ඉන්දීය කොවිඩ් එන්නත 27දා දිවයිනට ලැබෙනවා – ජනපති පවසයි

Spread the News

p1 25 7ලසිත දුමින්ද

කොවිඞ් 19 රෝගයට ඉන්දියාව නිෂ්පාදනය කළ එන්නත ලබන 27 වැනිදා ඉන්දියාවේ සිට දිවයිනට රැුගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

අදාළ එන්නත නොමිලේ ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළකර ඇති බවත් ජනාධිපතිවරයා කීවේය. හෙතෙම මේ බැව් පැවසුවේ කළුතර දිස්ත‍්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් යට්ටපාත ග‍්‍රාමයේ පෙරේදා (23 වැනිදා) පැවති ගම සමඟ පිළිසඳර වැඩසටහනට එක්වෙමිනි. එන්නත මෙරටට රැගෙන ඒමෙන් පසුව පසුදිනම සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත එන්නත් කිරීම ආරම්භ කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එසේම අප රටට අවශ්‍ය එන්නත් ප‍්‍රමාණය කඩිනමින් ගෙන්වා ගැනීමට ඉන්දියාව, චීනය සහ රුසියාව සමග දැනටමත් සාකච්ඡුා කර ඇති බවත්, ඒ සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.