Spread the News

ඇමැති පදවි අහෝසි කෙරේ

ජනිත සෙනෙවිරත්න

මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන යන මහත්වරුන් ඔවුන් හෙබවූ ඇමැති තනතුරුවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ. එසේම මෙම සිවුදෙනාගේ ද වසන්ත සේනානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ද පක්‍ෂ සාමාජිකත්වය තහනම් කර තිබේ.

මීට අමතරව මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මහ ලේකම් ධුරයෙන් ද සෙසු පිරිස ඔවුන් විසින් පක්‍ෂයේ දරන ලද සියලු තනතුරුවලින් ද ඉවත් කර තිබේ.

පක්‍ෂ නායකයා සහ ජනාධිපතිවරයා ලෙස ලැබී ඇති බලතල අනුව මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මෙම ඉවත් කිරීම සිදුකර තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැති ධුරයද, රාජිත සේනාරත්න මහතා ධීවර ඇමැති ධුරය ද, දුමින්ද දිසානායක මහතා අධ්‍යාපන සේවා ඇමැති ධුරය ද එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන මහතා බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැති ධුරය ද දැරූහ.