Spread the News

ඉරාන පාර්ලිමේන්තුවට
ත්‍රස්‌තයන් ආවේ බුර්කා ඇඳගෙන

Related image

කීර්ති වර්ණකුලසූරිය

අයිසීස්‌ ත්‍රස්‌ත කණ්‌ඩායම ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉරාක පාර්ලිමේන්තුවට ඇතුළුවී ඇත්තේ මුස්‌ලිම් කාන්තාවන් පළඳින බුර්කා ඇඳුමින් සැරසී බව ඉරාන නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු ඇමැති මොහොමඩ් හුසේන් විසින් හෙළිකර ඇත.

මෙම ත්‍රස්‌තයන්ගෙන් එක්‌ අයෙක්‌ පාර්ලිමේන්තුව තුළදී සිය බෝම්බ කබාය පුපුරුවා ගෙන තිබේ.

මෙම ප්‍රහාරයේදී 13 ක්‌ මියගිය බව ඉරාන රජය පවසා ඇතත් ඔවුන් අතර මන්ත්‍රීවරුන් සිටියේද යන්න පිළිබඳව හෙළිවී නැත.

අයිසීස්‌ ත්‍රස්‌ත ප්‍රහාරකයන් සිව් දෙනාම ආරක්‍ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් මරුමුවට පත්වී තිබේ.

ඉරාන පාර්ලිමේන්තුව තුළද ත්‍රස්‌තයන් වෙඩි ප්‍රහාර එල්ල කර ඇත.

මේ අතර තවත් ත්‍රස්‌ත ප්‍රහාරයකට සූදානම්ව සිටි අයිසීස්‌ ත්‍රස්‌තයන් පස්‌ දෙනකු ඉරාන බුද්ධි සේවා මගින් අත්අඩංගුවට ගෙන ඇත.