සියලු සංස්කාරයෝ නැසෙන සුළු බව සම්බුදුරදාණෝ වදාරන ලදහ.
1897 දී ලංකාද්වීපයේ මුහුදු බඩ පළාත් අල්ලා ගත් මහා බ්‍රිතාන්‍යයෝ 1815 මාර්තු 02 වෙනි දින (හෝ ආසන්න දිනයක) ජෝන් ඩොයිලි විසින් සකසන ලද “උඩරට ගිවිසුම” නම් අනීතික කූට ලියවිල්ල මගින් ලංකා භූමිය ම තම පාලනයට නතු කර ගත්හ. මෙරට පාලනයට කිසිදු හිමි කමක් නැති බ්‍රිතාන්‍යයෝ එදවස පටන් සම්බුදුරදුන්ගේ ශාසනයට පටහැනි ලෙස මෙරට පාලන බලය හැසිර වූහ. “ඉර නොබසින අධිරාජ්‍ය” යනුවෙන් හැදින්වූ මහා බ්‍රිතාන්‍යයට, අවසානයේ ඉරු බසින තැනට පත් විය.
උඩරට ගිවිසුමේ 2 වෙනි සහ 3 වෙනි වගන්තිවලින් ලක් කිරුළේ උරුම කරුවන්ට සහ ලක් කිරුළට උරුම අයිතිආසිකම් ඇති ඥාති හෝ උරුම ගෝත්‍රවලට ලංකා භුමියේ ජීවත් විම සහ ඇතුල් වීම වළක්වා එංගලන්ත රජ කුලය පමණක් බබළවා සිටීමට කටයුතු කළහ. අවසානයේ වූයේ කුමක් ද? ඉරු නො බසින අධිරාජ්‍යය පල්ලම් බැස්සේ ය. අද වන විට එකී රජ පවුල පොල්කට්ටක පමණට ලඝු විය. ලංකා රාජ්‍යය, භූමියෙන් කුඩා බව සැබෑ ය. ඒත් අධ්‍යාත්මයෙන් මහත් විශාල ය. සම්බුදු රදුන්ට මේ ලංකා භූමිය පූජා වී තිබීම ත් සම්බුද්ධ ශාසනය මේ ලක් දෙරණේ පිහිටීම ත් නිසා ය. මේ ලංකා භූමිය කෑලි කඩා පාලන ඒකක සෑදීමට, කැසකවන සහ එයට අනුබල දෙන ලොකු කුඩා සැමට දැන ගැනීමට, නිතර සිහි එළවා ගැනීමට සුදුසු කියමනක් ඇත. එනම්;- “දෙවියන් පා තැබීමට බිය වන තැන්හි මෝඩයෝ පිනුම් ගසති” යනුවෙනි.
ආරියතිලක
2024.05.20