Spread the News

ඉතිහාසයේ සාමකාමී මැතිවරණය පැවැත්වූවා
ජනාධිපති මෛත්‍රී විශේෂ ප්‍රකාශයක්‌ කරයි

ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය පැවැත්වීමට හැකිවීම පිළිබඳව තමන් සතුටු වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17 වැනිදා) රාත්‍රී විශේෂ ප්‍රකාශයක්‌ කරමින් සඳහන් කර සිටියි.

1947 ට පසුව ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය ඊයේ (17 වැනිදා) පැවැත්වුණු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. රාජ්‍ය නායකයා ලෙස තමා මැතිවරණයේදී මැදිහත්ව කටයුතු කළ බවත් විධායක බලතල භාවිත නොකළ බවත් හෙතෙම ප්‍රකාශ කළේය. පසුගිය මාස හය තුළ රට තුළ සිදු කරන ලද යහපාලනයේ පුළුල් ප්‍රතිඵල නිසා මෙලෙස ඉතිහාසයේ  සාමකාමී මැතිවරණය පැවැත්වීමට හැකි වූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම මැතිවරණය සාර්ථකව පැවැත්වීමට ක්‍රියාකළ මැතිවරණ කොමසාරිස්‌වරයා ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන්ටත් පොලිස්‌පතිවරයා ඇතුළු ආරක්‍ෂක අංශ ප්‍රධානීන්ටත් ස්‌තුතිය පුද කරන බව ජනපතිවරයා කීය.

ඡන්ද ප්‍රතිඵල ඉතාම සාමකාමී ලෙස භුක්‌ති විඳින ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ජනපතිවරයා ප්‍රකාශ කළේය.