Spread the News

ඉන්දියාවට එරෙහිව නඟන මානව
හිමිකම් චෝදනා හෙළා දකිනවා
– ඉන්දීය රජය නිවේදනයක්‌ නිකුත් කරමින් කියයි source:

ඉන්දියාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් මහා පරිමාණයෙන් සිදුවන බවට කෙරෙන විවේචන දැඩි ලෙස හෙළා දකිමින් ඉන්දීය රජය නිවේදනයක්‌ නිකුත් කර ඇත.

ඉන්දීය රජයට එරෙහිව එවැනි චෝදනා එල්ල කරන්නේ විදේශ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන හා අන්තවාදී මත දරන සංවිධාන විසින් බවත් එමගින් ඉන්දියාවේ නිදහසට හා ස්‌වාධීනත්වයට බලපෑම් කිරීමට උත්සාහයක යෙදී සිටින බවත් මානව හිමිකම් කවුන්සලයේ රැස්‌වීම් පැවැත්වෙන අතර නිකුත් කරන ලද එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

රාජ්‍ය නොවන සංවිධානවලට උදව් කරන විදේශ බලවේග, ඉන්දියාව එම නිවේදනය මගින් හෙළාදැක ඇත.