Thu. Nov 14th, 2024
Spread the News

බිමකට පිටින් රිංගලාද ?

යාබද ඉඩම තමුන්ගේ කරගත්තා කියාද ?

තිබුන වැට මායිම ඇබින්දක් එහෙ මෙහෙ කළා කියලාද ?

රජා පන්නන්න බීජ වැපිරුවා කියාලාද ?

මිනීමැරුවා කියාද ?

හොරකම්කළා කියාද ?

ජඩකම වැපිරුවා කියාද ?

කියපං …

මේ අහවල් එකද  ?

වහන්ස ! ඒ නුඹ වහන්සේගේ ඉඩම ගැන කතා කල  නිසාය.

ඈ..ඈ..ඈ..

යකෝ මේ මා ඉපදුනු රට.

මුල්වරට පයතැබූ පොලව

කෙලිදෙලෙන් ගෙවූ ඉම.

පැවිද්ද ලැබ දුන් පතිරූපදේශය.

මා මනාප නොමැතිව මා ගෙට බලෙන් රිංගපු එකා එක්කන් මට කවර නම් ආල කථාවක්ද ?

විහාරස්තාන එක පෙලට වනසාලුවෝ එක්කන් මොන පයිරුපාසානම්ද ?

මා දායකයින් , මා පැවිද්දට මෙතුවක් කැඹිරූ උපාසකයන්, එක පෙලට කම්මුතු කල එවුන්ට මම පාවඩ එලන්නද ?

මා සුරක්ෂා කල දහම වලපල්ලට යවා එවූන්ගේ දහම මෙහි එලන්නට ආ මුන්ට මම ආගන්තුක සත්කාර දෙන්නද ?

යකුනේ……

මා මේ දොඩන්නේ  බින්නයක් නම්……

දමව් යදම් මේ එක් අංශයකටම නොව

මේ මගේ දෑත් යුවලටම.

දරුවනි….!

මා රැක්කේ මෛත්‍රියයි. ඒ මගේ මහා ඇදුරුන් ගේ ඉගැන්වීමයි.

ඒක නුඹලාට පමණක් නොව ඒක මුන්ටත් අදාලයි.

මා රැක්කේ කරුණාවයි. ඒ මගේ ගුරුන් ගේ ඉගැන්වීමයි.

මිනිසුන් වන නුඹලාට පමණක් නොව ගහ කොළ , සතා සිපාවටත් එය හිමියි.

මා රැක්කේ මුදිතාවයි. නුඹේ සැප දැක මා හිනැහුණේ ඒ නිසයි.

මා රැක්කේ උපෙක්ෂාවයි. ඉස්පාසුවක් නොදෙන අට ලෝ දමින් වල්මත් නොවුවේ ඒ නිසයි.

පෙනේද මුන්ගේ වග ?

මුන් එය ගත් සැටි බලන්න… !

“මුන්ව එක මිටට වැනසිය හැකියි.

මුන් සතු සියලු වටිනාකම ගත හැකියි.

මුන් සතු සියල්ලම විගස සුන්නද්දූලි කල හැකියි.

ඉන් පසු,

අපේ ක්‍රමය විගස මෙහි ස්ථාපිත කල හැකියි.”

රැක්කේ මෛත්‍රිය වූ නිසාවෙන් මුන්ගේ ජඩකමටත් මෛත්‍රිය වැටෙනු ඇතැයි කියා උන් සිතුවා විය හැකිය.

රැක්කේ කරුණාව නිසා මුන්ගේ මුර් ඝ කමත් කරුණාවට ලක්වනු ඇතැයි උන් සිතුවා විය හැකිය.

රැක්කේ මුදිතාව නිසාවෙන් මුන්ගේ ජරාජිරණයන්ටත් අප එහෙයි වනු ඇතැයි උන් සිතුවා විය හැකිය.

දහම උපේක්ඛාව නිසාවෙන් උන්ගේ සියලු  අමනෝඤයන් ගැන අප නිහඬ ප්‍රතිපදාවම රකිනු ඇතැයි උන් සිතුවා විය හැකිය.

බොලව් ජඩයනි….!

නවත්තපියව් ඕක ……

මියෑදුනත් අප අද , නොදෙන්නෙමි ඉම නුඹට….

විරුද්ධයි වහන්ස විරුද්ධයි එය නුඹේ ක්‍රමයට…

“චේතනාහං බික්ඛවේ කම්මං”

අමතකද ඒ වග

මියෙන්නේ අප , අප වෙනුවෙන් නොව

රැක තැබිය යුතු ඉම, දැය, සසුන

නිසා ඒ වෙනුවෙන්ම බව

මියගියද අප අද

ඵලදරයි දිනෙක අපගේ චේතනාව.   

තොපි අද අපිට, හෙට එය තොපේ පසුපස..

ඈ …ඈ..ඈ …..

ඒවැයින් කියන්නේ…………?

වහන්සේලාත් අපි වැනිමද ?

අපි තොපිවන් නිසා නොව බොල

“කල දේ දිනෙක පල දේ” යන ලෝකස්වභාවය අනුව නිසා බව  ….

ස්තුතියි !

Protected by Security by CleanTalk