ඉන්දීය සාම සාධක හමුදාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා

Spread the News

තමිල්නාඩුවේ සිටින ඊළාම් බෙදුම්වාදීන්
ගැන ඉන්දියාව අවධානය යොමු කළ යුතුයි

ඉන්දීය සාම සාධක හමුදාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා

කීර්ති වර්ණකුලසූරිය source:

තමිල්නාඩුව තුළ රැකවරණ ලබා සිටින ඊළාම් බෙදුම්වාදීන් පිළිබඳව තොරතුරු ගැන ඉන්දියාව බරපතළ ලෙස අවධානය යොමු කළ යුතු යයි ඉන්දීය සාම හමුදාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා වූ කර්නල් හරිහරන් කියා සිටියි.

ඒ සඳහා ජයලලිතාගේ සහය ලබාගතයුතු බව ද ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන ඇතැම් පාර්ශ්වයන්ට තමිල්නාඩුවේ ඇතැම් පක්‍ෂ සහාය දක්‌වන බව දන්වන කර්නල් හරිහරන් බෙදුම්වාදය යළි ඇති නොවීම සඳහා ක්‍රියා කළ යුතු බව ද පවසයි.

ජයලලිතා මැතිවරණයෙන් ජය ලැබුවේ ශ්‍රී ලංකාවට එල්ලවූ යුද අපරාධ චෝදනා පෙන්නුම් කිරීමෙන්. 2014 දී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ඇය ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ප්‍රශ්නය ඉදිරියට යොමු කිරිමට උත්සාහ කරනවා යයි හෙතෙම තවදුරටත් දන්වා ඇත.