Sat. Nov 23rd, 2024
Spread the News

ඉන්දරතන හිමියන්ගේ
අපවත්වීම සිය දිවි හානිකර ගැනීමක්‌ ද?

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක
ආචාර්ය පූජ්‍ය
ඕමල්පේ සෝභිත ස්‌ථවිර source:

2013.05.30 දිවයින ‘ආතා අපේ’ කොළම මගින් කර ඇති ආරාධනාවක්‌ අනුව මෙය ලියමි. එහි මෙසේ සඳහන් ය.

”භික්‍ෂු නමක්‌ ගිනි තියාගෙන මැරුණාම
දිවි නහ ගැන්ම අනුකූලය බුදු දමට
තවත් භික්‍ෂුවක්‌ කියලා තිබුණේය.
ආතා අපේ කීවා හොඳ කතාවක්‌

අප දන්නා බණේ මේ වැනි දෙයක්‌ නැත
කොතැන ද බුදු දහමේ මේ බව තියෙන්නේ
පැහැදිලි කර දුන්නානම් නේද හොඳ
නැත්නම් කෙළෙසී යනවා බුදු දහම”

මේ ලියන මුණුපුරාගේත් දිවයින පාඨක හැමගේත් නිරවද්‍ය අවබෝධය සඳහා ඉහත කරුණට අදාළව පැහැදිළි කිරීමක්‌ අත්‍යවශ්‍ය බව පැහැදිළි ය.

පසුගියදා අපවත් වී වදාළ පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමිගේ මරණය සියදිවි හානිකර ගැනීමක්‌ නොවන බවත් එය ජීවිත පූජාවක්‌ බවත් කියා සිටි භික්‍ෂූන් වහන්සේලා අතර මම ද කෙනෙක්‌ මි. ඒ බව 28 දින කහවත්තේ පොරෝනුව නමැති අතිදුෂ්කර ප්‍රදේශයේදී පැවති උන්වහන්සේගේ ආදාහන උත්සවයේදී ප්‍රථම අනුශාසනාව පවත්වමින් පැහැදිළි විවරණයක්‌ කෙළෙමි.

එහෙත් සියදිවි හානිකර ගැනීම බුද්ධාගමට එක`ග බවක්‌ අප කියා නැත ද, පත්‍රයේ අවධාරණය කර ඇත්තේ ‘ඉන්දරතන හිමි නිවැරදි ක්‍රියාවක්‌ කර ඇත’ යන්න ප්‍රතික්‍ෂේප කිරීම බව වැටහී යයි.

ඉන්දරතන හිමිගේ ක්‍රියාව හෙළා දකින විවේචනය කරන අය කියන්නේ එය සියදිවි හානිකර ගැනීමක්‌ බවයි. එනිසා එය බුදුදහමට අනුව ප්‍රාණ ඝාත අකුසලයක්‌ වන හෙයින් ඉන්දරතන හිමි පාප ක්‍රියාවක්‌ කළ අයෙකි. සාමාන්‍යයෙන් බැහැරට එකවර පේන ආකාරය ද එය විය හැකි යි.

නමුත් බුද්ධ ධර්මයට අනුව යම් ක්‍රියාවක හොඳ නරක තේරුම් කරන්නේ ඒ ක්‍රියාවේ බාහිර ස්‌වරූපය අනුව නොවේ. ක්‍රියාව කුමක්‌ වුවත් එයට හේතු පාදක වන ෙච්තනාව අනුවයි, බුදු දහම හොඳ නරක නිර්දේශ කර ඇත්තේ. ඒ බව zෙච්තනාහං භික්‌aඛවේ කම්මං වදාමි. ෙච්තයිත්වා කම්මං කරෝති කායෙන් වාචාය මනසා’ යන බුදු වදනින් පැහැදිළි ය. එහි තේරුම ‘සිත කය වචන යන තුන් දොර මෙහෙයවීමෙන් යම් ක්‍රියාවක්‌ කරයි ද එයට හේතුපාදක වන ෙච්තනාවම කමර්ය යනුවෙන් දේශනා කරමි’ මෙය සඳහන් වන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ 4 වැනි කාණ්‌ඩයේ එන නිබ්බේධික සූත්‍ර දේශනාවේ ය. මේ අනුව ඉතාමත් පැහැදිළිව පෙනීයන කරුණ නම් උන්වහන්සේගේ ක්‍රියාව පාපී ෙච්තනා මුල්කරගෙන සිදුවූවක්‌ නොවන බව යි. උන්වහන්සේ හදිසි කෝපයකින් හෝ කලක සිට බැඳගත් වෛර ආඝාතයකින් හෝ මෙහෙයවන ලදුව ක්‍රියාකර ඇති බවක්‌ පේන්නේ නැත.

උන්වහන්සේ දිගු කලක සිටම ගවඝාතනයට එරෙහිව ක්‍රියාකළ අයෙකි. 2012 සැප්තැම්බර් මාසයේ පැවති මුන්නේෂ්වරම් කෝවිලේ සත්ව බිලි පූජාවට එරෙහිව ද දහස්‌ ගණනක්‌ ගිහි පැවිදි පිරිස සමග උද්ඝෝෂණයේ නියෑලූනු උන්වහන්සේ ඒ කෲර ක්‍රියාව නවත්වන්නේ නැතිනම්, තම දිවි පුදා හෝ විරෝධය පළ කරන බව උන්වහන්සේ ප්‍රකාශ කළ හ. එදා අධිකරණ නියෝගයක්‌ අනුව ඒ අමානුෂික බිළි පූජාව නතර නොකළානම්, ඉන්දරතන හිමිගේ ජීවිත පූජාව එතැනදී සිදුවන්නට ඉඩ තිබුණි.

මේ වසරේ පෙබරවාරි මස 14 දින සිට උන්වහන්සේ තවත් විශ්මිත අධිෂ්ඨාන පූජාවක නියෑලූන හ. එනම් ඇඹිලිපිටියේ සිට අනුරාධපුර දක්‌වා වූ දිගු මග පා ගමනින් ගමන් කරමින් තම උදාර අරමුණ වෙනුවෙන් සත්‍යක්‍රියා කිරීමයි. පූජ්‍ය ඇඹිලිපිටියේ සුජාත, පූජ්‍ය කඹුරුපිටියේ අනෝම යන හිමිවරුන් දෙනම ද සමග දින 14 ක්‌ තිස්‌සේ කි.මි. 350 කට වැඩි දුරක්‌a පා ගමනින් වැඩම කලේ ඒ උතුම් අරමුණු පෙරදැරිව ය. තම අරමුණ ඉටුවේවා යන අදිටනින් රුවන්වැලි සෑ මළුවේදීත්, සිරිමාබෝ මළුවේදීත් සත්‍යක්‍රියා පූජා පවත්වන ලදහ.

අදාළ බලධාරීන්ට ලිපි ලියමින්, ජනතාව දැනුවත් කිරීමේ දේශන පවත්වමින් උන්වහන්සේ තමන්ට හැකි උපරිම ආකාරයෙන් ඒ අරමුණු වෙනුවෙන් ක්‍රියා කළහ. අවසානයේ උන්වහන්සේ අදහස්‌ කරන්නට ඇත්තේ තම ජීවිතය පූජා කිරීමෙන් හෝ අදාළ අංශවල අවධානය දිනාගෙන නියමිත අරමුණු ඉටුකරවා ගැනීම යි.

ඒ සඳහා අවසාන වශයෙන් ලියා ඇති ලිපියේ මෙසේ සඳහන් කර ඇත.

” දළදා වහන්සේට නමස්‌කාර වේවා

ලොව්තුරා බුදු හාමුදුරුවන්ගේ අසූ දෙදහසක්‌ ධර්මස්‌කන්ධය ස්‌පර්ෂ වූ අති පාරිශූද්ධ දළදා හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි… පූජා වේවා….. ¾

මේ ධර්මද්වීපයේ ගව ඝාතනය නතර වේවා…

ත්‍රස්‌තවාදය තුරන් වේවා…

බලහත්කාරයෙන් ආගම්වලට හරවා ගැනීමට එරෙහි පනත පාර්ලිමේන්තුවේදී සම්මත වේවා…

බහු ජාතික බහු ආගමික සර්ව ආගමික බුදු දහම විනාශ කරන පූට්‌ටු නැති වේවා….

බෞද්ධ රටට ගැළපෙන ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය වේවා…”

මේ ලිපියේ ප්‍රදශර්නය වන්නේ තරහ ක්‍රෝධය නොවේ. අවසානයේ උන්වහන්සේ කරන කතා බහේදීත්, තම සිරුරට පෙට්‍රල් වත්කර ගන්නා අවස්‌ථාවේදීත් තරහක්‌ වෛරයක්‌ ඒ මුහුණේ දිස්‌වන්නේ නැත. මම ජීවිතය පූජා කරනවා යනුවෙන් පවසන්නේ සිනහ මුසු මුහුණෙන් යුතුව යි.

තමා විසින් ම ගිනිතබා ගත් අවස්‌ථාවේ ප්‍රදරශ¨නය වන්නේ ඇදහිය නොහෙන තරම් ආත්ම ශක්‌තියකි. ගිනි ජාලාව සමග ඇවිද යන උන්වහන්සේ තම පරමාර්ථය අරමුණු කරගත් වචන තෙපළති.

සිය සිරුර ගින්නෙන් දැවී යද්දීත් ඒ දරුණු වේදනාවට වඩා වැඩි අධිෂ්ඨානයක්‌ සිත්හි උපදවා ගන්නා උන්වහන්සේ දිගින් දිගටම පැහැදිළිව වචන උච්ඡාරණය කරමින් හ`ඩ නගති.

ජීවිත හානිකර ගැනීමකදී හෙවත් සියදිවි තොරකර ගැනීමකදී මෙබඳු තත්වයක්‌ දක්‌නට ලැබෙන්නේ නැත. ප්‍රධාන කරුණ වන්නේ එබඳු ක්‍රියාවන්ට හේතුවන වෛරයක්‌ ක්‍රෝධයක්‌ කිසිසේත් ඉන්දරතන හිමිගෙන් ප්‍රදශර්නය නොවීමයි.

මනෝවිද්‍යාත්මක විග්‍රහයන්ට අනුව පෙනී යන්නේ සාමාන්‍ය දිවි හානිකර ගැනීමකදී දක්‌නට ලැබෙන කරුණු මෙහිදී දක්‌නට නොලැබෙන බව ය. සියදිවි හානිකරගන්නා අයෙකු මියයන්නේ පශ්චාත්තාපයෙනි. දිවි තොර කරගැනීමට පාලමෙන් ග`ගට පනින තැනැත්තා දියඔත් පාලමක්‌ අතරදි තම ක්‍රියාව ගැන පසුතැවීමට පටන් ගනී. දියට වැටුනු තැන් පටන් ඔහු හෝ ඇය උත්සාහ ගන්නේ ජීවිතය රැක ගැනීමට යි. වසපානය ආදි උපක්‍රම අනුගමනය කරන හැම දෙනාම ජීවිතය ඉල්ලා හ`ඩන්නේත්, තමා බේරාගන්නා ලෙස අයෑද සිටින්නේත්, හ`ඩන්නේත් ඒ චිත්ත පෙරළිය නිසයි.

නමුත් ඉන්දරතන හිමිගෙන් එබඳු ප්‍රතික්‍රියා දක්‌නට ලැබෙන්නේ නැත. ගිනිගනිද්දීත් නොවැටී සිටින උන්වහන්සේ, ගින්න නිවා ගැනීමට බිම පෙරළෙන්නේ නැත. අවට සිටින අයගෙන් උදව් ඉල්ලන්නේ නැත. අවසානයේ වතුර ගසා ගින්න නිවා දමනවිටත් නොසැලී නැගිටගෙනම සිටින උන්වහන්සේ තම ක්‍රියාව ගැන පසුතැවෙන්නේ නැත. ගිලන් රිය තුළ රැගෙන යන අවස්‌ථාවේත්, කතා කිරීමට හැකියාව තිබූ අවසන් තත්පරය දක්‌වාත්, උන්වහන්සේ මුමුණමින් සිටියේ උද්යෝගීමත් ඉල්ලීම ගැනම යි. අනේ අනේ කීමක්‌ හෝ අමාරුයි කියා කීමක්‌ හෝ අසන්නට නොලැබිණ. මේ කරුණු අනුව පෙනී යන්නේ ඉන්දරතන හිමිගේ නොසැලෙන ආත්ම ශක්‌තිය යි. දෘඪතර අධිෂ්ඨානය යි.

‘හොඳ හෝ නරක කර්මය තීරණය කළ යුත්තේ එයට මුල්වන ෙච්තනාව අනුවය’ යන බුදු වදන විශ්වාස කරනවානම් පෙනී යන සත්‍යය වන්නේ ඉන්දරතන හිමිගේ ක්‍රියාවට මුල්වන ෙච්තනාව හොඳ එකක්‌ වන හෙයින් ඒ ක්‍රියාව නරක පාපි කරම¨යක්‌ නොවන බව ය.

ජීවිතය නැතිකර ගැනීම බැලූ බැල්මට වරදක්‌ බව පෙනීයන නමුත් යම් යම් හොඳ ෙච්තනා යටතේ පවා ජීවිත නැති කරගත් අවස්‌ථා පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් ය. ගෝධික හිමියන්, ඡන්න හිමියන්, මෙන්ම වක්‌කලී හිමියන් ද එසේ හොඳ ෙච්තනා පූර්කව සියදිවි හානිකර ගත් බුද්ධ කාලීන ශ්‍රාවකයන් වහන්සේලා ය. උන්වහන්සේලා සිය ගෙල සිඳ ගැනීsමෙන් ඇතිවූ දරුණු වේදනාව අරභයා විදර්ශනා වඩමින් රහත්භාවයට පත්වූ උතුමෝ ය. බුදුරදුන් අනුදකින්නේ ඒ ක්‍රියාවන්හි ලා පාපයක්‌ සිදු නොවූ බව ය.

අප බෝධිසත්වයන් වහන්සේ සස ජාතකයේදීත්, දහම්සො`ඩ ජාතකයේදී ජීවිත නැති කරගන්නේ හොඳ ෙච්තනා සහිතව ය. ඒවා ජීවිත පරිත්‍යාග මිස ජීවිත හානි නොවේ. සිරිස`ගබෝ රජතුමා ද එසේ ම අනුන්ගේ යහපත පිණිස ජීවිත දානය කළ උතුමෙකි.

මෑත යුගයේ 1960 දී වියට්‌නාමයේ ක්‌වාංඩක්‌ හිමිපාණන් සිය සිරුරට ගිනිතබා ගන්නේ ද එබඳු උතුම් ප්‍රාර්ථනාවක්‌ මුල්කරගෙන ය. ඇමරිකන් අධිරාජ්‍ය ආක්‍රමණයට එරෙහිව ඒ කරන ලද ජීවිත පූජාව මගින් ලෝකයාගේ ඇස්‌ ඇරින. අදත් ටිබෙට්‌ ජාතික ගිහි පැවිදි විශාල පිරිසක්‌ ටිබෙට්‌ රටේ නිදහස වෙනුවෙන් ජීවිත හරණය කරති. ඒවා සියදිවි හානිකර ගැනීම නැමැති පවිටු ක්‍රියා ගනයට නොවැටෙයි. ඒවා ජීවිත පූජාවන් මිස වෙනකක්‌ නොවේ.

ඉන්දරතන හිමියන්ගේ ජීවිත පරිත්‍යාගයද බෝධිසත්ව ක්‍රියාවකි. අප කළ යුත්තේ උන්වහන්සේ කළ ඒ උදාර පරිත්‍යාගයේ වටිනාකම අවබෝධ කර ගැනීමයි. ඇ`ගිල්ලක්‌ දිගුකර පෙන්වන විට බැලිය යුත්තේ ඇ`ගිල්ල දෙස නොව ඇ`ගිල්ල දිගු වී ඇති දිසාව දෙස ය.

අවසාන වශයෙන් සිහිපත් කළ යුත්තේ පංචතන්ත්‍රය නමැති පොතේ එන, ‘උදීරතෝර්ථං පශුනාපි ගෘහ්‍යතේ’ යන ශ්ලෝකය යි. එයින් දැක්‌වෙන්නේ ”කියන දේ ගවයාට ද, ඇතාට ද, අශ්වයාට ද වැටහේ. එහෙත් බුද්ධමතාගේ විශේෂත්වය නම් අනුන් දක්‌වන ඉ`ගිය පවා මැනවින් තේරුම් ගැනීම යි.” අවාසනාවේ ගතිලක්‍ෂණය නම්, ඉන්දරතන හිමියන් තම ජීවිත කුසුම පූජා කරමින් දක්‌වා ලු ඉ`ගිය තබා, උන්වහන්සේගේ හ`ඩ හෝ ලියා තැබූ වචනවත් මේ රටේ බොහෝ දෙනාට නොතේරීම යි. එය සමස්‌ත ජාතියේම අවාසනාවට හේතුවකි. නොදන්නා මෝඩයාට කෙළ මෝලෙන් ඇණලා කීවත් තේරෙන්නේ නැත යන කීමේ යථාර්ථය එය යි.

Protected by Security by CleanTalk