බිම නිදිවදින විට

දැය කොරගසන විට

කිම බුදු වදන්

කරකියා ගත නොහෙන තැනකට.

ගනු පුත…….

ගනු දූ……….

එනු පෙරට පළමුව

බිමෙහි නිද්‍රාව සිඳින්නට

දැයෙහි කොරය නසන්නට.

කියමු ඊට පසු

ලොව්තුරු දහම.

වහන්ස !

බිම මුනින්තලා වූ දින

දැය වල්මත් වූ කලෙක

පිබිදුණි නුඹ වහන්සේ ලා වන්

රන් රුවන් මේ දෙරණ මත.

අමතකය අසරණයි

ඉදිරියේ නුඹලා ගේ අනුපමේය මෙහෙය.

ජාතී ජාතීත් පතමි මම

හද පත්ලෙන් නැඟෙන අප්‍රමාන එඩියෙන්

දෝවන්නට නිබඳව හිඳිමි දිනෙක

ඒ මහා නුඹ පා කමල් යුග.

ස්තුතියි !  

වෛද්‍ය ධම්මික විජේරත්න.

Protected by Security by CleanTalk