්සාහ කරන්නන්ගේ ඉලක්‌කය සනාථවේ.

මේ අතර කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍ය චම්පික රණවක මුල්ලිවයික්‌කාල් එකක්‌ ඇති. තවත් 100 ක්‌ ගන්න උත්සාහ කරන්න එපා යනුවෙන් කළ ප්‍රකාශයක්‌ සම්බන්ධව මෙරට සිටින කොටි හිතවාදීහු තමිල්නාඩු හිටපු මහ ඇමැති කරුණානිධි වෙත දැනුම් දුන්හ.

මෙය ඇසූ කරුණානිධි විගස ඉන්දීය අගමැති මන්මෝහන් සිං වෙත ලිපියක්‌ යවමින් එම ප්‍රකාශය ගැන ශ්‍රී ලංකා රජයෙන් විමසන්නැයි ඉල්ලා ඇත.

අමාත්‍ය චම්පික රණවක මුල්ලිවයික්‌කාල් සම්බන්ධව කළ ප්‍රකාශය මෙරට කොටි හිතවාදීහු තමිල්නාඩුව වෙත ප්‍රකාශ කළේ ඔහු ද්‍රවිඩයන්ව සමූල ඝාතනය කරන බවට පැවසූ බවයි. මෙයට සමගාමීව තමිල්නාඩුවේ කොටි හිතවාදීහු ශ්‍රී ලංකා ජාතික ධජය හා අමාත්‍ය චම්පික රණවකට සමාන පඹයකු පුළුස්‌සමින් වාහාම ශ්‍රී ලංකාව සමග පවත්වන සබඳකම් නතර කරන්නැයි ඉල්ලා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Protected by Security by CleanTalk